Breaking
24 Feb 2025, Mon

ත්‍රිවිධ හමුදාවට යහපාලනයෙන් ක්ලේමෝ බෝම්බයක්

නැගෙනහිර හිටපු නාවික හමුදා ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ වහාම ඉවත් කර ඒ වෙනුවට යහපාලනයට කඩේ යන ගොයියෙකු පත්කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කල නියෝගයට අනුව එම තනතුර සදහා හිටපු නාවික හමුදා ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා පත්කර ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළා.

නැගෙනහිර මහ ඇමතී අහමඩ් නසීර් සාම්පූර් නාවික නෞකා විදුර කදුවුරේ අණදෙන නිලධාරිවරයාට බැණ තර්ජණය කිරීමේ සිදුවීමෙන් සතියකට අනතුරුව ආරක්ෂක ලේකම්වරයා ප්‍රමුඛ හමුදා ප්‍රධානීනීන් අරලියග මන්දිරයට කැදවූ අගමැතිවරයා හා පයිප්ප බාස් ආරක්ෂක ලේකම්වරයා සමග පැවැත්වු විශේෂ සාකච්ඡාවේදි අගමැතිවරයා අවධාරණය කර ඇත්තේ අදාළ සිදුවිම මාධ්‍යයට හරහා සමාජ ගත විමට නාවික හමුදාව සම්පුර්ණයෙන් වගකිවයුතු බවයි.

නැගෙනහිර සිදුවිම හරහා ආණ්ඩුවට බරපතල බලපෑමක් එල්ල වු බවත් යහපාලනයට සහය දෙන සුළු දේශපාලන පක්ෂ මෙම සිදුවිම හරහා බරපතල ලෙස කලකිරිමට ලක්ව ඇති බවද අගමැතිවරයා පෙන්වා දි තිබේ.

මේ අතර හමුදා ප්‍රධානින්ගේන් පළිගැනිම සදහා යහපාලනය ඉතාමත් සියුම් මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවද ඉදිරි දින කිහිපයේදි එම තත්ත්වය එලිපිටම දැකිය හැකි බවද ඔහු සදහන් කළා.

මේ අතර පසුදියදා සාම්පූර්හීදී නාවුක හමුදා නිලධාරියෙක් සමග ඇතිවූ සිදුවීමට හේතු වූයේ 13 වන සංශෝධනයේ සියලු බලතල පළාත් සභාවටලට ලබා නොදීම නිසා බව නැගෙනහිර පළාත් මහ ඇමති නසීර් අහමඩ් පවසනවා.(එම විඩියෝව පහතින් බලන්න)

සිංහලේ ජාතික බලමුලුව ඇතුලු බෞද්ධ සංවිධාන අද නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ්, නාවික හමුදා නිළධාරියෙකුට බැණ වැදීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ත්‍රිකුණාමල නගරයේ දී අද (28) උද්ඝෝෂණයක් පැවැත්වුණා.

අන්තවාදී මහ ඇමතියා ගෙදර යවමු!

sinhale01 sinhale02 sinhale03 sinhale04

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.