Breaking
19 Apr 2025, Sat

තර්ජනය කරන්නේ හොදටම බයවෙලා

යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැති බවත්, මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා කුමන තර්ජන කලත්, රටේ ජනතාව වෙනුවෙන් යන ගමන නතර නොකරන බවත්, ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ඊයේ (19) මාතරදී කල ප‍්‍රකාශය මහජන බලවේගයට බියෙන් කරනු ලැබූ ප‍්‍රකාශයක් බවයි. හොරකම් කිරීම හොරබඩු ලග තබා ගැනීම මෙන්ම ඒ පිලිබද තොරතුරු දැනගෙන සැගවීමද බරපතල වරදක් බව පවසන රණතුංග මහතා එය යහපාලනය නොවන බවද අවධාරණය කරයි.අද(20) උඩුගම්පල ප‍්‍රසන්න රණතුංග මහතාගේ නිවසේදී පැවති කි‍්‍රයාකාරී හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කලේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කීවේය.

”ජනවාරි 08 වෙනිදා මේ ආණ්ඩුව බලයට පත්වුනාට පස්සේ රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගෙනුත් එතුමා සමග ඉන්න අපෙනුත් එලව එලව පලිගන්න පටන් ගත්තා. වෛරයෙන් වෛරය නොසන්සිදේ කියලා බණ පද කියලා දේශපාලන සටන පටන් ගත්තට දැන් ආණ්ඩුවේ තියෙන්නේ මෛති‍්‍රය නෙමෙයි වෛරය. අද රට පුරාම ආණ්ඩුවේ වෛරය දෝරෙ යනවා. ඊයේ අපේ රටේ ජනාධිපතිතුමා කරපු කතාවත් එහෙම වෛරය දෝරෙ ගිය කතාවක් විදියටයි මම දකින්නේ . අලූත් බලවේගයක් බිහිවෙනවට එතුමා හොදටම බයවෙලා කියන එකයි අපිට මේකෙන් පැහැදිලි වෙන්නේ. ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන අපිට ඉදිරියේදී මොන විදියේ අභියෝගවලට මුහුණ දෙන්න වෙයිද කියන එක ගැන ඉගියක් ඒ කතාවේ තිබුණා. හැබැයි බොහොම පැහැදිලිව කියන්න ඕනෑ යකාට බයනම් අපි සොහොනේ ගෙවල් හදන්නේ නෑ.මහින්ද මහත්තයත් එක්ක අපි මේ රටේ ජනතාව වෙනුවෙන් ඕනම අභියෝගයකට මුහුණ දෙන්න ලෑස්තියි. තර්ජනය කරලා , බය කරලා, මේ ගමන නතර කරන්න බෑ.
මේක ආණ්ඩුව ගැන කලකිරිලා අපිත් එක්ක එකතු වෙන්න ඉන්න ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්ට ජනාධිපතිවරයා කරපු තර්ජනයක් විය හැකියි.

එක්සත් ජාතික පක්‍ෂයයි, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයයි, එකතුවෙලා ඊයේ ඔවුන්ගේ ආණ්ඩුවේ පලමු වසර සැමරුවා. පහුගිය වසර තුල මේ ආණ්ඩුව රටේ සමරන්න තරම් දෙයක් කලාද. ගොඩනගපු රට නැවත ආපස්සට ගෙන ගියා මිසක් මේ ආණ්ඩුව රටටවත්, ජනතාවටවත්, කරපු සේවයක් නෑ.

ලබන 04 වෙනිදා කුරුණෑගලදී පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ 65 වන සමු`ඵවට සහභාගී වන්නේ දැයි මාධ්‍යවේදීන් මෙහිදී ප‍්‍රසන්න රණතුංග මහතාගෙන් ප‍්‍රශ්ණ කලේය. ඔහු කීවේ හෘද සාක්ෂියට එකග පුද්ගලයෙකු ලෙස තමන් ඊට සහභාගී නොවන බවයි. ගහන්න ගහන්න වදින එකත් , වදින්න වදින්න ගහන එකත් දෙකම වැරදියි, වැද වැද ගුටිකන්න බෑ. ඒ නිසා මමනම් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සමු`ඵවට යන්නේ නෑ. රණතුංග මහතා කීවේය.
ප‍්‍රදීප් අනුර කුමාර.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.