Breaking
24 Feb 2025, Mon

ත්‍රීමලය හෙල්ලු මහින්දගේ, විමල්ගේ ත්‍රිකුණාමලය සවිය ගිලිහේ…ජයන්ත විජේසේකර මෛත්‍රීගේ ශ්‍රිලනිපයට

ජාතික නිදහස් පෙරමුණේ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ අර්බුදය තීව්‍ර කරමින් ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා අද (01දා) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක් වුනා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස ඒ මහතා පත් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

2004 මහා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (UPFA-SLFP), මනාප ඡන්ද 19,983ක් ලබා ගනිමින් උතුරු -නැගෙනහිරට පත්වු  එකම සිංහල මන්ත්‍රිවරයා වු ජයන්ත පසුව ජනතා විමුක්ති පෙරමුණෙන් විමල් සමග ඉවත්ව ජාතික නිදහස් පෙරමුණ සාදා ගත්තද අවසානයේ මහින්දගේ පිහිටෙන් ජයන්තට ඉතුරු වුයේ පළාත් සභා මන්ත්‍රී කම පමණී.

ත‍්‍රිකුණාමලයට තනිව තරග වැද ආසනයක් දිනාගත්ත ද එහි එ්තරම් උඩදැමීමට දෙයක් නැත. මන්ද එසේ ජයග‍්‍රහණය කළ ජයන්ත විජේසේකර කොයි පක්ෂයෙන් ආවත් දිනන අස්සයෙක්මය. ජනිපෙ ඇතත් නැතත් නගර සභාවේ කුණු ට‍්‍රැක්ටරයේ සිට එල්ටීටීයයට එරෙහිව සිංහ දජය එසවීම දක්වා ත‍්‍රීකුණාමල ජනතාවගේ ආකර්ෂණය ඔහුට නොඅඩුව හිමිව ඇත. එ්නිසා ත‍්‍රීකුණාමලයේ ජයග‍්‍රහණය සම්පූර්ණ පංගුව හිමිවන්නේ ජයන්තටය.

පසුව මහින්දගේ පරාජයෙන් පසුව මහින්දගේ, විමල්ගේ ත්‍රිකුණාමලය සවිය වු ජයන්ත විජේසේකර  ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වු අයෙකි.

විමල්- ජනිපෙ අර්බුදය…..

විමල්ගේ දේශපාලන ව්‍යාපාරයට අනාගතයක් නොමැති බව ජවිපෙන් ඉවත් වි ජනිපෙ නිර්මාණය කිරිමෙන් පසුව මුහුණ දුන් මැතිවරණය හරහා මනාව තහවුරු වු අතර ජනිපෙ නන්නත්තාරවීම විමල්ට අදාළ නොවු අතර කට නිසා දිනා ගත හැකි ඡන්ද වාසනාවක් ඔහුට උරුම වු බැවින් 2004, 2010 මහමැතිවරණවලින් ඔහු කොළඹින් එකට ආවද එකවිමේ වාසනාව උරගා බලන අස්සේ පක්ෂය දියාරු වි යන ආකරය විමල්ට දකින්නට නොහැකි වු බව නොරහසකි.

මහින්ද සුලගින් ගසාගෙන ගිය විමල්ගේ දෙවන ඉනිම 

මහින්දගේ පරාජයෙන් පසුව විමල් මහින්ද අතහැර නොගිය විමල් මහින්ද සුලග නිර්මාණය කිරිමේ බර කරට ගෙන අවසානයේ එය බැසිල්ට දේශපාලන පක්ෂයක් ලෙස අකැමැත්තෙන් වුවද තැගි කරන්නට විය. එන්න එන්නම බලය අතේ ඇතිවිට කරන ලද විවිධ අක්‍රමිකතා අනාවරණය විමත් සමග විමල් කුජීත විමේ සමය ඇරඹුණු අතර ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්, ප්‍රියන්ජිත් විතාරණ මහතා එම ධුරයෙන් බලහත්කාරයෙන් ඉවත් කිරිම,එම පක්ෂයේ ප්‍රධානියකු වන පියසිරි විජේනායක ඉවත් කිරිම හරහාය.

ජනිපේ දෙදරවිමට මුලික හේතු කාරකය වු ජාතික නිදහස් පෙරමුණු දේශපාලන බල මණ්ඩලය එම පක්‍ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස කටයුතු කරන කැලුම් ජයසුමන නැමත්තාගේ පාවාදිම් වු අතර අවසානයේ ඔහුටද පක්ෂයේ තනතුරු සියල්ලම අහිමි වි තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා එජාපයේ ප්‍රබලයෙක් හා එජාප නායකයාගේ කිට්ටුවන්තයකු සමඟ නිදහස් චතුරස්‍රය ආසන්නයේ මෝටර් රථයක් තුළ රහස් සාකච්ඡාවක් සිදුකර ඇති බවට මාධ්‍ය හරහා හෙළිදරව් වීම ද එම පක්ෂයේ අභ්‍යන්තර ගැටුමට ප්‍රධාන කාරණයක් වී තිබේ.

මේ සියල්ලම පසුපස තවත් මොළකරුවෙකු සිටින බව විමල් මේ වනවිට දනී.නමුත් ප්‍රශ්ණ වි ඇත්තේ බලය අත ඇති සමයේ විමල් කල කී දෑ හේතුවෙන් අද විමට ඔහු පරයා යැමට නොහැකි විමය.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.