Breaking
25 Feb 2025, Tue

තාත්තාගේ ජනපති කමට කෙලවෙන බව දුවත් කියයි

ජනපති වූ තම පියාට එම ධූරය සදාකාලික වරමක් නොවන බවත් එම වරම අද තිබී හෙට නැතිවිය හැකි එකක් නිසා ඉන් සමාජයට ඉටුවිය යුතු යුතුකම් නිසකව සිදුවිය යුතු බැවින් තමන් ඇතුලු මුලු පවුලම සමාජ සේවයේ යෙදේන බව ජනාධිපති මෛත‍‍්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය චතුරිකා සිරිසේන පසුගියදා තාත්තා පොහොර සහනාධාරය කපා කෙලවා දැමු  ගොවීන් 120 දෙනෙකුට පමණ උපහාර ප්‍රදාණය කිරිමේ උත්සවයකට එක්වෙමිනි.

ජනාධිපති ආරක්ෂක අංශයේ ආරක්ෂකයින් 30 දෙනෙකු චතුරිකා සිරිසේනගේ ආරක්ෂාවට ඇය සමග පැමිණ ඇති අතර  වැලිකන්ද පොලිස් ස්ථානයේ සියලුම නිළධාරින්ද ආරක්ෂාව සදහා යොදවා  ඇති අතර  සේනපුර මහවැලි කොට්ඨාස කාර්යාලයේදී ප‍‍්‍රදේශයේ ආගමික නායකයන්, රාජ්‍ය ආයතන ප‍‍්‍රධානීන්ට සහභාගි විම අනිවාර්ය කරමින් නියෝගයක් ආයතන ප්‍රධානින්ටද යවා තිබේ.

“ජනපති වූ තම පියාට එම ධූරය සදාකාලික වරමක් නොවන බවත් එම වරම අද තිබී හෙට නැතිවිය හැකි එකක් නිසා ඉන් සමාජයට ඉටුවිය යුතු යුතුකම් නිසකව සිදුවිය යුතුයි…”

“මේ ජනාධිපතිධූර කාලයේදී පුලතිසිපුර රන් අස්වනු නෙළන්න කාලයක් කර ගමු කියලා මම ඔබලාට කියනවා. ජාති ආගම් පක්ෂ පාට නොබලා මේ රට ගොඩ නගන්න ජනාධිපතිවරයාට ශක්තියක් වෙමු. 2020 වන විට මතින් තොර රටක් බිහි කිරීම අපේ අරමුණයි. කෘමිනාශක වලින් තොරව වගා කටයුතු කරලා වකුගඩු රෝගවලින් මේ රටේ ජනතාව මුදා ගැනීමත් අපේ අරමුණක්’

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.