Breaking
24 Feb 2025, Mon

දිනු නිදහස තවත් පාවාදෙයි, යුධ හමුදාවේ හිස මතට පොකුරු බෝම්බයක්!

බෙදුම්වාදී පාහර කොටි ත්‍රස්තවාදීන් ප්‍රාජය කර දැමු සමස්ථ යුධ හමුදාවට මෙන්ම අණ දුන් සියලුම දෙනාම යුධ අධිකරණය හරහා වරදකරුවන් කිරිම සදහා ජාත්‍යන්තර කොටි ඩයස්පොරාව යහපාලන රජයේ සහය සහය ඇතිව හමුදාවට එරෙහිව “පොකුරු බෝම්බ” (Cluster Bombs)හෙලිමේ චොදනාවක් ගොනුකිරිමට කටයුතු කරමින් සිටින බව අනාවරනය වි තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ රජය විසින් ප්‍රකාශිත යුද මුක්ත කලාපයට නීති විරෝධී පොකුරු බෝම්බ යොදා ගත් බව දැක්වෙන ඡායාරූප සහිත සාක්ෂි බිම් බෝම්බ ඉවත් කරන ලෝකයේ ප්‍රමුඛතම සංවිධානයක් වන හේලෝ ට්‍රස්ට් (Halo Trust) සාමාජිකයකු විසින් ජාත්‍යන්තර ජනමාධ්‍ය ආයතනයක් වෙත ලබාදී තිබේ.

චලෙයි වෙරළ අසලදී මෙන්ම චුන්ඩිකුලම් අසලින්ද පොකුරු බෝම්බ හෙලු බවට සාක්ෂි ඇති බව පවසමින් එම සංවිධානය සිය වාර්තාව හරහා කරුණු දක්වා තිබේන බවත් ඊට අමතරව තම සංවිධානය අලි මංකඩ අසල පච්චිලෙයිපල්ලි ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් 2011 සහ 2012 වසර වලදී පොකුරු බෝම්බ හතලිස් දෙකක් සොයා ගන්නා ලද බවද සදහන් කර තිබේ.

රැප් නම් ඇමරිකානු නිලධාරියා මෙරටට පැමිණියේ ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ චෝදනා ගොනු කිරීමට ය. එහෙත් ඔහු කළේ විනිසුරුවකු ලෙස හමුදාව පොකුරු බෝම්බ දැමීම, රසායනික ආයුධ යොදාගැනීම පිළිබඳ හමුදාවට විරුද්ධව තීන්දුවක්‌ දීම ය. රැප් ද රායප්පු ජෝසප් හා සවුන්ද්‍රනායගම් බිෂොප්වරුද තීන්දු දෙන්නේ හෙළි නොකරන ඇසින් දුටු සාක්‌ෂි පදනම් කරගනිමිනි. සාක්‌ෂි ඉදිරිපත් නොකර ඔවුහු රටේ ජාතියේ හමුදාවේ රාජ්‍ය නායකයාගේ කීර්ති නාමයන්ට එරෙහිව කටයුතු කරති. අද කළ යුත්තේ ඔවුන්ට අපහාස නීතිය යටතේ චෝදනා ඉදිරිපත් කිරීම ය. එහෙත් නීතිය අපේ නොව බටහිරයන්ගේ ය. එය අපට හරස්‌ වෙයි. එබැවින් කළ යුත්තේ බටහිරයන්ට බිය නොවී නීතිය (එනම් ඒ දැනුම) අපට අවශ්‍ය ආකාරයට වෙනස්‌ කිරීම ය. ඇතැම් බටහිරයන් කියන්නේ සාක්‌ෂිකරුවන්ගේ ආරක්‌ෂාව සඳහා අවුරුදු විස්‌සක්‌ යනතුරු නම් හෙළි කළ නොහැකි බව ය. ඒ අනුව නම් පරීක්‌ෂණ පැවැත්විය හැක්‌කේ අවුරුදු විස්‌සකට පසුව ය.

ශ්‍රී ලංකා යුධ හමුදාවට මෙන්ම 4 වන ඊළාම් යුද්ධයඅ වසන් කිරිමට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මහතාගේ සිට එවකට යුධ හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා ඇතුලු සමස්ථ හමුදාවම පාවාදිම සදහා ජිනීවාවලදී ශ්‍රී ලංකාවට එරෙහිව පොකුරු බෝම්බ එල්ල කිරීමට මාන බලන සියලු දුෂ්ට බලවේගයන් පරාජය කිරීමට එකාවන්ව කටයුතු කිරීම සියලු ශ්‍රී ලාංකිකයින්ගේත් ත්‍රස්තවාදය පිටු දකින සියලු ලොව වැසියන්ගේත් වගකීමක් වන බව අප තරයේම අවධාරණය කරමු.

පොකුරු බෝම්බ ගැන කතා හැදු ඩොලර් කාක්කෝ

RAyappuයුද්ධය පැවති අවස්ථාවේදී, ශ්‍රී ලංකා රජයේ හමුදාව පොකුරු බෝම්බ භාවිතා කල බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රිනී Siobhain McDonagh චෝදනා කර ඇත. ශ්‍රී ලංකාවේ ගැටළුව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේදී පැවති විවාදයකදී ඇය මේ බව ප්‍රකාශ කර ඇත.

“යුද මුක්ත කලාපයට මේ ආකාරයෙන් පොකුරු බෝම්බ හෙලූ බව ඇය ප්‍රකාශ කර ඇත. දෙමළ ජනතාව 1,50,000 සම්බන්ධයෙන් මේ දක්වා කිසිඳු තොරතුරක් දැනගැනීමට නොමැති තත්වයක් දැකගැනීමට ඇත. පැහැරගැනීම් පිළිබඳ පැමිණිළි වල වසර ගණනාවක් සිට මෙය සිදුවන බව සදහන් කර ඇත. දෙමළ ජනතාවගේ ආගමික ස්ථානයන් පහරදීම් වලට ලක්වන බවත්, ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකා රජය විසින් අඛණ්ඩව පහරදෙන බවත් බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රිනී Siobhain McDonagh ප්‍රකාශ කර ඇත.

2014 මාර්තු

තමන් විසින් ශ‍්‍රී ලංකාවට පැමිණි යුද අපරාධ පිළිබද ඇමරිකානු විශේෂ නියෝජිත ස්ටීවන් රැප් වෙත ලබාදුන් සාක්‍ෂි සත්‍ය යයි මන්නරාම් රදගුරු රායප්පු ජෝෂප් යළි තහවුරු කරයි.ඔහු පවසන්නේ ඒවා අසත්‍ය යැයි කියන ඕනෑම සිංහල අන්තවාදී සංවිධානයකට හැකි නම් එය සනාථ කර පෙන්වන ලෙසයි. ඉන් පසුව තමන්ව අත්අඩංගුවට ගැනීම ගැන සිතා බැලිය හැකි බවත් පවසන රදගුරුවරයා තමන්ට බොරු කීමට අවශ්‍ය නැති බවද අවධාරණය කරයි.

2014 මාර්තු

හයිබ්‍රිඩ් අධිකරණය

මේ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව පරීක්‍ෂණයට හයිබ්‍රිඩ් අධිකරණයක්‌ අවශ්‍ය බව ජිනීවාහි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ දූලන් බ්‍රේත්වේට්‌ මහතා ඊයේ (20 දා) පැවසීය. හයිබ්‍රිඩ් අධිකරණයක අවශ්‍යතාව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත දැනුම් දී ඇති බව පැවසූ හෙතෙම ජිනීවා යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම සඳහා බ්‍රිතාන්‍යය බැඳී සිටින බව ද කියා සිටියේය.ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමය ආරක්‍ෂා කිරීමට නම් මානව හිමිකම් උල්ලංඝනය කළ පිරිස ගැන හයිබ්‍රිඩ් අධිකරණයකින් ක්‍රියා කළ යුතු බව ද බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌වරයා පැවසීය.

මේ අතර ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. කේ. සුමන්දිරන් මහතා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිඩ් අල් හුසේන් කුමරු හමුවී ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් යුත් යාන්ත්‍රණයක්‌ ශ්‍රී ලංකාවේ ස්‌ථාපිත කරන්නැයි ඉල්ලීමක්‌ කර ඇත.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.