Breaking
5 Feb 2025, Wed

ඩුප්ලිකේට් ස්ටිකර් සමග යාපනයට වී.ඒ අරක්කු තොගයක්…. සුරාබදු කොමසාරිස්ටත් ලක්ෂ 75ක් …

සුරාබදු කොමසාරිස්ට මාසිකව රුපියල් ලක්ෂ හැත්තෑපහකට අධික මුදලක් ලබා දී වී.ඒ මත්පැන් බෝතල් ඩුප්ලිකේට් ස්ටිකර්ද සමග යාපනය දිස්ත්‍රික්කය පුරා බෙදාහැරීමට එම සමාගම කටයුතු කර ඇති බව යාපනය අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

VA මත්පැන් සමාගම ආරක්ෂා කරමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මෙම නීති විරෝධී වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනුයේ ලැබෙන සන්තෝෂම් මුදල හේතුවෙනි. මෙරට නිෂ්පාදනය කරන සෑම මත්පැන් බෝතලයකම ආරක්ෂිත ස්ටිකරයක් ඇලවිය යුතුය. එහෙත් ඩුප්ලිකේට් ස්ටිකර් අලවමින් පාදුක්කේ නිපදවන වී.ඒ අරක්කු යාපනය පුරා බෙදාහරින්නේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ අනු දැනුම මත බවයි අනාවරණය වි ඇත්තේ.

ඒ හරහා රටට හිමිවිය යුතු විශාල බදු මුදලක් අහිමි වන අතර මේ දක්වා අවස්ථා ගණනාවකදී මේ අකාරයෙන් සංතෝෂන් ගැනිම හරහා සිදුකර ඇති බදු මුදල් අහිමි කිරිම ගණනය කල නොහැකි බවද වාර්තා වේ.

මේ අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් රෝයල් සහ සිනර්ජී ඩිස්ටලරීස් සමාගම් මගින් මනුෂ්‍ය පරිභෝජයට නොසුදුසු මත් පැන් වෙළඳපොළට නිකුත් කිරීම පිළිබද සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කළ පරීක්ෂණ අතර මග නතරව අති බව වාර්තාවේ. එම මත්පැන් තහනම් කළද රජයේ රස පරීක්ෂකවරයා වෙත මෙතෙක් යොමුකර නොමැත.

මෙම සමාගම් දෙක රුපියල් බිලියන 1500 ක පමන සුරාබදු පොල්ලක් තබා ඇති මොහොතක මෙලෙස මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු මත්පැන් නිපදවීම මවිතයට කරුනකි. ඒ සඳහා සුරාබදු කොමසාරිස් වරයාගේ ආශීර්වාදය හිමිව ඇති බව වෘතීය සමිති පෙන්වා දෙන්නේ. මේ සම්බන්ධයෙන් ඉදිරියේදි වෘත්තීය සමිති නීතිමය ක්‍රියාමාර්ග ගැනිමටද සුදානමක් පවතින බව වාර්තා වේ.

අරක්කු කොම්පැණි පහකින් ’’සුරාවට’’ කෝටි 205ක පොල්ලක්

මත්පැන් නිෂ්පාදන ආයතන 5ක් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 205 කට වැඩි වටිනා විවිධ ගාස්තු ගෙවීම(2020.7.20 දිනට) පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා ) වලදි පසුගියදා අනාවරණය වුනා.

එම කාරක සභාව මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් පසුගියදා කරුණු විමසා සිටි අතර එම ප්‍රධානීන් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් සමාගම් දෙකකට එරෙහිව දැනටමත් නීතිමය කටයුතු ආරම්භ කර ඇති බවයි.තවත් සමාගම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කර ඇති බව එම ප්‍රධානීන් කෝපා කමිටුව වැඩිදුරටත් දැනුම්දී තිබේ.


By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.