Breaking
23 Feb 2025, Sun

දවසටම කන්නේ එක වේලයි…රෑට බිත්තියේ පස් කනවා…බඩුමිල අහස උසට… ජනතාවගේ සහනාධාර කෙලවරටම කපලා…. හොදට තිබ්බ රටක් රට වැටිච්ච තැනක්

Published on: Feb 2, 2020- පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මොරදෙණිය ග්‍රාම නිලධාරී වසමේ, ඉතා දිළිඳු පවුලක දරුවකු අධික කුසගින්න හේතුවෙන් තම නවසේ බිත්තිවල ඇති මැටි ආහාරයට ගන්නා පුවතක්කො ලොන්නයාය ගම්මානයෙන් වාර්තා වේ.

පවුලේ කිසිවෙකුටත් ස්ථීර ආදායම් මාර්ගයක් නොමැතිකමින් දැඩි අසරණභාවයට පත්ව සිටින ඔවුන් ඇතැම් දිනවල කුසගින්නට ආහාර නොමැතිව නිරාහාරව සිට නබවත් තම වැඩිමහල් දියණිය බිත්තිවල පස් ආහාරයට ගන්නා බවත් එම දියණිගේ මව වන 32ක හැවිරිදි බී.එම් රම්‍යලතා මහත්මිය සඳහන් කරයි.

අපි ගොඩක් දුප්පත්. මහත්තයටවත් මටවත් ස්ථීර අදායම් මාර්ගයක් නැහැ. අපි ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුවයි පුතයි. අපි එදා වේල පිරිමහගන්නේ බොහොම අමාරුවෙන්. උදේට කෑවොත් දවල්ටත් නැහැ රෑටත් නැහැ. රූට කෑම ඉල්ලපුවහම දෙන්න දෙයක් නැති නිසා මම වේලාසනින් දරුවන්ව නිදි කරවනවා. ලොකු දරුවා ගැහැණු දරුවෙක්. එයා ගෙදර තියෙන බිත්තිවල පස් කනවා. සමහරදාට නින්දෙන් නැගිටල බත්ති සූරගෙන කනවා. ගෙයි මේ හැම තැනම තියෙන්නේ සූර සූර පස් කාපු තැන්.

මොවුන් 77/3 කොලානයාය, සේරන්කඩ යන ලිපිනයේ කටුමැටි සහිත සෙවිලි තහඩුවලින් සැදූ කඩා නිවසක පදිංචිව සිටින අතර 12 හැවිරිදි තම දියණිය පාසල් නොයන බවත්, 6 වැනි වසර දක්වා පාසල් අධ්‍යාපනය හැදෑරූ බවත් ඉන් පසුව ඇගේ පාසල් ගමන නතර වූ බවත් එම දියණියගේ පියා වන 46 හැවිරිදි එන්.ඩබ්ලිව් ධර්මදාස මහතා සඳහන් කරයි.

අපි ඉන්න හිටින්න හරි හමන් තැනක් නැහැ. මට ඔනේ මේ ගේ කෑල්ල හදා ගන්න. අපිට කවුරු හරි උදව් කරන්න කියලයි අපි ඉල්ලන්නේ. මට ස්ථීර රස්සාවක් නැහැ. දරුවෝ දෙන්නයි නොනයි එක්ක අපි ජීවත්වෙන්නේ හරිම අමාරුවෙන්. මම කුලී වැඩ කරන්නේ. කුලී වැඩ හැමදාම නැහැ. අපිට කන්න නැතත් කමන් නැහැ. මේ ගෙයි බිත්ති පෙරළෙන්න ළඟයි. ගෙයක් හදාගන්න උදව් වෙනවනම් ලොකු දෙයක්. ඒ වගේම අපේ දරුවෝ වෙනුවෙන් පිං පඩි කාඩ් එකක් හදලා දෙන්න කියලත් ඉල්ලනවා. යැයි එම පියා වැඩිදුරටත් පවසයි.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.