Anonymous Reporter

ජෝනීගේ බදු වංචාව ගැන ජනපති නියමයෙන් පරික්ෂණයක්! වයඹ අරක්කු පටන් ගන්න අලිරාජාත් මිලියන 150ක් දිලා!

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගම බදු වංචා කරමින් නියමිත ක්‍රියා පටිපාටියට පිටින් යමින් විවෘත කිරිමට අවසරදිම සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර තිබේන බව වාර්තා වේ.වයඹ ඩිස්‌ටලරීස්‌ සදහා අවසර ලබාදිමට අගමැතිවරයා බලපෑම් කල බවට විවිධ වාර්තා පලවුවද එහි සත්‍ය තාවක් නොමැති බව අගමැතිවරයා විසින් පැවසිමත් සමග මෙම විශේෂ පරික්ෂණය ආරම්භ වි තිබේ.

කාලයක් පුරාවටම රජයට හිමිවිය යුතු ආදායම් බදුනොගවීම නිසාම සුරාබදු දෙපාර්තමේන්තුව එම බලපත්‍රය අත්හිටවන ලද බවත්, පසුව ඉහලින් ආ නියෝගයක් මත වහාම එකී බලපත්‍රය ලබාදී ඇති බවත්, ඒ අනුව රටේ ජනතාවට හිමිවීමට තිබු රුපියල් කෝටි 100 කට අධික මුදලක් අහිමි වී ඇති බවත් පසුගිය දින් කිහිපයේම වාර්තා වුනා.

අමාත්‍යවරයාගේ දැඩි බලපෑම මත රජයට අයවිය යුතු බදු මුදල් සතයක් හෝ පියවිමකින් තොරව මෙම බලපත්‍රය යලි ලබාදීමට කටයුතු කර තිබේන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.

සුරා බදු කොමසාරිස්වරයාට කලයක සිටම වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ බලපත්‍රය නිදහස් කරන ලෙසට බලපෑම් සිදුකල බවත් පසුගිය දින කිහිපය තුල එම බලපෑම් උග්‍ර වු අතර ඒ අනුව කොමසාරිස්වරයා බලපත්‍රය යලි නිකුත් කිරිමට කටයුතු කර තිබේන බවයි එම අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පවුලේ ව්‍යාපාරයක් වන වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ බලපත්‍රය 2015 වසරේ මැයි මාසයේ අහෝසි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුනා.ඒ අනුව සුරා බදු සම්බන්ධ නීති රීති කඩකිරීම නිසා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් වයඹ අරක්කු නිෂ්පාදන ආයතනයට අයත් බලපත්‍ර තුනක් අත්හිටවු අතර එම ආයතනයට චෝදනා 11ක් චෝදනා පත්‍රයක් භාර දී තිබුනා.මිට අමතරව දෙමටගොඩ ව්‍යාපාරික ස්‌ථානයක ලොරි හතරක ගබඩා කර තිබූ අරක්‌කු බෝතල් 68,000 ක පමණ ප්‍රමාණයක්‌ අත්අඩංගුවට ගැනීමෙන් පසු එම මත්පැන් බෝතල් වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමට අයත් බව හෙළිවිණි. ඒ අනුව එම සමාගමටද මීට පෙර සීල් තබා තිබුණි.

එ ඔහුට අයත් නරිතා ට්‍රේඩින් කොම්පැණි නම් වාහන අමතර කොටස් ගබඩා කරන ආයතනයේ තිබී මෙම මත්පැන් තොගය අත්අඩංගුවට ගනු ලැබ ඇත අතර රටපුරා තිබෙන 107කට අධික ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාට අයත් සුරාසැල් වෙත නීති විරෝධීව ප්‍රවාහනයට සූදානම් කර තිබූ ඒවා බවද හෙළි වුනා.

මැඩිල්ලේ හිමිගේ අනාවරණය…..

කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් සාමාන්‍ය ජනතාව ආහාර හිඟයකින් පෙළෙන අතරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට බදු සහනයක් ද සමග වයඹ ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ බලපත්‍රය ආපසු ලබාදී ඇති බව සිංහලේ ව්‍යාපාරයේ නිර්මාතෘ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ද පසුගියදා අනාවරණය කළා.

රුපියල් කෝටි සිය ගණනක සුරාබදු ගෙවීම පැහැර හැරීම නිසා 2015 වසරේදී මෙම වයඹ ඩිස්ටිලරීස් සමාගමේ මත්පැන් නිෂ්පාදන කටයුතු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් තහනම් කර තිබුණු අතර ආණ්ඩු පෙරළියත් සමග ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිය දේශපාලන බලය උපයෝගී

කරගෙන යළි එය විවෘත කිරීම සඳහා 2020 නොවැම්බර් 16 වනදා සිට අවසර ලබාගෙන ඇති බවයි උන්වහන්සේ සදහන් කළේ.සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝදරගම සමඟ පැවති දුරකථන සංවාදයක හඬපටයක් ද මාධ්‍ය වෙත අනාවරණය කිරිමට උන්වහන්සේ කටයුතු කර තිබුනා.පසුගිය 22 දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි කියා ගත් පිරිසක් සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ව්හාරස්ථානයට කඩා වැදි උන්වහන්සේ බිය වැද්දිමටද කටයුතු කර තිබුනා.

වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමට ගැලු අලිරාජාගේ සල්ලී…

වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගම බදු වංචා කරමින් නැවත විවෘත කිරිම සදහා අවශ්‍ය මුලික ප්‍රාග්ධන ලබාදිමට කටයුතු කර ඇත්තේ දෙමළ ඩයස්පෝරාවේ මුදල් හැසිරුවු පාස්කු ප්‍රහාරය සදහා මුස්ලිම් අන්තවාදීන් හට මුදල් දුන් බවටද චොදනා එල්ල වි සිටින සුභාෂ්කරන් අලිරාජා වන අතර ඔහු විසින් මිලියන 150ක මුදලක් ලබාදීමට කටයුතුකර ඇති බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

අදාළ මුදල් සුභාෂ්කරන් අලිරාජාගේ සමීපතමයෙකු වන විදුෂාන් නැමැත්තා හරහා ලබාදිමට කටයුතු කර ඇති අතර ඔහු මේ වනවිටත් වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස නම්කර තිබේ.විදුෂාන් කාලයක් ලන්ඩනයේ උසස් අධ්‍යාපණය හැදෑරූ අයෙකු වන අතර ඒ අතර තුර කාලයේ ලන්ඩනයේ පිහිටි අලිරාජාට අයත් ආයතනය සේවය කර තිබේ

බාස්කරන් විසින් EBC මාධ්ය ජාලය ස්වර්ණවාහිනී, ශ්‍රී FM, E FM, රන් FM, E TV මිලදි ගත් අතර Sky Media Network (සිත FM, RED FM, 99.5/99.7), MGMR Media Nerwork (You TV, යාත්‍රා FM) ආයතන සහ සහ TV i රූපවාහිනී නාලිකාව මිලදී ගෙන ඇති බවට විශ්වාසදායී ආරංචි මාර්ග මගින් තොරතුරු වාර්තා වේ.අදාල මාධ්‍ය ආයතන Ben Holdings සමාගම හරහා මිළදිගෙන ඇති අතර Ben Holdings අලිරාජා සුභාෂ්කරන්ට අයත් විශාල සමාගමකි.

ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් Vfm නාලිකාවද මිළදි ගැනිමට අලිරාජා කැමැත්ත පලකර ඇති අතර එම කැමත්තේ සංතෝෂමක් ලෙස මෙම මුදල් ලබාදිමට කටයුතු කර ඇති බවයි අනාවරණය වි ඇත්තේ.

සුරාබදු නිළධාරින්ගේ හමුවට ජොනී ආ හැටි…

ඔක්තෝබර් 30 වැනිදා සුරාබදු නිළධාරීන් සමග හදිසි හමුවක් කැදවිමට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කටයුතු කර තිබු අතර එහි මහින්දට පසුව ප්‍රධානත්වය ගෙන කටයුතු කරනු ලැබුවේද ජොනීය. වයඹ ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ බලපත්‍රය නිකුත් කරන ලෙස ජොනී බොදරගමට බලපෑම් කර සිටි අතර ජනපතිගේ හෝ අගමැතිගේ උදහසට ලක්වේ යැයි බියෙන් බලපත්‍ර නිකුත් කිරිම පමා වෙමින් තිබුනා.

පසුව අදල හමුව අවසානයේ මහින්ද ඉදිරියේම ජොනී පවසා ඇත්තේ “අර වයඹ වැඩේ ඉවරයක් කරන්න ” යනුවෙනි.එයට මහින්ද ද සිනාසෙමින් හිස වැනු බවයි සුරාබදු කොමසාරිස් බොදරගම තමන් යටතේ කටයුතු කරන නිළධාරින්ට සදහන් කර ඇත්තේ. ඒ අනුව පසුගිය 16 වැනිදා වයඹ ඩිස්ටිලරීස් සමාගමේ මත්පැන් නිෂ්පාදන ආරම්භ කිරිමට අවසර දි තිබේ.

Top