Breaking
25 Feb 2025, Tue

තොපේ ප්‍රජාතන්ත්‍රවාදය මේකද?

කුමාර් ගුණරත්නම් නිදහස් කරන ලෙස බල කරමින් අද 04/01 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබුණි. මෙම විරෝධතාව පැවැතුනේ පුංචි බොරැල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිටය. මෙහිදී උද්ඝෝෂකයන් ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළට පිවිසීමට යාමේදී පොලිසිය විසින් ම්ලේච්ඡු ප‍්‍රහාරක් එල්ල කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව

දෙදෙනෙක් ඇවිත් මීට පෙර අවස්ථා දෙකකදී කුමාර් ගුණරත්නම් සහෝදරයාට පුරවැසිභාවය ලබා දෙන ලෙස ඉල්ලා අයදුම් පත් භාර දුන් බවත්. නමුත් අඩුම තරමින් ඒ සඳහා ප‍්‍රතිචාරයක් වත් නොදැක්වීම නිසා මෙවර උද්ඝෝෂණයකින් මේ ස්ථානයට පැමිණියේ කුමාර් ගුණරත්නම්ට පුරවැසිභාවය ලබා දෙන ලෙස බල කිරීමට බවයි. නමුත් ඒ කිසිදු කාරණයක් නොසලකා වත්මන් ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්වභාවය නිරූපනය කරමින් ඇතිවූ තෙරපීමේදී පොලිසිය විසින්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීදුරු කඩා ඒ මතට ඇද වැටුණු උද්ඝෝෂකයන්ට පොලිසියෙන් ම්ලේච්ඡු ලෙස පහර දුන් බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව සඳහන් කළේ. වත්මන් ආණ්ඩුව ලබා දෙනවා කිවු ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙයද යන්නයි. මෙවැනිම සිදුවීම් හමුවේ තිලංග සුමතිපාල, විමල් වීරවංශ වැන්නන්ට පැය කිහිපයක් ඇතුලත පාස්පෝට් ලබා දීමට මැදිහත්වූ පාලකයින් කුමාර් ගුණරත්නම් සම්බන්ධයෙන් වෙනස්ව සැලකීම පිළිබඳ ඔහු මෙහිදී ප‍්‍රශ්න කළේය.

අධිකරණයේදී පවා මෙය දේශපාලන බල අධිකාරිය මැදිහත්විය යුතු ප‍්‍රශ්නයක් බව කියා තිබියදී ආණ්ඩුවට එය මායිම් නොකර සිටීම හා ආගමන විගමන දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතන මෙම සිදුවීමට සම්බන්ධව ක‍්‍රියාකරන පරස්පර ආකාරයන්ගෙන් මෙය දේශපාලන අනුදැනුම මත සිදුවන්නක් බව පැහැදිළි බවත් ඔහු පැවසීය.

නීතිය යන්නට මිනිසුන් ගරු කරන්නේ නීතිය යුක්තියට යටත්ව තිබෙන තත්ත්වය යටතේ බවත් යුක්තියට යටත් නොවන නීතිය මගින් සැබෑ සාධාරණයක් අපේක්ෂා කළ නොහැකි බවත් ඔහු පැවසීය. මේ පවතින් ඉතාම අපහසු තත්වය මධ්‍යයේ උවත් පීඩිතයන් වෙනුවෙන් ගෙන යන අරගලය අඟලක් හෝ පසුපසට නොගන්නා බවත්. කුමාර් ගුණරත්නම්ට දේශපාලන අයිතීන් දිනා ගැනීම සඳහා ජාතිකව මෙන්ම ජාත්‍යන්තරවද අරගල කරන බවත්. ඒ සියලූ භාදා මැද නව වමාංශික ව්‍යාපාරයක් ගොඩනැගීමට ගන්නා උත්සහයේ වඩා අධිෂ්ඨානශීලීව යෙදෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Pera (1) Pera (3) Pera (4)

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.