Featured

තව බල්ලෙක් උඩු බුරයි

ශ්‍රී ලංකාවේ සිදුවූ බවට පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් මේ වනවිට පැවැත්වෙන විමර්ශන වලට ඔබ්බෙන් පුළුල් විමර්ශනයක් පැවැත්විය යුතු බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සභාපති මෙන්ම එජාප න්‍යාචාර්‍යයවරයෙකු වන පාක්‍යසෝදි සරවනමුත්තු පවසයි.

“ශ්‍රී ලංකාවේ සිදුවූ බවට පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශන වාර්තාවක්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විද්වත් කමිටුවක් විසින් සකස් කර තිබේ.නමුත්, අවසන් සටනේදී සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව දැනගැනීමට කෙටි කාල සීමාවක් ඇතුලත විශේෂ විමර්ශනයක් පැවැත්විය යුතුය. එය ජාත්‍යන්තර විමර්ශනයක් හෝ අභ්‍යන්තර පරීක්‍ෂණයක් වූවත්, සාධාරණ සහ පුළුල් එකක් විය යුතුය” යනුවෙන් පාක්‍යසෝදි සරවනමුත්තු ප්‍රකාශ කර තිබේ.

Top