Breaking
23 Feb 2025, Sun

තමන්ගේ සීමා නො දන්නා සිමාලා රටේ සීමා නිර්ණය කරන්නට යාම

මේ දවස්වල ප්‍රදර්ශනය කරමින් තිබෙන පළාත් පාලන සීමා නිර්ණ නරි නාටකය දුටු විට ලියන්නට සිත් විය.

කමිටු පොරවරුනි, ලංකාවේ ඕනෑ තරම් විගඩං තියෙනවා ය. ඒ නිසා බොලාත් තව ඒවා පෙන්නන්නට ඕනෑ නැත. සීමා නිර්ණය ගැන විගඩමක් පෙන්නන්නට ඕනෑ ම නම් ඒක ඇමති පෙන්වා ගනු ඇත. බොලා ඕනෑ නැත. අප දේශපාලකයන් පත් කර තිබෙන්නේ ඒවාට ය. රාජ්‍ය නිලධාරීන් ඒවා කරන්නට ඕනෑ නැත.

අනෙක රාජ්‍ය ප්‍රතිපත්ති සැලසුම් කමිටුවක් යනු දේශපාලන පක්ෂ කොමිටියක් නො වේ. ඒ වනාහි රටේ අනාගතය පිළිබඳ ඉතා වැදගත් තීරණ තීන්දු ගන්නා වගකිව යුතු ව්‍යූහයකි. එවැනි කමිටුවක සාමාජිකයන් යනු රටේ ඉතිහාසය වෙනස් කරන පිරිසකි. ඔවුන් එම කාර්යය අවසන් වන තෙක් ඉතා වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ලෙස හැසිරිය යුතු ය.

එවැනි කමිටුවකට බූරුවන් පත් කළ එක ගැන මුලින් ම ඇමති ම කණ් දෙක අල්ලාගෙන සිටීන් ඉඳීන් කළ යුතු ය. අශෝක පීරිස් හැසිරෙන්නේ තනිකර ම ඇමතිවරයෙක් තරම් ම මුග්ධ ආකාරයකිනි. මොහු වනාහි හිටපු ඉඩම් කොමසාරිස්වරයෙකි. අහන්නට දෙයක් නැත. සාමාන්‍යයෙන් මේ ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් දන්නේ යමක් හරියට නො කරන හැටි කියන්නට ය.

මේ කමිටුවේ සිටින අනෙක් අයව පත් කර තිබෙන්නේ දේශපාලන පක්ෂ විසින් ය. එජාප විසින් ඒ.එස්.එම්. මිස්බා ද, එජනිස විසින් කේ. සාලිය ද, ජවිපෙ විසින් උපුල් කුමාරප්පෙරුම හා දෙජාස විසින් මහාචාර්ය බී. බාලසුන්දරම්පිල්ලෙයි ද පත් කර තිබේ.

මෙහි සභාපතිවරයා දේශපාලන පක්ෂවලට කමිටු වාර්තාව පමා කිරීමට අවශ්‍ය වූ බවට කතාවක් මාධ්‍යවලට කීවේ ය. මෙවැනි ඔප්පු කළ නො හැකි ගොන් කතා මාධ්‍යවලට කියමින් දේශපාලන සංදර්ශන පවත්වන බූරුවන් විසින් සීමා නිර්ණය සම්බන්ධ අභියාචනා විභාග කරන්නට ඇත්තේ කෙසේ ද යන්න ද සැක සහිත ය. එවැනි ප්‍රශ්න තිබිණි නම්, ඔහු කළ යුතුව තිබුණේ කල් ඇතිව ම එය කියන එක ය. දැන් ඒවා කීමෙහි තේරුමක් නැත. කරන්නට බැරි නම් කලින් ම ඉල්ලා අස් විය හැකිව තිබිණි. හැබැයි, භාර ගත් වැඩේ සම්පූර්ණ නො කරන කමිටු සාමාජිකයන් එම කාර්යය වෙනුවෙන් ලබා ගත් සියලු දීමනා හා වරප්‍රසාදත්, ප්‍රමාදය වෙනුවෙන් වන්දිත් ගෙවිය යුතු ය. මහජන මුදලින් පත් කරන කමිටු කියන්නේ සෙල්ලං නො වන බව කමිටුපාලුවන් තේරුම් ගත යුතු ය.

පැන්සොන් ගිය පසු අර ජනතා විමුක්ති පෙරමුණේ අය නිතර කියන ආප්තෝපදේශයක තිබෙන්නා සේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නේ නැතිව ඇමතිවරුන්ට පන්දම් අල්ලමින් විවිධ කමිටුවලට පත් වෙමින් කාටත් වැඩක් නැති කමිටු වාර්තා හදන කමිටුපාලුවන් පිරිසක් ද මේ රටේ සිටිති. ඔවුන් ද රටේ මහජන මුදල් සූරා කන දේශපාලකයන්ගේ ම තවත් ඇනෙක්සියකි.

දේශපාලන පක්ෂ ඡන්දවලට බිය වීම තේරුමක් නැත. උන්නත් දාහයි, මළත් දාහයි කියා ආණ්ඩුව ඡන්දයට යා යුතු ය.

සීමා නිර්ණය කඩිනමින් අවසන් කර, අදාළ නීති සංශෝධන කිරීමෙන් පසුව පමණක් මීළඟ පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු ය. එතෙක් පළාත් පාලන ආයතන විසින් කරනු ලබන එක ම වැදගත් කාර්යය වන කුණු අදින එක අබාන්සෙකට භාර දිය හැකි ය.

අජිත් පැරකුම් ජයසිංහ

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.