Breaking
23 Feb 2025, Sun

තනපටයකින් සිංහල බෞද්ධයන්ගේ ඇස් වැසු මෛත්‍රී කොන කැපුවාද?

රටේ රාජ්‍ය නායකයාට ඕනෑම ජාතියක් ඔනෑම ආගමක් නියෝජනය කිරිමට හැකියාවක් ඇති බව අවිවාදයෙන් යුතුව පිළිගන්නා කරුණකි.රටේ ජනාධිපතිවරයා විමට පළමු සුදුසුකම වනුයේ ඔහු සිංහල බෞද්ධයෙකු විම වුවද ඔහු අනිකුත් සැම ආගමකටම ගරු කිරිමටත් ආරක්ෂා කිරිමටත් ඔහු බැදි සිටිය යුතුවේ.

නමුත් කිසිම දවසක මේ රටෙ ජනාධිපතිවරු අනිකුත් ආගම් අවඥාවට ලක්කර නැත.තමන්ගේ බඩගොස්තරවාදි දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් රහසේ සිංහල බෞද්ධයන් පාවාදුන් රාජ්‍ය නායකයන්ද අපේ රටේ ඕනෑ තරම් සිටි.නමුත් ප්‍රසිද්ධියේම රටේ ආගමට නිගරු කරමින් හැසිරෙන අයද සිටින බව දැන් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැනි අය ඔප්පුකර හමාර කර තිබේ.

තමන්ගෙ තැන රැකගන්න කරන දේවල් කිසිම රටක ජනාධිපති කෙනෙක් කරන වැඩක්ද මේ රට මොන ජාතිකයකට ආගමකට අයිති රටක්ද කියලා අන්තිමට මෛත්‍රීට අමතක වෙලා.අනිකා රාජිතය බලය රැකගන්න ගෑනිවත් ඔනෑම අයෙකුට දිමට කක්කුසි කටා හෙවත් රාජිත කටයුතු කරන අයුරු අප අවස්ථා ගණනාවක දැක තිබේ.මුස්ලිම් සහෝදරයන් සිය ආගමික මෙන්ම ජාතිය සංකේතයක් ලෙස භාවිතා කරන හිස්වැස්ම මෛත්‍රී-රාජිත පැලදගනිමින් රටට කියා පාන්නේ කුමක්ද යන්න බ්‍රේසියරය මෙන් පටලවා නොගෙන රටට කියන්න ජනාධිපතිගේ උපදේශකයන් යැයි කියා ගන්නා අම්බරුවන්ට හැකියාවක් තිබේද යන්න අපි බලාගෙන සිටිමු.

තනපටයකින් සිංහල බෞද්ධයන්ගේ ඇස් වැසු මෛත්‍රීලා හොර රහසේම කොන කපා ගන්නට හදන්නේ කුමකටද යන්න ජනතාව අවදියෙන් සිටිම නුවණට හුරුය.

“අපි බෞද්ධ බලවේග දෙකට කඩනවා. අපි බලයට ආවාම සිංහල රාවය, බොදු බල සේනා වගේ සංවිධාන තහනම් කරනවා. ඉතිරි වෙන්නේ හෙළ උරුමය විතරයි. ඒගොල්ලෝ පොඩි කණ්ඩායමක්. එයාලට අපිට විරුද්ධ වෙන්න හයියක් නෑ. ජනාධිපති ඡන්දේ නිසා බෞද්ධ බලවේග දෙකට කැඩිලා එකාට එකා හතුරු වෙලා. එනිසා ඡන්දෙන් පස්සේ අපේ වැඩ කරගෙන යන්න ලේසියි.”- රාජිත සේනාරත්න.

කියවන්න –සිංහල බෞද්ධයින්ට පොරෝ පහරදුන් ප්‍රා නායක රාජිත හඬපටය(අහන්න)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල 19 වන ව්‍යස්ථා සංශෝධනය හරහා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන වගන්තිය “ශ්‍රි ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය.” යන්න සමග ගැටුමක් ඇති කිරිමට උවමනාවෙන්ම සකසා ඇති බව දැන් අනාවරණය වෙමින් තිබේ.

කියවන්න – බෞද්ධයා දැවි යයි!

MSthambiya_LOGO

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.