Breaking
23 Feb 2025, Sun

දළදාව උනත් විකුණන් කන බෞද්ධ යැයි කියන අඩුකුලේ පර හැත්ත… කෝටි 9කට විකුණා මාලිගාවට ලක්ෂ 7ක් දි කොකාත් පෙන්නලා

ශ්‍රී දළදා මාලිගාවට අයත් ප්‍රවේණි ඉඩම් විකුණා ලැබූ කෝටි ගණනක මුදලක් යටිමඩි ගසා ගැනීමක් පිළිබඳ පොලිස් පරීක්‍ෂණ හරහා කරුණු හෙළිවී තිබේ.

ශ්‍රී දළදා මාලිගාවට අයත් ප්‍රවේණි ඉඩම් ලෙස හඳුනා ගත් පේරාදෙණියේ පිහිටි උඩවත්ත සහ මල්නයිදාගේ හේන නැමති අක්කර 9ක් විශාල ඉඩම් දෙකක් රුපියල් 92,870,000කට සින්නක්කර ඔප්පු මගින් විකුණා ඇත. ඉඩම් විහාර දේවාල ගම් ආඥා පනත අනුව ප්‍රවේණි ඉඩම් විකිණිය හැකිය. එහෙත් එසේ විකුණන අවස්ථාවක එකී ඉඩම් ප්‍රවේණි ඉඩම් බව දැක්විය යුතු අතර, ඉඩම් මිල දී ගන්නන් ශ්‍රී දළදා මාලිගාවේ රාජකාරිවලට යටත් බව සඳහන් කළ යුතුවේ. එහෙත් මෙම ඉඩම් විකිණීම පිණිස පාර්ශ්වකරුවන් ලෙස දියවඩන නිලමේ නිලංග දෑල අත්සන් කර ඇති නමුත් එකී ඉඩම් ඔප්පුවල ශ්‍රී දළදා මාලිගාවේ රාජකාරිවලට අයත් බව දක්වා නැත. මේ ඉඩම් විකිණීමෙන් රුපියල් 92870000ක ආදායමක් ලබා ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවේ. එහෙත් මේ සුවිසාල මුදල් ප්‍රමාණයෙන් ශ්‍රී දළදා මාලිගාවට ලැබි ඇත්තේ රුපියල් 730000ක් පමණය.

විහාර දේවාල ගම් ආඥා පනතේ 27 වගන්තිය අනුව, රාජකාරි අයිතිය සතු ඉඩම් වෙනත් අයකුට පැවරිය සිදුකළ හැකිය. එවැනි පැවරීමක් සිදු කළ වහාම ඉඩමේ නව හිමිකරු ඒ බව බෞද්ධ කටයුතු කොමසාරිස් වෙත දැන්විය යුතුව ඇත. එහෙත් විහාර දේවාල ගම් ආඥා පනත අනුව මෙම ඉඩම් කොටස් මිල දී ගත් කිසිවකු මේ නියමය අනුව ක්‍රියා කර නැත. ඊට හේතුව එකී ඉඩම් හිමිකම පැවරූ සින්නක්කර ඔප්පුවල අදාළ ඉඩම් රාජකාරියට යටත් බව සඳහන් නොවන බව පරීක්‍ෂණ වාර්තා අනුව හෙළිවී ඇත.

ලබා ගත් සාක්‍ෂි සටහන් අනුව රාජකාරි වෙනුවෙන් රුපියල් 730000ක මුදලක් ශ්‍රී දළදා මාලිගාවේ තැම්පත් කර ඇත. එකී තැම්පත් කළ යුත්තේ නව ඉඩම්ලාභීන් විසිනි. එහෙත් ඉඩම් මිලට ගත් කිසිවකු තමන් තැම්පත් කළ මුදල් ප්‍රමාණය ගැන දැනුවත්ව නැත. සත්‍ය ලෙසම සිදුවී ඇත්තේ රාජකාරි ඉඩම් කට්ටි කඩා විකිණීමේ දී ලබා ගත් ආදායමෙන් වැඩි කොටසක් යටිමඩි ගැසීමය. රාජකාරි කළ යුත්තේ ඉඩම්ලාභීන් විසිනි. එහෙත් මෙම ඉඩම් මිල දී ගත් කිසිවකු තම ඉඩම් ප්‍රවේණි ඉඩම් බව දැනුවත්ව නැත.

එසේම මෙකී ඉඩම් හිමියන් වෙනුවෙන් රුපියල් 730000ක මුදල තැම්පත් කර ඇත්තේ ඉඩම් ගනු-දෙනුවට සම්බන්ධ අතරමැදි පුද්ගලයන් විසිනි. මෙකි රාජකාරි ඉඩම් ඉරහඳ පවත්නා කල් භාරයක් ලෙස ශ්‍රී දළදා මාලිගාවට අයත් විය යුතුව ඇත. එහෙත් මෙකී දූෂණය නිසා එකී ඉඩම් ප්‍රමාණයේ වෙළෙඳපොළ වටිනාකම හෝ එකී ලේඛනවලින් සඟවා එකී ඉඩම් අවිධිමත් ලෙස විකුණා ඇත. මෙම වංචාව හෝ දූෂණය ගැන නීතිපති වෙත පැමිණිලි කර ඇත. එසේම මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට අංක බී 34983/2015 සහ 2015.05.29. දින ඇතිව කරුණු වාර්තා කර තිබේ.

දිණමින උපුටා ගැන්මකී

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.