Breaking
24 Feb 2025, Mon

ද්‍රෝහීන්ගේ නපුරට වඩා යහපත් මිනිසුන්ගේ නිහැඩියාව භයානකය

නිරුධක කතරක් මැදින්  විඩා බරව ඉදිරියට ඇදෙන ගැල් කන්ඩයකි. ගැල් කන්ඩයේ නායකයා හමුවට පැමිනි ආගන්තුක පිරිසකි. නෙලුම් අල කමින්  ඔවුන් පැමිනියේ මඩ තැවැරුනු කරත්තයකිනි. ගෙල වටා නෙලුම් මලින් ගෙතූ මාල විය. හිසකේ ඇදුම් දියෙන් තෙත්ව තිබුනි. ගැල් කන්ඩයේ නායකයා  හමුවේ ඔවුන් කියාසිටියේ හූ කිහිපයක දුරින් නිල්වන් වනාන්තරයක් ඇති බවය.පස් පියුමෙන් සුසැදි විල් එහි ඇති බවය. නිරන්තරයෙන් එහි වැසි වසින බව කිහ.තුරු ලතා ඵල බරව බිමට නැමී ඇති බව කීහ. සේවකයන්  සහ   ගැල් ගැල් බැදි සතුන් වෙහෙසට පත් කරමින් ජලය සහ ආහාර තව දුරටත්  රැගෙන යාම නිෂ්ඵල බව ඔවුන් පැවසුවෝය.

වලාකුලක සේයාවක් නොමැතිව වැසි වසින්නේ කෙසේදැයි ගැල් කන්ඩයේ නායකයා  බුද්ධියෙන් විමසීය. අවධානමක සේයාව ඉව වැටිනි.වහා ක්රියාත්මක වූ ඔහු  යුතු දේ සහ නොයුතු පිලිබදව විනය පැනවීය.ගැල් පිරිස නායකයාට අවනත විය . මිනිස් වෙස් ගත් යක්ෂයන්ගේ සැලසුම වූයේ ජලය සහ ආහාර නොමැතිව අතරමං වන ගැල් කන්ඩායම ගොදුරු කර ගැනීමය. කරුනු කාරනා නුවනින් විමසා බැලූ නායකයා  නිසා ගැල් වෙලදුන්ගේ ජීවිත බේරුනි. මේ අපන්නක ජාතකයේ පනිවිඩයයි.

අප ගන්නා තීන්දු තීරණ   විමසා බලා සිදු කල යුතුය. අවිචාරවත් තීන්දු විනාශයේ මුලය. එලබෙන මැතිවරනය ලංකාවේ ඉදිරි ගමන තීරනය වන සංදිෂ්ථානයකි. රටේ පාලන බලය  පවරන්නේ කවරෙකුටදැයි  දැයි නුවනින් යුතුව ජනයා තීන්දු කලයුතුව ඇත.

01. 2015 ජනාධිපතිවරණයේදී  සිදුවූයේ කුමක්ද ?

මහින්ද වෙනුවෙන් ප්‍රකාශිත වූ  ඡන්ද වලින්  රට ගැන කැක්කුමක් ඇති  සිංහල බෞදධ හඩ  නියෝජනය විය. දෙමල සහ මුස්ලිම් ඡන්ද සියල්ල ප්රකාශ වූයේ මෛත්රී  වෙනුවෙනි. දෙගිඩියාවේ වූ සිංහළ ඡන්ද සුලු ප්‍රතිශතයක් ”යහ පාලන” මිත්යාවේ පැටලුනි. වාණිජ සංස්කෘතිය හා බැදුනු  එ.ජා.ප සිංහල ජන්ද සිරිසේන වෙනුවෙන් ප්රකාශ විය.මෙකී ත්රිවිධ බලවේගය හමුවේ සිංහල බෞද්ධ හඩ පරාජය විය. සුලු ජාතීන් හා ගොනුවූ සිරිසේන  රජ විය.

02. ජනවාරි 8 ජනාධිපතිවණ ප්රතිඵලයෙන් පසු   මහින්ද සතු වූ බලය සිරිසේනට  ලැබුනේද?

ප්‍රතාපවත් මහින්දගේ  බලය සරල චාම් සිරිසේනට මාරු වනු ඇතැයි පුරවැසියන් සිතුවේය.නමුත් එය එසේ සිදු නොවිනි.සරල චාම්  සිරිසේන  බල හුවමාරුවට යොදාගත් ඉත්තෙකු පමනක් විය.මහින්ද සතු වූ බලය සැබවින්ම මාරු වූයේ ඉන්දියාව ප්‍රමුඛ විජාතික බලවේගය වෙතය. මෙය අන් කිසිවක් නොව පුරවැසියන්ගේ ඇසට වැලි ගසා සිදුකල කුමන්ත්රනයකි.

03. මහින්දගේ නික්ම යාම   කුමන්ත්රනයකින් වූ  බව පිලිගැනීමට ඇති කරුනු මොනවාද ?

ආරාබි වසන්තය ලෙසින් ගෙන ආ රේජිම් චේන්ජ් ව්යාපෘතියේ තවත් එක්  පියවරක් ලංකාව තුල සිදුවිය. ව්යාපෘතියේ මෙහෙයුම් මැදිරි වූයේ ඉන්දියාව,බ්රිතන්ය සහ ඇමෙරිකනු තානාපති කාර්යාලය. ‘රෝ’ ඔත්තු සේවය මහ මොලකරු විය.  මේවා  හිතලු නොව දෙස් විදෙස් ජනමාධ්ය හමුවේ මහින්ද විසින් වගකීමෙන් හෙලිදරව් කල තොරතුරුය. මහින්දගේ නික්මයාමෙන් පසු  දිවයිනට වහා ගොඩ බට මොඩි සහ කෙරී ඔහු කී දෑ සනාථ කලේය.දේශීය චින්තනයට පනදෙන ලොව ඕනෑම රාජ්ය නායකයෙකු   බලවතුනට තර්ජනයකි.

04. ඉන්දියාව ප්‍රමුඛ විජාතික බලවේගයට මහින්ද තර්ජනයක් වූයේ කෙසේද?

ඉන්දියාව ප්රමුඛ බටහිරයයන් කිරි පොවා ඇති දැඩි කල කොටි කල්ලිය මහින්දගේ මිලිටරිය හමුවේ අවසන් විය.ඊලාම් ව්යපෘතිය ඇනහිටියේය. යුද්ධය අවසන් කල ඔහු නැගෙනහිර බටහිර යා කරමින් වරායක් හා ගුවන් තොටක් තැනුවේය.පැරිසියේ අයිපල් කුලුනටත් වඩා උස නෙලුම් කුලුන තනමින්   ගුවන් විදුලි සංප්රේශනයේ සහ  චරපුරුශ ක්‍රමෝපායන්හි  බලවතෙකු විය.චීනය හා එක්ව රට  නව මගක ගියේය.ඉන්දියාවට සහ බටහිරයන්ට මෙය ඇසට කටු අනින්නක් විය.

05. හම්බන්තොට වරාය , මත්තල ගුවන්තොට,  අධි වේගී මර්ග නිෂ්ඵල ව්යාපෘති ද ?

ආර්ථික ක්රමවේද කෙටි කාලීන, මධ්ය කාලීන හා දිගුකාලීන ලෙස ත්රිවැදෑරුම්ය. ගුවන් තොටුපලක් සැදූ සැනින් ගුවන් යානාවලින් පිරීගිය තැනක්  ලෝකයේ කිසිදු රටක නොමැත. වරායක් තැනූ සැනින් නැව් වලින් පිරී ගිය රටක් ලෝකයේ කිසිදු රටක නොමැත.අධිවේගී මාර්ගයක් තැනූ සැනින් වියදම පියවා ගත හැකි ක්රමයක් මිහිපිට නොමැත.මේ සියල්ල බිහිවූයේ රටේ හෙට දවස වෙනුවෙනි.ඩොලර් කුට්ටි වලට කඩේ යන ආචාරියවරුද සැබෑ තතු සගවා සංවර්ධන ක්‍රියාවලිය ද්වේශ සහගත විවේචනයට ලක් කරයි. චීන ආයෝජන වහ කදුරු සේ දකින ඇමෙරිකාව සහ  ඉන්දියාව බොරුව පැතිරවීමට පූර්ණ අනුග්‍රහය දක්වයි.

06. වී වේලීමට, මසුන් බෑමට රනිල්  යොජනා කරන වරාය හා ගුවන්  තොටුපල මහින්ද යටතේ ක්රියාත්මක වීමට යෝජිත වූයේ කෙසේද ?

ලංකාව  ලෝක ගුවන් හා නාවුක  සිතියමේ  මර්මස්ථානයක් බව අමුතුවෙන් කිව යුතු නැත.ලෝක බලවතුන්ගේ ආර්ථික හා දේශපාලන න්යාය පත්රය  අනුව මෙහි වටිනාකම දිනෙන් දිනම වැඩිව ඇත. නව සියවසේ චීනයේ ආර්ථික ක්රියාවලිය  රදා පවතිනුයේ  අප්රිකානු මහාද්වීපයෙන් උකහා ගනු ලබන සම්පත් මතය.ඒ අනුව ඛනිජ සම්පත් නල මගින් ලංකාවට රැගෙන විත් යලි චීනයට පැටවීම  නියමිත විය.  මෙකී ක්රියාවලියේ වැඩපොල  ස්ථාපිත කිරීමට යෝජිත වූයේ හම්බන්තොටය.

07. දලදා මලිගාව අභියෙස මෝටර් රථ පැදීම සහ වේස ගෑනුන් නැටවීම සත්‍ය ද?

මහනුවර නගරයේ වැව රවුම වටා දිවෙන මෝටර් රථ ධාවන තරගය නාමල් හදුන්වා දුන්නක් නොව  එයට අවු 100 ක පමන ඉතිහාසයක් ඇත.අනාදිමත් කලක  පටන් නුවර සිරි එලි කරමින් පැවතුනු  මෝටර් රථ තරග නතර වූයේ දලදා මාලිගාවට එල්ල වූ කොටි ප්‍රහාරය නිසාය.තවද  පෞද්ගලික ආයතනයක් විසින් සිය වෙලද  ප්‍රවර්ධනය වෙනුවෙන් ගෙන ආ නැටුම් ශිල්පිනියන්  තිදෙනෙකු මුල් කොට වේස ගෑනුන් නැටවූයේ යයි පැවසීම අරුත් සුන් මඩ ප්‍රහාරයකි. මෙම මෝටර් රථ තරගයේ සැබෑ අරමුන වූයේ සිය පියා විසින් නිදහස් කල භූමියෙහි අසිරිය ලොවට රැගෙන යාමය .

08. මහින්දෙගේ රජය දුෂිතද? රනිල්ගේ යහපාලන රජය පිවිතුරුද ?

මහින්දට හොරා යයි ලේබල් කිරීම ඉන්දියාව සමග බටහිරයන් මෙහෙයවූ  රෙජිම් චේන්ජ් ව්යාපෘතියේ පලමු කොටසයි. දුෂණයෙන් සහ වංචාවෙන් තොර වූ රටක් මිහිපිට නොමැත.ලොව සියලු රාජ්ය තන්ත්ර පවතිනුයේ  දුෂණය හා උනෙන් උර ගැටී දිවෙන රාමුවක් තුලය.දුෂණයෙන් තොර පාලන සංකල්පය  මිරිගුවක් වුවද දේශපාලන කරලියේ ඊට ඇත්තේ ඉහල ඉල්ලුමකි. රෙජීමය දූෂිතයයි ලේබල් ගැසූ  ඉරාකයට,ලිබියාවට,  සහ සිරියාවට බටහිර බලවතුන්  රැගෙන ආ පිවිතුරු පාලනය ඇස් පනාපිට දැකිය හැක.කවුරු කෙසේ කීවද මහින්ද හොරෙක් යයි ඒත්තු ගැන්වීම් හෙල බොදුනුවන්ගේ චිත්ත  සංතානයට නුහුරුය.

09. ආර්ථිකය හැසිරවීමට  මහින්දට වඩා රනිල් සුදුසුද?

රනිල්, රටේ සහ ජනතාවගේ සකල සංබුද්දයම තැන්පත් මහ බැංකුව භාරදුන්නේ පුරවැසිභාවයවත් නොතිබූ  දෙමලෙකුටය. ඔහු පලමු ගනුදෙනුවෙන්ම කෝටි 5000 ඉතිහාසගත ගැහිලක් ගැහුවේය.රාජ්ය සම්පත් විකිනීම සහ පෞද්ගලීකරණය තුලින් ඇති හැකිවුන් තවත් පෝශනය කිරිම රනිල්ගේ ආර්ථික ප්රතිපත්තියේ කොටසකි.රනිල්ගේ  අර්ථිකය හසුරුවනු ලබන්නේ විජාතික බලවේග විසිනි.  මක්නිසාදයත් රනිල් බලයට පැමිනෙන්නේ ඔවුන්ගේ කර මතින් නිසාය.

10. රනිල් ලොව පිලිගත් රාජ්ය තාන්ත්‍රකයෙක්ද?

විදේශ න්‍යාය  පත්‍රයකට අනුව වැඩ කිරීමෙන් ශ්රී ලංකාවේ රජ විය හැකි බව රනිල්ගේ විශ්වාසය වෙයි. ඔහු දේශපාලය කරනුයේ ගෙන්දගම් පොලවේ මහ ජනතාව සමග නොව තානපතිවරු සමගය.ඒ අනුව රනිල්ගේ දේශපාලනයේ ප්රතිලාභ ගලායනුයේ මහජනතාව වෙත නොව  තානාපති කල්ලි වලට,දෙමල ඩයස්පෝරාවට සහ එන්.ජී.ඕ ව්යාපාර වෙතය.රනිල් ලොව පිලිගත් රාජ්ය තාන්ත්රිකයෙක් වන්නේ මෙකී අරුතෙනි.

11. රනිල්ගේ සහ මහින්දගේ මැතිවරණ ව්යාපාරයේ ප්රධානතම වෙනස කුමක්ද?

මහින්දගේ නායකත්වය යටතේ සිංහල බෞද්ධ ජනතාව ඒකරාශි විය. එකී ජන බලය අසමසම විය.රජුන් තනන්නේ තමන් යයි පාරම් බෑ සුලු ජාතික නායකයන්ට මහින්ද හමුවේ වැලේ වැල් නැතිවිය. නමුත් රනිල් දේශපාලනය කරනුයේ සුලු ජාතීන් හමුවේ වැද වැටෙමිනි. රනිල්ගේ ව්යපෘතිය හරහා සිදුවනුයේ රජුන්  තැනීමේ බලය යලි සුලු ජාතියන්ට පැවරීමය.

12. යුධ අපරාධ පිලිබද විමර්ශනයක් අවශය ද?

එ.ජා සවිධානය සමග එක්ව යුධ අපරාධ චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීමට මහින්ද එකග නොවීය. නමුත් රනිල් ඊට එකග විය .ප්රභාකරන් නම් ම්ලේච්ඡයා නන්දිකඩාල් කලපුවේදී අඹුඩය පිටින්  අවසන් ගමන් ගියේය.  ඌට වෙඩි තිබ්බේ කවුද? මියගියේ කෙසේද ? වෙඩි වැදුනේ මොන ඇටයටද ?  සෙවීම රනිල්ට අවශ්ය වුවද ජනයාට නොවැදගත්ය.

13. මහින්දගේ නික්මයාම, එදා නන්දිකඩාල් කලපුවේ ලද විජයග්‍රහණය ආපසු හැරවීමක්ද?

උතුරේ  අධිආරක්ෂිත කලාපය ගලවා අවසානය.ආර්ථිකයේ සහ ජාතික ආරක්ෂාවේ ප්රධාන බලකොටුවක් වන  ඛනිජ තෙල් සංස්ථාව ඉන්දියාවට විකිනීමට  ගිවිසුම් ගසා හමාරය.  බලෙන් පැටවූ  ඉන්දු ලංකා ගිවිසුමේ සියලු කොන්දෙසි ඉටු කිරීමට  රනිල් එකග වී ඇත.මුස්ලිම් ජනතාව වෙනුවෙන් වෙනම කලාපයක් වෙන් කොට ඇත.ඉන්දියාවේ වෙසෙන සරනාගතයන් ලක්ෂ දෙකක් මෙරටට ගෙන්වීමට එකග වී ඇත.රනිල්ගේ මාමා සිරකල ව්යවස්ථා විලංගුවෙන් අදටද ලක් මව ඉකිබිදින්නේය. මෙකි නොකී සියලු කරුනු එදා නන්දිකඩාල් කලපුවේ ලද විජයග්රහනය ආපසු හැරවීමක් මිස අන් කවරක්ද. දින 100කට දුන් ජන වරම තුල මේසා විනාෂයක් සිදුවී නම් ඔවුන් නැවත බලයට පත්කිරීම යනු රට ආපස්සට රැගෙන යාමට ලබා දෙන  ජනවරමක් නොවේද ?

අතිතයේ සිදුවු වැරදි පිලිබදව ස්වයං විවේචනයකට එලඹ නව මගක නව ගමනක් යාමට සිංහල බෞද්ධයන්ට මහින්ද  ආරාධනය කොට ඇත.රනිල්ගේ යහපාලනය යනු අපන්නක ජාතකයේ එන  නිල්වන් වනාන්තර, පස් පියුමෙන් සුසැදි විල් වැනි රැවටීමකි.එහෙයින් හොදින් දන්නා මහින්ද සමග  ආ විජයග්‍රහි  ගමන ඉදිරියට යා යුතු නොවේද?නැතහොත් රනිල්ගෙ  සුරපුර මායාව  වෙනුවෙන්  ආදරනීය  ලක්මව පාවා දෙන්නේද? ඒකාන්තයෙන්ම, සිංහල බෞද්ධයා අවදි විය යුතු, ක්‍රියාත්මක විය යුතු හෝරාව එලඹ ඇත.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

lankaeye1@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.