Featured

දකුණේ නායකයන් සමග මගේ සාකච්ඡා නෑ-CV ගොරවයි, සිරිසේන උතුරට බඩගායි

දකුණේ ජනයා කෝපයට පත්වෙන් අකාරයේ සිදුවිම් රැසක්ම පසුගිය කාලසිමාවේ සිදුවිම පිළිබඳව තමන් අවධානයෙන් පසුවන බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා උතුරු පළාත් මහා ඇමති සී වී විග්නේෂ්වරන් මහතාට තමන් වහාම හමුවන ලෙසය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කල ඉල්ලිම මහ ඇමතිවරයා ප්‍රතිකේෂ්ප කර තිබේ.

ඒකිය රටක් තුළ බලය බෙදීම අසාර්ථක බවත් අවශ්‍ය වන්නේ ෆෙඩරල් ක්‍රමයක් බවට වු යෝජනාවක් උතුරු පළාත් ,ප්‍රධාන අමාත්‍ය සි .වි විග්නේෂ්වරන් ප්‍රමුඛ බෙදුම්වාදීන් යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සදහා ඉදිරිපත් කිරිම සහ එය උතුරු පළාත් සභාව තුල ලබන 28 වැනිදා සම්මත කර ගැනිමට කටයුතු කිරිම හා ඒ හරහා ශ්‍රී ලංකාව ප්‍රාන්ත 02 ක් ලෙස වෙන්කල යුතු බවද සදහන් කර තිබේ.

මිට අමතරව නාගදීප විහාරස්ථානයේ ඉදි කිරීමට නියමිත බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීමට එරෙහිව යෝජනාවක් උතුරු පළාත් සභාව වෙත ඉදිරිපත් කිරිම සහ රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ තමල්නාඩු නියෝජිත අග්නි සුබ්‍රමනියම් උතුරේ සංචාරය කිරිම, ත්‍රස්තවාදී ප්‍රහාරයක් සම්බන්ධයෙන් බුද්ධි අංශ අනතුරු වාර්තා කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ජනාධිපතිවරයා මෙම සාකච්ඡාව සදහා  උතුරු පළාත් ,ප්‍රධාන අමාත්‍ය සි .වි විග්නේෂ්වරන්ට අරාධනා කර තිබේ.

කෙසේවෙතත් ජනාධිපතිවරයා සාකච්ඡාවක් ඉල්ලා යැවු ඉල්ලිම ප්‍රතිකේෂ්ප කරමින් විග්නේෂ්වරන් පවසා ඇත්තේ තමන්ට දකුණේ නායකයන් සමග දකුණට ගොස් සාකච්ඡා පැවැත්විමට අවශ්‍යතාවක් නොමැති බවයි.දකුණේ නායකයන් සමග සාකච්ඡා කිරිමට විපක්ෂ නායකයා සිටින බවද දන්වා තිබේ.

පසුව  ලබන 18 වැනි දා මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා උතුරේදි  උතුරු පළාත් ,ප්‍රධාන අමාත්‍ය සි .වි විග්නේෂ්වරන් හමුවි සාකච්ඡා කිරිමට තිරණය ර තිබේන බව ජනාධිපති මන්දිරයේ අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

 

Top