Breaking
23 Feb 2025, Sun

තිළිණි,ජානකී හරහා සුද්ධ වෙන නාමල්! “ක්‍රිස් ගනුදෙනුවේ” නොකී කතා!

තිළිණි ප්‍රියමාලි ගේ මුදල් වංචාවට සම්බන්ධ බවට සොයමින් සිටි ජානකී සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.ජානකී මහත් ආන්දෝලනයකට තුඩුදුන් ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂිකාවකි. ඇය කුප්‍රකට ව්‍යාපාරික සහ දේශපාලන සම්බන්ධකම් පවත්වන බව නොරහසක් වන අතර ඇය තිළිණි ප්‍රියමාලි සමග ද එක්ව සිය කුප්‍රකට ව්‍යාපාරික කටයුතු මෙහෙයවා තිබේන බව අනාවරණය වි තිබේ.

ට්‍රාන්ස් වර්ක් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වූ මූල්‍ය වංචාව රටේ දේශපාලනය තුළ නම් ගැන්වුණේ “ක්‍රිස් ගනුදෙනුව” නමිනි. නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඒ ඉඩම මහාදේවන් නමැති ඉන්දීය මවු සමාගම යටතේ ඇති ක්‍රිෂ් ට්‍රාන්ස් වර්ක් පෞද්ගලික සමාගමට 99 අවුරුදු බදු පදනම මත ලබා දී ඇත්තේ රුපියල් මිලියන හාරදහස් නවසිය පනස් පහකටය. ඉන් රුපියල් මිලියන හාරදහස් දෙසීය අසූපහයි දශම පහක් නාගරික සංවර්ධන අධිකාරියට ඔවුන් මේ වන විට ගෙවා ඇති බව කියැවේ. මේ සමාගමේ අධ්‍යක්ෂවරුන් වනුයේ අමිත් කටියාල්, ආර්. පී. ගුප්තා හා ගීතාංජලි ජානකි සොයිසා සිරිවර්ධනය. කලක් ගුවන් සේවිකාවක ලෙස කටයුතු කළ ජානකි සිරිවර්ධන ක්‍රිෂ් ට්‍රාන්ස් වර්ක් පෞද්ගලික සමාගමේ දේශීය ඒජන්තවරිය ලෙසද කටයුතු කර තිබේ.

කොළඹ කොටුවේ පිහිටි ටෙලිකොම් ගෙඩනැගිල්ල ඉදිරිපිට අක්කර 4.30කට ආසන්න ප්‍රමාණයක භූමියක් ක්‍රිස් නැමති සමාගමක් වෙත හොටෙල් සංකීර්ණයක් ඉදිකිරීමට ලබා දීම පිලිබඳව පැමිණිල්ලක්ද ඉදිරිපත්ව තිබු අතර ඒ අනුව සිදුකල විමර්ශන වලදී සිංගප්පූරුවේ පිහිටි ගිණුමකට රුපියල් මිලියන ගණනක් ගිණුමකට මුදල් මාරු වී ඇති බවත් එයින් කොටසක් ප්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරාගේ ගිණුමට තැන්පත්වී ඇති බවත් හෙළිවුණා.

මොකක්ද මේ “ක්‍රිස් ගනුදෙනුව” !

අපි මේ කියන්න යන්නේ මේ කතාවේ තවත් පැත්තක්…..

ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් ලංකාවේ රගර් දියුනු කරන්න දුන්නු මිලියන 70 ක මුදලක් නිවැරදිව පාවිච්චි කරල නැහැ යනුවෙන් එවකට ( FCID)යට පැමිණිල්ල ඉදිරිපත් වු අතර එම චෝදනාව බරපතලවම එල්ක්ල වුයේ රාජපක්ෂලාගේ සිහින ජනාධිපති නාමල් රාජපක්ෂටය.

කෙසේ නමුත් බැල්ලීයෝ සමග නිදාගත් විට මැක්කෝ සමග නැගිටින්නට වන බව අමතක වු නාමල් මේ ගණුදෙනුවට පැටලුන අතර ඒ cචෝදනාව අද දක්වා ඔහුට එල්ල වෙමින් තිබේ. කොහොම නමුත් නාමල් මේ හුටපටයට පැටලෙන්නේ ජානකී සිරිවර්ධන…..නොහොත් ජානකී සිරිවර්ධන වරකාගොඩ හරහාය.ඇය ක්‍රිෂ් සමාගමේ දේශීය නියෝජිතවරිය මෙන්ම මෙයාගේ සැමියා නම් ඔබ හුග දෙනෙක් දන්නවා. ඒ රාජපක්ෂලාගේ කාලේ රාජ්‍ය උත්සව වල බෙර ගහල හොඳට හම්බ කරපු කලාකාරයෙක් වන ජයනාත් වරකාගොඩ. මුවන් පැලස්සේ කෝරාල වූ විජෙරත්න වරකාගොඩගේ පුතා. 2015 යහපාලන ආණ්ඩුව පැමිණිමත් සමගම “ක්‍රිස් ගනුදෙනුව” සම්බන්ධයෙන් නඩුවක් දමන්නට සියලු විස්තර ඇත්තටම යහපාලන රජයට ලබා දුන්නේ ජානකී සිරිවර්ධනයි.

ඊට ප්‍රධානතම හේතුව වුයේ ක‍්‍රිෂ් සමාගමේ ආයෝජන අවශ්‍යතාව වූයේ හම්බන්තොට වරාය ආසන්නයේ ව්‍යාපෘතියකි. නාමල් රාජපක්ෂ ලවා ඊට රාජපක්ෂ රජයේ අනුමැතිය ලබා ගැනීමේ විශේෂ උත්සාහ ගණනාවක ජානකී සිරිවර්ධන යෙදී ඇත. කෙසේ නමුත් හම්බන්තොට චීනයේ ආධිපත්‍යයට යටත් නගරයක් බවට පත් වෙමින් තිබීම මත එම අවස්ථාව ක‍්‍රිෂ් සමාගමෙන් ගිලිහී ගිය අතර ඇය එය වෙනත් වටයකින් දිනා දිම සදහා මෙහෙයුමක් ආරම්භ කිරිමට තීරණය කර තිබේ.

ජානකී සහ දැනට මුල්‍ය වංචාවන් වෙනුවෙන් අත් අඩංගුවේ සිටින තිලිණී අතර වෙනසකට ඇත්තේ ශරීර හැඩවල වෙනස පමණී.ඒ හැරෙන්නට දෙන්නාම කරන්නේ සිය ව්‍යාපාර ගණීකා වෘත්තීයේ යේදවිමය.

ජානකීගේ රතු පාටට මෙල්ල වු හර්ෂ සහ සේමසිංහ!

යහපාලන රජය බලයට ආවට පස්සේ ක්‍රිෂ් ව්‍යාපෘතියට නව රජයෙන් නොයෙක් බලපෑම් එල්ල වෙනවා. ව්‍යාපෘතිය නතර කරන්න කියලා ඒ කාලේ ක්‍රිෂ් සමාගමට විරුද්දව නිතර චෝදනා කරපු දෙදෙනෙකු වන්නේ හර්ෂ ඩි සිල්වා හා සුජීව සේරසිංහ යි.

සමාගමේ දේශීය නියොජිතවරිය හැටියට මේ ප්‍රශ්ණ විසඳාගන්න බාර වෙන්නේ ජානකී සිරිවර්ධනටයි. ඇය මෙයට සුදුකම් සපුරා ඇති බව අධ්‍යක්ෂවරුන් පවා දැන සිටි බව නොරහසකි.ඒ අනුව ඇය තීරණය කරනවා හොඳම විසදුම තමය් විරුද්ධවාදීන් ටික සතුටු කිරීම කියලා. ටික කාලෙකින් හර්ෂ ඩි සිල්වා හා සුජීව සේරසිංහ දෙන්නගෙම කට වැහෙනවා ඔබට මතක ඇති. තමුන්ට ක්‍රිෂ් සමාගමෙන් නීති උපදෙස් සඳහා රුපියල් මිලියන 10ක් ගෙවා ඇති බව සුජීව සේරසිංහ පාර්ලිමේන්තුවේම පවසනව.ක්‍රිෂ් සමාගමට තිබුන රුපියල් මිලියන 10ක් වටින නීති ප්‍රශ්නය මොකද්ද කියල අහන්න කාටවත් අමතක වුනා. ඉතින් බොහෝම නිත්‍යානුකුල විදියට සුජීව එයාගෙ පංගුව ගනිද්දි දොස්තර හර්ෂ ඩි සිල්ව ජානකිත් එක්ක හොරෙන්ම ඉන්දියාවේ ගිහින් ක්‍රිෂ් කට්ටිය හම්බ වෙන්න ගියා. ආපහු ඉන්දීයාවේ ඉදලා එනකොට එයත් සතුටින් මෙයත් සතුටින්. කටත් වැහිල එයා හිතන්නේ කවුරුවත් ඒ හොර ගමන දන්නේ නැහැ කියලා. වැඩේ වරදින්නේ හර්ෂව අල්ලපු හැටි ජානකී බීල පාටි කීපයකදි අනාවරණය කිරිමත් සමගයි.

මේ අතරතුර 2012 දී රගර් දියුණු කරන්න නාමල්ට දුන්න අනුග්‍රාහක මුදල සම්බන්ධයෙන් විස්තර ක්‍රිෂ් සමාගමේ අයිතිකරුවන්ගෙන් අවසරයකින් තොරව එවකට් තිබු දූෂණ මර්ධන කමිටුවට ලබාදිමට කටයුතු කළා.ඒ හරහා යහපාලනයේ ඉහල අතු කිහිපයක් සමග සමීප සබඳතාවයන් ආරම්භ කල ජානකී තමන්ගේ රැකවරණය සාදාගත් අතර 2019 ආණ්ඩුව වෙනස් වුවද රාජපක්ෂලාගේන්ද ඇයට ප්‍රශ්ණයක් නොවන්නට හෙතු වුයේ දෙපැත්තේම හුරතලීයක වන්නට ඇයට හැකි විම නිසාය. දැන වැඩේ වැරදිමට පටන්ගෙන තිබේ.මන්ද ඊළග රටේ බලය ලබා ගැනිම සදහා නාමල්ලා පාරිශුද්ධ මිනිසුන් බවට පත්විමට අවශ්‍ය මාර්ගය සකස් කරගත යුතුය ඒ සදහා තමන් නිවැරැදි යැයි ඔප්පු කිරිමට අවශ්‍ය සියල්ලම කරනු ඇත.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.