Breaking
24 Feb 2025, Mon

“තමුසේ කවුද මට උපදෙස් දෙන්න, තමුසේ කෘෂිකර්ම ඇමතිනේ”..ඇමති දුමින්දට ග්‍රාම සේවක හොදම එකෙන් කියලා…

“තමුසේ කවුද මට උපදෙස් දෙන්න, තමුසේ කෘෂිකර්ම ඇමතිනේ” යනුවෙන් තමාට ග්‍රාම නිලධාරියකු බැණ වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍යය දුමින්ද දිසානායක මහතා ඊයේ (23) අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මේ බව අනාවරණය කර තිබේ.

කැකිරාව තිබ්බටුවැව ප්‍රදේශයේ සමාජ සේවා අමාත්‍යංශය මගින් ඉදි කළ ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් ගැටලුවක් මුල්කර ගනිමින් එම ගැටුම ඇති වි ඇති අතර අමාත්‍යවරයා කල ප්‍රකාශය පහත පරිදි වේ.

“පළාත් සමාජ සේවා අධ්‍යක්ෂතුමා ඊයේ (22) ඇවිත් මේ සම්බන්ධයෙන් මාව දැනුම්වත් කළා. ඒ මොහොතේ අදාළ ග්‍රාමසේවක මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තා. ඒ ග්‍රාමසේවක මහත්තයා මාත් එක්ක මුලින් කොහොමද ඇමතිතුමා කියලා කතා කරලා අවසානයේ කථාව අවසන් වුණේ “තමුසේ කොහොමද මට උපදෙස් දෙන්නේ තමුසේ කෘෂිකර්ම ඇමතිනේ” කියලයි. මම එතුමාට කිව්වා. “ආයේ පාරක් කියන්න” කියලා. ඒ විදිහට මම තුන් පාරක්ම ඒ වචනය අහගත්තා. ඒ ග්‍රාමසේවකතුමා මට කිව්වා “දැන් මට කියන්නේ වෙන තැනකට යන්න කියලා නම් මෙතන සමාජ සේවා ආයතනයක් දානවා නම් ඒකට ළමයි කීයක් දානවාද? කීයක් වැඩිහිටියෝ දානවාද? ඒ ටික කියන්න ඊට පස්සේ බලන්නම් කිව්වා. ඊට පස්සේ මම කිව්වා “ග්‍රාම සේවා කාර්යාලය වෙන තැනකට යමු. මෙතන සමාජ සේවා ආයතනය කර ගෙන යන්න දෙමු ” කියලා. ඊට පස්සේ එතුමා මට කියනවා “මම මේ සේරම රෙකොඩ් කරනවා. මම මේක මාධ්‍යයට දෙනවා.” කියලා. මම කිව්වා “බොහොම හොදයි. රෙකෝඩ් කරන්න. මේ ටිකත් මාධ්‍යයට කියන්න. දුමින්ද දිසානායක ඇමතිතුමා කිව්වා කියලා සමාජ සේවා අමාත්‍යංශය යටතේ ළමයින්ට රැකවරණය මධ්‍යස්ථානයක් හදන්න දෙන්න කියන එකයි කිව්වේ කියලත් කියන්න” කියලා.ඊට පස්සේ අවසානයට එතුමා කිව්වා ” තමුසේ කවුද මට උපදෙස් දෙන්න, තමුසේ කෘෂිකර්ම ඇමතිනේ “කියලා.

“ඒත් එක්කම මම අදාළ අමාත්‍යංශයේ ලේකම්තුමා ඇමතුවා. ඒ ලේකම්තුමා අද (23) උදේ වන විට පරීක්ෂණ කණ්ඩායමක් එවලා මගෙන් හා අදාළ නිලධාරීන්ගෙන් කටඋත්තර ලබා ගත්තා.“ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.