Breaking
22 Feb 2025, Sat

ටක්කෙටම කියනවා … 2017 ජනවාරි 28න් පසුව මේ රට වෙනස් වෙනවා…

හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අලුත් පක්‍ෂයක් ගොඩනැඟෙන බවට බොහෝ කතා බහ තිබෙනවා. ජේ‍යාතිෂ අතින් ඔබ මෙය දකින්නේ කොහොමද? මේ වෙලාවේ පවතින රජයට විරුද්ධව බලවේගයක් ගොඩනැඟෙන

බව ග්‍රහ තත්ත්වයන් අනුව පෙනී යනවා. බ්‍රහස්පති ග්‍රහයා පසුගිය අගෝස්තු 11 වැනි බ්‍රහස්පතින්දා කන්‍යා රාශියට පැමිණියා. එසේම ශ්‍රී ලංකා කුම්භ ලග්නයෙන් විරුද්ධ පක්ෂය ගැන කියන 4 වැන්න වන වෘෂභ රාශියට අධිපති සිකුරු ග්‍රහයා තුලා රාශියේ මේ මොහොතේ ස්වක්‍ෂේත්‍රව සහ මූල ත්‍රිකෝණ බලයෙන් බලගතුව ඉන්නවා.

මේ ග්‍රහ තත්ත්වය සහ අනෙකුත් ග්‍රහයන්ගේ බලගතු වීම හේතු කොටගෙන රජයට විරුද්ධ බලවේගයක් යම් පක්ෂයක් ආරම්භ වන බවත් පෙනී යනවා. මේ මොහොතේ තවත් අමුතු දෙයක් සිදුවෙලා තියෙනවා.

මොකක්ද ඒ අමුතු දෙය…?

ay1010101මහින්ද රාජපක්ෂ මහතාගේ උප්පත්ති ග්‍රහ තත්ත්වයට බොහෝ සෙයින් සමාන වන ආකාරයට ග්‍රහ තත්ත්වයක් යෙදී තිබෙනවා. යුද්ධය අවසන් කළ රාජ්‍ය නායකයා ලෙසින් එතුමාට පැවැති බලගතුම ග්‍රහ යෝගය වන්නේ ‘චන්ද්‍ර අධි’ ග්‍රහයෝගයයි.

මේ ‘චන්ද්‍ර අධි’ ග්‍රහයෝගය එතුමාගේ ජන්ම පත්‍රයේ යෙදී තිබුණේ උප්පත්තියෙන් චන්ද්‍රයා සිටි තැනින් 6, 7, 8 යන ස්ථානවල සුබ ග්‍රහයන් සිටීම අනුවයි. එයින් වඩාත් බලගතු වුණේ චන්ද්‍රයාගෙන් 6 වැන්නේ එතුමාගේ ලග්නය වන කන්‍යා රාශියේ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා දිග්බලයෙන්ද, ලක්ෂයක් දෝෂ භංග කරන ග්‍රහ යෙදුමක්ද යෙදී තිබුණු බැවිනුයි.

මේ ග්‍රහ යෙදුම පසුගිය අගෝස්තු 11 වැනි ගුරු දින ගුරු ග්‍රහයාගේ නව ලග්නයට පැමිණීමත් සමඟ යෙදුණා. එය එතුමාට යම් ප්‍රමාණයකට සුබදායක ග්‍රහ යෙදුමක්. මේ අනුව 2015 ජනවාරි 8 වැනිදායින් පසු එතුමාට සුබදායක ග්‍රහ යෙදුමක් උදාවෙලා තියෙනවා.

අලුත් පක්ෂයක් ආරම්භ කරනකොට ජේ‍යාතිෂයට අනුව සලකා බලන්නේ මොනවාද? එකම පුද්ගලයකුගේ ග්‍රහ තත්ත්වයන් පමණක් සෑහෙනවද?

පක්ෂයක් ආරම්භ කරන විට අපි වෙන සුබ මුහුර්තීත් හදන ආකාරයට මඳක් වෙනස් ග්‍රහ තත්ත්වයන් ගැන තමයි සොයා බලන්නේ. පළමු කොටම පක්ෂයේ නායකත්වය දරන පුද්ගලයාගේ උප්පත්ති ග්‍රහ වකවානුවට සුබ ග්‍රහ තත්ත්වයන් තිබිය යුතුමයි. ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුත්තේ ඒ පිළිබඳවයි.

ඒ වගේම පක්ෂයක් ආරම්භ කළාම ඒ පක්ෂයේ ප්‍රගතියක් ඇති වෙන්නේ ජනතාවගේ ආකර්ෂණය පක්ෂයට ලැබුණොත් තමයි. ඒ නිසා අනෙකුත් සියලු ග්‍රහයන්ද බලගතු වෙලාවක තමයි පක්ෂයක් ආරම්භ කිරීම සිදු කළ යුතු වන්නේ.

මෙවැනි මුහුර්තයන් සෑදීම මීට පෙර සිදුවුණේ ඔබ අතින් නේද?

මීට කලින් නම් එතුමාගේ ජීවිතයේ දශක තුනකට වැඩි කාලයක් පුරාවටම එතුමාගේ සියලු ජේ‍යාතිෂ වැඩකටයුතු මා වෙතින් තමයි සිදුවුණේ.

අලුතෙන් හදන පක්ෂයට ඉන්දියාවේ ජේ‍යාතිෂවේදීන්ගෙන් උපදෙස් පතා ඇති බවට පුවත් පළවී තිබුණා?

2015 ජනවාරි 8 වැනි දින පැවැති ජනාධිපතිවරණ වෙලාවෙදීත් එතුමලා ඉන්දියා ජේ‍යාතිෂ උපදෙස් ගන්න ගිහින් තමයි වැඩකටයුතු අවුල් වුණේ. ප්‍රමාද වී හෝ ඒ ගැන පවසන්නට හැකිවීම මට සතුටක්.

පසුගිය ජනාධිපතිවරණයේදී එතුමා ඉන්දියාවෙන් සහ තවත් විවිධ ජේ‍යාතිෂවේදීන්ගෙන් උපදෙස් ගන්න ගිහින් තමයි සියල්ල අවුල් කර ගත්තේ. 1996 වසරේ ඉන්දියාවේ ලෝක් සභා මැතිවරණයේදී වර්තමානයේ බලයට පත්ව සිටින භාරතීය ජනතා පක්ෂය ප්‍රථම වරට මැතිවරණයෙන් ජය ගන්නා බව එඩිතරවම ඉන්දියාවේ සිටම ප්‍රකාශ කළේ මමයි.

මේ අලුත් පක්ෂය ගැන මහින්ද මහත්මයා ඔබෙන් යම් ජේ‍යාතිෂ උපදෙසක් ඉල්ලුවොත් දෙනවාද?

ඇත්තෙන්ම එතුමා දශක තුනක පැවැති යුද්ධය අවසන් කරන මොහොතේත් යම් යම් ජේ‍යාතිෂ උපදෙස් දුන්නේ මම තමයි. එතුමා ඒ වෙලාවේ වෙනස් ජේ‍යාතිෂ උපදෙස් ගත්තේ නෑ.

නමුත් යුද්ධය අවසන් වීමෙන් පසු එතුමාට ජේ‍යාතිෂ උපදේශකවරු වැඩි වුණා. මගේ ජීවිත කාලයෙන් භාගයක් එතුමත් එක්ක කටයුතු කරලා තියෙනවා. ඕනෑම උපදෙසක් ලබා දීමට මම සතුටින් බලා සිටිනවා.

මමත් නමක් දුන්නා: අලුත් පක්ෂෙ එන්නෙ 2017 ජනවාරිවලින් පස්සේ ප්‍රවීණ ජේ‍යාතිර්වේදී පියසේන රතුවිතාන

මේ වෙලාවේ රටේ පවතින දේශපාලන තත්ත්වය සලකා බලා ජේ‍යාතිෂයට අනුව ලබාදෙන්න පුළුවන් අනාවැකිය කුමක්ද?

එක්සත් ජාතික පක්‍ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලග්න අනුව දශාවන් හා රටේ දේශපාලන නායකයන්ගේ ලග්න අනුව පවතින තත්ත්වයන් මෙහිදී සැලකිල්ලට ගන්නට සිදුවෙනවා. එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවලා අවුරුදු 70ක් වෙනවා. පුවසල නැත්නම් සිකුරු දශාවෙන් තමයි එක්සත් ජාතික පක්‍ෂය උපන්නේ. දැන් එක්සත් ජාතික පක්‍ෂය ගමන් කරන්නේ ශනි මහ දසාවෙ බුධ අසුර.

z_p19-astrological1එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තත්ත්වය කෙසේද?

1951 සැප්තැම්බර් 3 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටෙව්වේ රවිගෙන්. පක්ෂයට දැන් අවුරුදු 65ක් වෙනවා. සෙනසුරු මහ දසාවේ සඳු තමයි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 12 රාශියේ ගමන් කරන්නේ.

ඒකාබද්ධ විපක්‍ෂය අලුත් පක්ෂයක් හදයිද?

තවම පක්‍ෂයක් හෝ සන්ධානයක් ඒකාබද්ධ විපක්‍ෂයේ හදල නැහැ. ඒක නිසා ඒකාබද්ධ විපක්‍ෂය ගැන පැහැදිලි අනාවැකියක් දැන්ම කියන්න බැහැ. නමුත් ඒකාබද්ධ විපක්ෂයට නායකත්වය ලබාදෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කේන්දරේ යළි බලවත් වේගෙන එනවා. ඒක නිසයි ඒකාබද්ධ විපක්‍ෂයට ඉදිරියේදී වැඩි වාසියක් හිමිවෙන්නේ.

නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම ගැන මේ දිනවල කතා වෙනවා. ඔබටත් ආරාධනා කළාද නැකතක් බලන්න?

ඒකාබද්ධ විපක්‍ෂයේ බලවත්ම කිහිපදෙනෙක් නව සන්ධානයට යොදන නම ගැන මගෙන් ඇහුවා.

එහෙම ඇහුවේ කවුද?

මේ වෙලාවේ නම් කියන එක හරි නැහැනේ. මං ඒ අයත් එක්ක නම ගැන සාකච්ඡා කළා.

නව දේශපාලන සන්ධානයේ නම මොකක්ද?

මං නමක් යෝජනා කළා. ඒක දැන් කියන්න බැහැ. කමිටුවකට තමයි මං යෝජනා කළ නම යොමුකළේ. ඒ කමිටුවට තව නම් කිහිපයක්ම ලැබෙන්න ඇති. ඒ කමිටුව තමයි නම ප්‍රසිද්ධ කරන්නේ. ඊට කලින් මම නම කියන එක හරි නැහැ නේද?

මේ නව දේශපාලන සන්ධානය නිර්මාණය වීම කල් යන්නේ ඇයි?

ඒකට යම් හේතුවක් තියෙනවා. මං නම යෝජනා කරලා කිව්වා දැන්ම නව සන්ධානය පිහිටුවන්න එපා කියලා. තව පොඩි කාලයක් යන එක හොඳයි. නව දේශපාලන සන්ධානයක් බිහි කරන්න ඕන සෑම දෙයක් ගැනම අවධානය යොමු කරලා. 2016 වර්ෂය එතරම් හොඳ වර්ෂයක් නොවේ. මේකට කියන්නේ දුර්මුඛ වර්ෂය කියලා. මේ අවුරුද්දේ ආරම්භ කරන දේවල් එතරම් සාර්ථක නැහැ. මේ අවුරුද්ද පන්න ගන්න එක හොඳයි.

මේ තත්ත්වය තව කෙතරම් කාලයක් පවතිනවාද?

2017 වසරේ ජනවාරි 28 වැනිදා වෙනකම් මේ තත්ත්වය පවතිනවා. ඊට පසුව එන්නේ හොඳ කාලයක්. එතකොට නව දේශපාලන සන්ධානය එළිදක්වන්න කියලයි මං උපදෙස් ලබා දුන්නේ.

නව දේශපාලන සන්ධානයේ ලාංඡනය සහ වර්ණය ගැන අවධානය යොමු කළාද? අවධානය යොමුකරලා තියෙනවා. තීරණයක් අරගෙන නැහැ. මොකද නව දේශපාලන සන්ධානය පිහිටුවන දිනය අනුවයි වර්ණය හා ලාංඡනය තෝරාගත යුත්තේ. නව දේශපාලන සන්ධානය පිහිටුවන දිනයට තවම නැකත් බැලුවේ නැහැ. ඒ දිනය 2017 ජනවාරි 28න් පසුව උදාවන දිනයක් වේවි.

අනුර බණ්ඩාර රාජගුරු

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.