Breaking
23 Feb 2025, Sun

දමිළයින්ගේ පිපාසය දෙමළ ඊලාම් මව්බිමයි-මැතිවරණයෙන් එය තහවුරු වුනා

දමිළයින්ගේ පිපාසය දෙමළ ඊලාම් මව්බිම බවත් සිංහල රාජ්‍ය යාන්ත්‍රණය විසින් ආක්‍රමණය කර ඇති දෙමළ ජනතාවගේ මව්භූමි ප්‍රදේශයේ පැවති, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන සිටින දෙමළ ජාතික සන්ධානයට රටින් බැහැර දෙමළ ඊළාම් රජය සුබ පැතුම් නිකුත් කරමින් වී.රුද්‍රකුමාරන් කියා සිටි.

දෙමළ ඊළම ඇතුලත් තෝරාගැනීම් සහිත ජනමත විචාරණයක් මගින් පමණක් ජනතාවගේ සැබෑ කැමැත්ත පිළිබිඹු වනු ඇත. මේ මස 17 වන දින පැවති ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයෙන් දෙමළ මව්භූමි ප්‍රදේශයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලද දෙමළ ජාතික සන්ධානයට රටින් බැහැර දෙමළ ඊළාම් රජය තම සුබ පැතුම් ප්‍රකාශ කරන බවයි එහි දක්වා ඇත්තේ.

මෙම මැතිවරණයේදී ‘පක්‍ෂ වලට සහයෝගය දක්වන ක්‍රමවේදය වෙනුවට සමහර ස්ථාවරයන් ජනතාවට ඉදිරිපත් කර ඒවා පදනම් කරගෙන තම ඡන්ද ලබා‍දෙන්න’ යනුවෙන් අප ජනතාවගෙන් ඉල්ලා සිටියෙමු. අප ඉදිරිපත් කල ස්ථාවරයන් අතර, දෙමළ ජනතාව පාරම්පරික මව්බිමක් ඇති, ස්වයං නිර්ණය අයිතියට සුදුසු ජාතික ජන වර්ගයක් යන තිම්පු මූලධර්ම දෙමළ ජාතික සන්ධානය තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුලත් කර තිබුණ බවත් එය උතුරේ ජනතාව සම්මත කර ඇති බවද වී.රුද්‍රකුමාරන් පෙන්වා දි තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව පිළිබඳව සඳහන් කල මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ ‘ජාත්‍යන්තර පරීක්‍ෂණයක්’ යන්න අවධාරණය නොකලත්, මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදී දෙමළ ජාතික සන්ධානයේ අපේක්‍ෂකයින් විසින් ජාත්‍යන්තර පරීක්‍ෂණය අවධාරණය කර තිබුණී. අප ප්‍රකාශ කල අනෙක් කරුණු පිළිබඳවත් දෙමළ ජාතික සන්ධානය වැඩි අවධානයක් යොමුකල යුතු බව මෙම අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ නායකයින්ගෙන් ඉල්ලිමක්ද කර තිබේ.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.