Featured

දුම්රියට පැන්න රාජේශ්වරන් නව පරපුරේ මරාගෙන මැරෙන සමාජිකයෙක්!

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලමින් ලිපියක් ලියා දුම්රියට පැන යාපනය කොක්කුවිල් හින්දු විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි රාජේශ්වරන් සෙන්දුරන් නමැති පාසල් සිසුවා මිය යැම පසුපස ඇති අභිරහස් සිද්ධිය අනාවරණය කර ගැනිමට අප ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදේන විශේෂ වාර්තාකරුට හැකි වි තිබේ.

යහපාලනය ඇතිවිමත් සමග සම්පුර්ණයෙන් විනාශකර දමා තිබු ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාවන් යලි ක්‍රියාත්මක වෙමින් තිබේන බවට අප අවස්ථා ගණනාවකදි තොරතුරු අනාවරණය කළා.

පළමු අනාවරණය 2015 මැයි 27 –Exclusive:ආයුධ සහිත තරුණයන් දෙදෙනෙකු යාපනයෙදි අත් අඩංගුවට -රහසේම කොළඹට -මඩකලපුවෙන් රතු එළියක්

“යාපනය-පෙදුරුතුඩුව කිට්ටු පාර්ක් ආසන්නයේ කුඩා නිවසක ආයුධ සහිත සිටි පුද්ගලයන් 2 දෙනෙකු පසුගියදා කොළඹ සිට ගිය විශේෂ ආරක්ෂක කණ්ඩායම විසින් අත් අඩංගුවට ගෙන කොළඹට ගෙන ආ බව උතුරේ හමුදා ප්‍රධානියෙකු අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.”

ඊයේ (26) දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලමින් ලිපියක් ලියා දුම්රියට පැන මරාගෙන මැරෙන්නෙකු ලෙස කටයුතු කල රාජේශ්වරන් සෙන්දුරන් ද කොටි ත්‍රස්තවාදීන්ගේ දේශපාලන පන්ති වලට සහභාගි වන ක්‍රියාකාරි කොටි ත්‍රස්තයෙකු බව අප වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.රාජේශ්වරන් තමන් අධ්‍යාපණය ලබන කොක්කුවිල් හින්දු විද්‍යාලයේ උසස් පෙළ කළා පන්තියේ සිසුන් කිහිප දෙනෙකුම අදාළ කොටි ත්‍රස්තවාදීන්ගේ දේශපාලන පන්ති සදහා රැගේන ගොස් ඇති අතර පාසල් කාලය තුලදිද දැඩි ලෙස ත්‍රස්තවාදී සංවිධානය වෙනුවෙන් පෙනි සිටි අයෙකි.

ඒ අනුව දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම සදහා යහපාලන (දෙකට නැමුනු)ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ හමුවේ රටේ අපකීර්තියට පත්ව ඇති ප්‍රමාණයෙන් ගලවා ගැනිමට සහ මහවිරු දිනය සංකෙතවත් කිරිම සදහා මෙම මරාගෙන මැරෙන සිසුවා භාවිතා කර තිබේ.

Top