Breaking
24 Feb 2025, Mon

ත්‍රස්‌තවාදීන්ගෙන් රට බේරාගත් විරුවන්ට දඬුවම් කරන එවුන්ට අපායේදී ලැබෙන දඬුවම් නම් අනිවාර්ය

නැගෙනහිර නාවික බුද්ධි ප්‍රධානියා වූ සුමිත් රණසිංහ සුවිශේෂ නිලධාරියෙකි. කොළඹ විනාශ කිරීමට කිලෝ 1100ක්‌ බරැති බෝම්බ සහිත ලොරිය 2007 දී ත්‍රිකුණාමලයේදී සොයාගෙන තමන්ම එම ලොරිය පදවා ගෙනවිත් බෝම්බ නිෂ්ක්‍රීය කොට කොළඹ විනාශ කිරීම නතර කළේ ඔහුය. එම බෝම්බ ලොරිය කොළඹට පැමිණ පුපුරවා හැරියා නම් අද දේශපාලන නායකත්වයේ සිටින අය මෙන්ම රණවිරුවන් දඩයම් කරන CID අයද විනාශ වීමට හොඳටම ඉඩ තිබුණි.

ජනාධිපති සිරිසේන මහතා බොහෝ අවස්‌ථාවල සේනාධිනායකයා ලෙස තමන්ගේ හමුදාවන් රකින බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇත. මාර්තු 04 වන දා පලාලි ගුවන් හමුදා කඳවුරේ නිරීක්‌ෂණ චාරිකාවක නිරත වීමෙන් පසුව අදහස්‌ දැක්‌වූ ඔහු ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට චෝදනා පත්‍ර ගෙන ඒමට හෝ නඩු ඇසීමට තමන් සූදානම් නැතැයි එඩිතරව ප්‍රකාශ කළේය. එහෙත් CID ය බුද්ධි අංශ නිළධාරීන් පසුපස යමින් ඔවුන් රිමාන්ඩ් කිරීම නතර කර නැත. ඒ වෙනුවෙන් ඇතැම් CID යේ ඇතැමුන්ට අතීතයට ද බලපාන පරිදි “ඩබල් ප්‍රමෝෂන්” ද ලැබේ. නැගෙනහිර නාවික බුද්ධි ප්‍රධානියා වූ සුමිත් රණසිංහ සුවිශේෂ නිළධාරියෙකි. කොළඹ විනාශ කිරීමට කිලෝ 1100ක්‌ බරැති බෝම්බ සහිත ලොරිය 2007 දී ත්‍රිකුණාමලයේදී සොයාගෙන තමන්ම එම ලොරිය පදවා ගෙනවිත් බෝම්බ නිෂ්ක්‍රීය කොට කොළඹ විනාශ කිරීම නතර කළේ ඔහුය. එම බෝම්බ ලොරිය කොළඹට පැමිණ පුපුරවා හැරියා නම් අද දේශපාලන නායකත්වයේ සිටින අය මෙන්ම රණවිරුවන් දඩයම් කරන CID ය ද විනාශ වීමට හොඳටම ඉඩ තිබුණි.

ජීවිත පරිත්‍යාගයෙන් රටත් ජනතාවත් බේරා ගැනීමට ක්‍රියා කළ සුමිත් රණසිංහ රණවිරුවාගේ සිරුරෙහි තවමත් බෝම්බ කෑලි තිස්‌ගණනක්‌ ඇත. ඒවා ඉවත් කළ නොහැක. ඔහුගේ කනේ ද බරපතළ ආබාධයක්‌ ඇත. ඒ කිසිවක්‌ ගැන නොතකා 2001 දී තරුණයන් පැහැරගෙන ගොස්‌ අතුරුදන් කිරීමේ චෝදනාවට සම්බන්ධ වූයේ නේවි සම්පත් ඇතුළු කණ්‌ඩායමක්‌ බව හඳුනාගෙන තිබියදීත් ඊට කිසිදු සම්බන්ධයක්‌ නොමැති බුද්ධි අංශ නිළධාරීන්ට දඬුවම් දෙන්නේ කොටි හිතවාදීන්ගේ උවමනාවට බවට කිසිදු සැකයක්‌ නැත. රණසිංහ පමණක්‌ නොව කොළඹ ආරක්‌ෂාව තහවුරු කළ නාවික හමුදා බුද්ධි අංශ ප්‍රධානියකු වූ රවිරාඡ් ඝාතනයට අත්අඩංගුවට ගෙන සිට නිදොස්‌ කොට නිදහස්‌ කළ කමාන්ඩර් හෙට්‌ටිආරච්චිට ද CID ට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් 2002 වසරේ මිලේනියම් සිටි බුද්ධි අංශ නිලධාරීන් විනාශ කළා සේම අදත් ත්‍රස්‌තවාදය අවසන් කිරීමට මහා මෙහෙවරක්‌ කළ බුද්ධි අංශ නිලධාරීන් හෙළිදරව් කර ඔවුන්ට දඬුවම් දෙන්නේ වෙනත් කිසිදු අරමුණකින් නොව බටහිර රටවල් හා කොටි හිතවාදීන් සතුටු කිරීමට බව නොරහසකි. ඔවුන් හෙළිදරව් කිරීම නිසා ඔවුන්ගේ දරු පවුල්වලට ද බරපතළ හිරිහැර කරදර වීමට හොඳටම ඉඩ ඇත. රටත්, ජාතියත් ත්‍රස්‌තවාදීන්ගෙන් බේරාගත් විරුවන්ට දඬුවම් කරන මොවුන්ට රජ කාලේ දඬුවම් දිය යුතුය. එසේ කළ නොහැකි වුවත් අපායේදී ලැබෙන දඬුවම් නම් අනිවාර්ය බව කිව යුතුය.

ජාතික හිමිකම් සංවිධානය

නැගෙනහිර නාවික බුද්ධි ප්‍රධානියා වූ සුමිත් රණසිංහ දගගෙට දැක්විමේ යහපාලන මෙහෙයුම 

නාවුක හමුදාවේ තවත් බුද්ධිඅංශ නිළධාරියෙකු රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.අත් අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ශ්‍රී ලංකා නාවුක හමුදාවේ බස්නාහිර නාවුක කලාපයේ ගොඩබිම් ක්‍රියාන්විතයට අදාල ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩල නිළධාරී ලෙස කටයුතු කළ කොමාන්ඩර් සුමිත් රණසිංහ 1997 වසරේදී සේවයට බැදුනු අයෙකි. 2007දී නැගෙනහිර පළාතේ කොටි සංවිධානයට එරෙහි “විශේෂ ක්‍රියාන්විතයන්“ සදහා පත්කරන ලදුව යුධ බිමේදී පෙන්වූ නිර්භීතභාවයත් අසාමාන්‍ය දක්ෂතාවත් නිසා යුධ බිමේදීම පිරිනමන උසස්වීමකට(FIELD PROMOTION)ද හිමිකම් කියන මේ නිළධාරියා නාවුක හමුදා ඉතිහාසයේ එවන් ගෞරවයක් ලද හයදෙනාගෙන් අයෙකි.

එසේම නාවුක හමුදා ඉතිහාසයේ දෙවන වතාවටත් එවැනි උසස්වීමකට නිර්දේශ කරන ලද දෙදෙනාගෙන් අයෙකි. (අතර නාවුක හමුදාපතිවරයාගේ විශ්‍රාමයාම හේතුවෙන් එම උසස්වීමට අදාල කටයුතු නතර කෙරුනු අතර අනෙක් නිර්දේශිත නිළධාරියාද ඉදිරි දිනෙක අත් අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.)

තම අසාමාන්‍ය කැපවීම වෙනුවෙන් හය වතාවකදී නාවුක හමුදාපතිවරුන් තිදෙනෙකුන් විසින්ම සුවිශේෂී ඇගයීමට ලක් කර ඇති මේ රණ ශූරයා යුධබිමේ දක්ෂතා වෙනුවෙන් පිරිනමන රණශූර පදක්කමට තුන් වතාවක් හිමිකම් කියූ, දේශපුත්‍ර‍සම්මානය ඇතුළු පදක්කම් 12ක් හිමිකරගත් නිළධාරියෙකි.

කොටි ට්‍රෝලර් යාත්‍රා 23ක් විනාශ කිරීමට දායකත්වය සැපයූ මේ වීරයාගේ උකුසු ඇසට හසුවීම නිසා මරාගෙන මැරෙන ඇදුම් කට්ටල, බෝම්බ සහ පුපුරන ද්‍ර‍ව්‍ය සොගත් අවස්ථා ගණන 51කි. එනම් ඔහු විසින් දැනුවත්ව අප සහ අපේ දරුවන් මරණයෙන් ගලවාගත් අවස්ථා ගණන 51කි. යුධබිමේදී පරාජයකළ නොහැකි වූ මේ රණසූරයාගෙන් පළිගන්නට කොටි සංවිධානයට හැකිවූයේ ඔහු නිවාඩු ලැබ නිවස බලා එන ගමනේදී ඔහු ගමන් ගත් යාත්‍රාවට පහරදීමෙනි. නමුත් කොටි ත්‍ර‍ස්තවාදීනට අහිමිකිරීමට හැකිවූයේ ඔහුගේ එක් උකුසු ඇසක් සහ එක් කනක් පමණි.

රට වෙනුවෙන් අවදියෙන් තබාගැනීම සදහා එක් ඇසක් සහ එක් කණක් සමග ජීවිතය රැකගැනීමට ඔහුට අවස්ථාව හිමිවිය.

කමාන්ඩර් රණසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ඔහුට එරෙහිව නගා ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු නාවුක හමුදාපති කරන්නාගොඩ විසින් ද එවකට නැගෙනහිර ආඥාපතිවරයා ලෙස කටයුතුකළ නිළධාරියා විසින් ද තවත් දස දෙනෙකුන් පමණ ද ලබාදී තිබූ කටඋත්තරවල සදහන් කරුණු රහස් පොලිසිය විසින් සිතාමතාම වසන් කරමින් බව අනාවරණය වීය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.