Featured

ද්‍රවිධ ජාතික සන්ධානයට ඇමතිකම් 5ක් -ජනපතිගෙන් ඇරයුමක්

ජාතික ආණ්ඩුවේ ඇමතිකම් සදහා ද්‍රවිධ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු නිර්දේශ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද්‍රවිධ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතාට දැනුම් දි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. පසුගිය නොවැම්බර් 25 වෙනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්‍යාලයේ දෙමළ සන්ධාන නායකයා සහ තවත් කණ්ඩායමක් සමග පැවැති විශේෂ හමුවේදි මේ බව සාකච්ඡා කර තිබේන අතර ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිමේ කාර්යය ඉතා ඉක්මනින්ම සිදුකිරිමට අපහසු බැවින් එම කාලය තුල උතුරේ සංවර්ධනය සක්‍රිය කිරිම සදහා මෙම ඇමතිකම් භාර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා ද්‍රවිධ සන්ධානයට දැනුම් දි ඇත්තේ.

ඒ අනුව උතුරු/නැගෙනහිරි ප්‍රදේශ සංවර්ධනය කිරිමට අදාළව ඇමතිකම් භාරගැනිමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා ද්‍රවිධ සන්ධානයෙන් ඉල්ලා ඇත්තේ.මේ අතර පසුගියදා ද්‍රවිධ ජාතික සන්ධනයේ සමාජිකයන් අතර හදිසියේ පැවැති හමුවේදි ද මේ සම්බන්ධයෙන් පුලුල්ව සාකච්ඡා කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

විපක්ෂ නායක බෙදුම්වාදී දෙමළ සන්ධාන නායක ආර්.සම්බන්ධගේ පාර්ලිමේන්තු කාර්‍යාලයේ පැය දෙකකට අධික කාලයක් පැවැති රැස්විමේදි ජනාධිපතිවරා හමුවේ ද්‍රවිධා සන්ධාන නායකයින් පවසා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා බලය බේදිමේ ක්‍රියාවලිය ජාත්‍යන්තරය හමුවේ ලංකා ආණ්ඩුව අත්සන් කල ගිවිසුම ප්‍රකාරව සිදුවිය යුතු නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම් විවිධ විරුද්ධ මත දැරිම හේතුවෙන් තම පක්ෂය බරපතළ අර්බුදයකට මුහුණ දි සිටින බවද පෙන්වා දි තිබුනා.

කෙසේවෙතත් අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ ජාතික ආණ්ඩුව අවසන් කර මෛත්‍රී පිළ විපක්ෂ නායකකම ගැනීම හරහා ඒකාබද්ධය කඩන්න ප්ලැන් A ක්‍රියාත්මක කිරිමට රහසේම කටයුතු කරමින් සිටින සිරිසේන එහිදි ද්‍රවිධ සන්ධානයට අහිමි වන විපක්ෂ නායක කම වෙනුවට ඔහුන්ට ඇමතිකම් ලබාදිම සදහා වු මෙහෙයුම මේ හරහා ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

මේ අතර ලබන 9,10,11 දිනවල විවාදයට ගැනිමට නියමිත ව්‍යවස්ථා කමිටු වාර්තාව 6 පිළිබඳව විමර්ශණය කිරිමට ජාත්‍යන්තර සහයද ඇතිව විමර්ශණ කමිටුවක් කටයුතු කරනු ඇති බව අද දෙමළ ජාතික සන්ධානය ජාත්‍යන්තර මාධ්‍ය හරහා අනාවරණය කර තිබේ.

http://www.sinhala.lnwtoday.com/archives/14621

Top