Featured

තුන්වේල කාපු අම්මා අද එක් වේලක් කාලා දරුවාට සීනි නැතු තේ කොප්පයක් දීලා දරුවාව සනසනවා

මෙතෙක් කල් තමන්ගේ දරුවා එක්ක තුන්වේල කාපු අම්මා අද එක් වේලක් කාලා තමන්තේ දරුවාට සීනි නැතු තේ කොප්පයක් දීලා තමන්ගේ දරුවාව සනසන තත්ත්වයකට පත්ව ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියා.ඒකාබද්ධ විපක්ෂයේ කාන්තා සංවිධානය විසින් කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේ ඊයේ (07) පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට එක් වෙමින් රාජපක්ෂ මහතා සදහන් කළේ හාල් සෙරුව වැඩිවෙලා ජීවන වියදම ඉහල ගිහින් කුස්සියේ ලූනු පොල් කට්ට අනූවට සීයට යනකොට ඒක දැනෙනේ වෙන කාටවත් නෙමෙයි ගෙදර අම්මාට බවයි.

“කාන්තාව අවුරුදු ගානක් එල්.ටී.ටී.ඊ එක් නිසා දුක් වින්දා, දැන් මේ ආණ්ඩුව නිසා කාන්තාව දුක් විදිනවා. එ්ත් මේ පීඩනයෙන් කාන්තාව මුදවා ගැනීමේ කාලය දැන් එළැඹී තියෙනවා. මේ රටට ඇතිවෙලා තියෙන ප‍්‍රශ්න හැමකෙනාව දන්නවා ඒ වගේම මම දැක්කා බෝඞ් එකක් අරගෙන යනවා එ්දා නිල ඇදුම් දුන්නාට අද කූපන් දෙනවා කියලා, ඉතින් මේක තමයි රටේ ජනතාව බලාපොරොත්තු වුන වෙනස.”

“මේතට ඉන්න කාන්තාවන්ම කියනවා කූපන් ලැබුනේ නැහැ කියලා, ඒත් කූපන් නැති වුනාට කොස් කොළයි ක්‍රෝටන් කොලයි නම් තියෙනවා. මේකට අපි අවදානය යොමු කළ යුතුයි ඒ වගේම අද වෙනකොට කාන්තාව සහ දරුවන් රැක ගැනීමේ වගකීම එක එක්කෙනාට බාර දීලා තියෙනවා. ඇත්තටම අද රට විකුණනවා, විරැකියාවෙන් කන්තාව පීඩාවට පත්වෙලා තියෙනවා. මේ විදිහට ගියොත් මේ අය තව මොනවා කපලා ඉවරවෙයිද කියලා හිතා ගන්න බැහැ. කාන්තා දිනය හෙටයි සමරන්න තිබුනේ ඒත් ඒ කට ආණ්ඩුව ඉඩකඩ දුන්නේ නැති නිසයි අද මෙතන එ් සැමරීම තියන්න තීරණය කළේ. ඒ වගේම මෙවර කාන්තා දිනයේදී අම්මා සුරකින්න ඔබ ගත්ත පියවර රට සහ ලෝකයම සුරැකින්න ගත්ත තීන්දුවක් විදහටයි මම දකින්නේ. ”

මහින්ද රාජපක්ෂ මහතා කල සම්පූර්ණ කතාව පහතින් අහන්න 

Top