අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් පිරිසකගෙන් නීතිය යනු කුමක්දැයි ප්රවශ්න කළහොත් ඒ එකිනෙකට වෙනස් පිළිතුරැ සපයනු ඇත. නමුත් මූලික වශයෙන් නීතිය යනු ප්‍රජාව පාලනයකරන රීතිපද්ධතියක් යැයි කිවහොත් බොහෝදෙනකු එකගවනු ඇත.
විවිධාකාර චර්යාවන් පාලනය කරන වෙනත් වර්ගවල රීතිවලට වඩා නීතිය වෙනස්වේ.නීතියේ විශේෂිත ලක්ෂණයක් දක්නට ලැබෙයි. යම් ප්‍රජාවක සෑම කෙනෙකුම නීතියෙන් බැදී සිටින අතර කිසිවකුටත් නීතියෙන් බැහැරවීමේ තීරණයක් ගැනීමේ හැකියාවක්ද නැත.
නීතියට මේ ආකාරයේ විශේෂ හෝ නෛතික ආනුශංග ඇත්තේ එය විශේෂ ආකාරයෙන් බිහිවී ඇති නිසා යැයි ඉතාම ප්‍රායෝගික මට්ටමෙන් පැවසිය හැකිය. ඉතාම වැදගත් වන්නේ එය පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබීමයි.පාලනය කිරීමේදී තමන් නියෝජනය කරනු පිණිස ජනතාවගේ බහුතරය විින් තෝරා පත්කරගනු ලැබූ තැනැත්තන්ගෙන් සමන්විත වූ පාර්ලිමේන්තුව යනු ජනතාවගේ නියෝජනයයි.එම නිසා පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන දේ ජනතාවගේ අපේක්ෂාව ලෙස පෙනී යන අතර එයින් සම්මත කරනු ලබන දෙයින් ජනතාව පාලනය වේ. මේ අනුව යම් නීතියකින් පාලනය වීමට යම් පුද්ගලයෙකු අකමැති වුවත්, නීති සාදන්නන් තෝරා පත්කර ගැනීමේදී ඔහුද සහභාගී වූ නිසා, පාර්ලිමේන්තුව සම්මත කරන නීතියෙන් පුද්ගලයා බැදී සිටී.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් යම් නීතියක් සම්මත කරන විට එයට අදාල විශේෂ ක්‍රියා පටිපාටියක් අනුගමනය කරනු ලබයි. අදාල නීතිය ඇමති මණ්ඩලය විසින් අනුමත කිරීම, ගැසට් පත්‍රෙය් පළ කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලස යන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ පරීක්ෂාව, පාර්ලිමේන්තුවේ පළමුවර කියවීම, කාරකසභා අවස්ථාව, සංශෝධන සිදුකිරීම, දෙවනවර කියවා ඡන්දය විමසීම, තෙවනවර කියවීම, කථානායකවරයා අත්සන් කිරීම ඒ අතර වැදගත් පියවරයන්ය.
ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2016.05.24 දින අමාත්‍ය මණ්ඩලයට අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම යනුවෙන් යෝජනාවක් ගෙන එමින් එය අමාත්‍ය මණ්ඩලය වෙතින් අනුමත කර ගන්නා ලදී. එකී යෝජනාව මතු දැක්වෙයි.
“පසුගිය සමය තුළ අතුරුදහන්ව (disappeared) ඇති බවට හෝ සොයාගත නොහැකි බවට (missing) වාර්තා වන පුද්ගලයන් සම්බන්ධයෙන් වන තොරතුරු ඔවුන්ගේ ඥාතීන් වෙත ලබා දීම මඟින් එවන් පුද්ගලයන්ගේ ඉරණම සම්බන්ධයෙන් වන සත්‍ය තොරතුරු අදාළ ඥාතීන් වෙත දැනගැනීමට සලස්වන ලෙසට දැඩිව ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ. එමඟින් මෙවැනි තත්ත්වයකට මුහුණ දී ඇති අයගේ පවුල් යළි එක් කිරීමටද එකී අතුරුදහන්වීම සම්බන්ධයෙන් එම පවුල්වලට අවසන් නිගමනයකට එළඹීමටද එම පවුල් වෙත වන්දි හෝ වෙනත් සහනයන් සහ සහායන් ලබා දීමටද හැකිවනු ඇත. ඒ අනුව සොයාගත නොහැකි පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීම සහ ඒ සඳහා වන යෝග්‍ය ක්‍රමවේදයක් හඳුනා ගැනීම, සොයාගත නොහැකි පුද්ගලයන් හා සම්බන්ධ සිදුවීම්වලට විසඳුම් ලබා දීම පිණිස අදාළ බලධාරින් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම, සොයාගත නොහැකි පුද්ගලයන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, සොයා ගැනීමට නොහැකි පුද්ගලයන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට සහන ලබාගැනීමට හිමිකම් ඇති මාර්ග හඳුනාගැනීම සහ ඒ පිළිබඳව ඔවුන්‍ට දැනුම් දීම, රජයේ ආයතන සහ වෙනත් ආයතන විසින් සොයා ගැනීමට නොහැකි පුද්ගලයන්ට අදාළව එකතු කර ගෙන ඇති දත්ත එක්රැස් කර මධ්‍යගත දත්ත පද්ධතියක් පවත්වා ගෙන යාම ආදී කාර්යභාරයන් ඉටු කිරීම පිණිස ‘අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්යාලය’ (the Office on Missing Persons – OMP) යනුවෙන් හැඳින්වෙන ස්වාධීන ආයතනයක් පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.” http://sinhala.news.lk/cabinet-decusions/item/17823-2016-05-24
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ 2016 මැයි මස 27 වන දිනii වන කොටසේ අතිරේකයක් ලෙස අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය(පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම)අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම සඳහා ද, අතුරුදහන් වූතැනැත්තන් සෙවීම සහ ඔවුන් පිළිබඳව සොයා බැලීම සඳහා ද, අතුරුදහන් වූතැනැත්තන්ගේ ඥාතීන්ට සහාය වීම සඳහා දත අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ දත්තසමුදායක් ස්ථාපනය කිරීම සඳහා දත ඉහත කී කාර්යාලයට පවරනු ලබන බලතල හාකර්තව්‍යවලට අදාල කාර්යපටිපාටි සහ මාර්ගෝපදේශ සකස් කිරීම සඳහා ද, මේපනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ නැතහොත් ඊට ආනුෂංගික සියලුකරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතක්ගරු අග්‍රාමාත්‍යතුමාගේ නියමය පරිදීපළකරන ලදී. මෙය 2016 ජූනි 22 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අග්‍රාමාත්‍යවරයා ක්‍රියා කර ඇත.2016.06.22 පාර්ලිමේන්තු හැන්සාර්ඩ් 1265 සහ 1266 පිටු. http://www.parliament.lk/uploads/documents/hansard/1467092257039111.pdf
එකී අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත් කෙටුම්පතේ 27 වගන්තියේ “අතුරැදහන් වූ තැනැත්තා” අර්ථනිරෑපණය කර ඇති අතර එහි මේසේ දැක්වේ.
- පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශහ් වුවහොත් මිස මේපනතේ “අතුරුදහන් වූ තැනැත්තා”යන්නෙන්, යම් තැනැත්තකුගේඉරණම හෝ සිටින ස්ථානය සාධාරණ ලෙස නොදන්නාබවට විශ්වාස කරනු ලබන්නා වූ ද ඒ තැනැත්තා ගණනයනොවූ බවට සහ අතුරුදහන් වූ බවට සාධාරණ ලෙසවිශ්වාස කරනු ලබන්නා වූ ද
- i) ක්‍රියාන්විතයේ දීඅතුරුදහන් වූ සන්නද්ධ හමුදාවලසාමාජිකයකු හෝ පොලීසියේ සාමාජිකයකු ඇතුළුඋතුරු නැගෙනහිර පළාත්වල සිදු වූ සන්නද්ධගැටුම් අතරතුර හෝ එහි ප්‍රතිඵලයක් ලෙසනැතහොත් එම සන්නද්ධ ගැටුම්වලට පසුව“යුද්ධයේ දී අතුරුදහන් වූ තැනැත්තකු”ලෙසහඳුන්වනු ලබන තැනැත්තකු හෝ
- ii) දේශපාලන නොසන්සුන්තාවයක් සම්බන්ධයෙන්හෝ සිවිල් කැරළි කෝලාහල සම්බන්ධයෙන්තහෝ
iii) බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ සහ“සම්මුතියේ බලහත්කාරයෙන් අතුරුදන් කරවීම”යනුවෙන් අර්ථ නිරුපණය කර ඇත්තා වූ ද,ඇති තැනැත්තකු අදහස් වේ.
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත් කෙටුම්පතේ 27.(iii)වගන්තියේ දැක්වෙන ප්‍රතිපාදනවලට මුල් වී ඇති “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය”^International Convention for the Protection of All Persons from Enforced Disappearances)කුමක්ද යන්න පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට හෝ ජනතාව හමුවේ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කර නැත.
“අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය”පනත් කෙටුම්පතේ 27.(iii)වගන්තියේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතට මුල් වී ඇති “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය”පිළිබද ප්‍රතිපාදන දක්වා තිබියදී එකී ජාත්‍යන්තර සම්මුතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකගද, එකී ජාත්‍යන්තර සම්මුතිය ජනමතවිචාරණයකින් අනුමත කරගත යුතු මට්ටමේ පවතින්නක්ද යන්න පිළිබද අවබෝධයක් ලැබීමට මෙ රට ජනතාවට හෝ පාර්ලිමේන්තුවට අවස්ථාව ලැබුණේ නැත. තමන් හමුවේ ජාතික භාෂාවෙන් ඉදිරිපත් කර නො තිබූ ජාත්‍යන්තර සම්මුතියක් නීතිගත කර දීමට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරැ 2016.08.11 වැනි දින ක්‍රියා කරන ලදී.
“බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය” 2016.12.10 වැනි දින ශ්‍රී ලංකාව විසින් අත්සන් කරනු ලැබ ඇති අතර 2016 මැයි මස 03 වැනි දින දරන අපරානුමත(Ratification) කිරීමේ ලේඛනයක් මගින්එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වෙත තැන්පත්කරනු ලදුව 2016 මැයි මස 25 වන දින ශ්‍රී ලංකාව විසින් අපරානුමත කරනු ලැබ ඇත.
එකී “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය” 2016.08.11 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කළ “අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය”පනත් කෙටුම්පතේ 27.(iii)වගන්තියේ ප්‍රතිපාදන මගින් ලංකාව තුළ නීතිගත කර ගැනීමට මේ යහපාලන- සංහිදියා ආණ්ඩුව ක්‍රියාකරගෙන ඇත. ඒකාබද්ධ විපක්ෂයේ හෝ ජනතා විමුක්ත් පෙරමුණේ කිසිම මන්ත්‍රීවරයෙක් මේ “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය” සිංහල භාෂාවෙන් වන පිටපතක් කථානාකවරයාගෙන් ඉල්ලා නොසිටි අතර නීති විශාරදයින් ලෙස සැළකෙන සිංහල විද්වතුන් මෙම ජාත්‍යන්තර සම්මුතිය සිය භාෂාවෙන් ඉල්ලා නොසිටියේ ය.
ඒකාබද්ධ විපක්ෂයේ නීති විශාරදයින් “අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය” පනත් කෙටුම්පතේ 27.(iii)වගන්තියේ ප්‍රතිපාදනසහ “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය”පිළිබදව මන්ත්‍රීවරැ දැන්වත් කළේද යන්න එම මන්ත්‍රීවරැ සිය හෘදය සාක්ෂියෙන් විමසා බැලිය යුතුය.
කෙසේ වෙත්ත තමන් හමුවේ ඉදිරිපත් නොකළ ජාත්‍යන්තර සම්මුතියක් නීතිගත කරදීමට ක්‍රියා කිරීමෙන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරැ ගොබ්බයෝ බවට පත්ව ඇති හෙයින් මේ අවනඩුව විසදීමට හැකි අයෙක් සොයා ගැනීමටද නොහැකි පැටලැවිලි ගොඩක ලාංකිකයන් ගිලී ඇති බවද පෙනේ.
වැඩිදුර කියවීම සදහා…….
බෙදුම්වාදී සිරිසේන,රනිල් නඩය රට,රණවිරුවන් බිල්ලට දිම හොර පාරෙන් පාර්ලිමේන්තුව හරහා නීති ගත කරගත් හැටි
http://www.lankanewsweb.today/archives/12572
රණවිරුවන් එල්ලන සුද්දාගේ තින්දු අලුත්කඩේ කලුසුද්දන් විසින්
http://www.lankanewsweb.today/archives/12608
VATපෙන්වා ජනතාවට BATඑකෙන් කෙළිය යහපාලන සංහිදියා හයිබ්රිබඩ් ආණ්ඩුවේ OPIUM මෙහෙයුම
http://www.lankanewsweb.today/archives/12483