Breaking
23 Jan 2025, Thu

‍ජෝර්දාන ග‍ඟේ බටහිර ඉවුරේ නව නිවාස 3,426 කට ඊශ්‍රායලයේ අනුමැතිය

ඊශ්‍රායලය විසින් අත්පත් කර ගැනුණු ජෝර්දාන ග‍ඟේ බටහිර ඉවුරේ පදිංචි කෙරෙන ජනතාව වෙනුවෙන් නව නිවාස 3426 ක් ඉදිකිරීමට ඊශ්‍රායලයේ ඉහළම සැලසුම් කවුන්සිලයේ අනුමැතිය හිමිවෙයි. ඊයේ (6) මෙම අනුමැතිය ලබා දී ඇතැයි එරට බලධාරීහු පවසති.

ඊශ්‍රායල මුදල් අමාත්‍ය Bezalel Smotrich මහතා වෙනුවට නිකුත් කෙරුණු නිවේදනයක දැක්වෙන්නේ පසුගිය මාර්තු මාසයේ සිට ඊශ්‍රායලය නව නිවාස ඒකක 18,515ක් අනුමත කර ඇති බවයි. එම ජනාවාසවල ප්‍රවාහන යටිතල පහසුකම්, රැකියා සහ ජීවන තත්ත්වය සංවර්ධනය සඳහා රජය පුළුල් ආයෝජනයක් කර ඇති බව ද අමාත්‍යවරයා පවසා ඇත.

මෙම ජනාවාස නීති විරෝධී සහ සාමයට විශාල බාධාවක් වනු ඇතැයි යන්න ජාත්‍යන්තර ප්‍රජාවේ බහුතර මතය වී තිබේ. ඊට හේතුව පලස්තීනුවන් තම අනාගත රාජ්‍යය ගොඩනැගීමට අපේක්ෂා කරන ප්‍රදේශය බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලමේ පිහිටා ඇති බැවිනි.