Breaking
25 Feb 2025, Tue

දුමින්ද,කවටයෙක් සහ නිවටයෙක් වගේම පාවාදෙන්නෙක්

කුමන විනය පරීක්ෂණ පැවැත්වුවත් තමන් සහභාගිවන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් කිරුළපනදී පැවැත්වෙන මැයි දිනයට බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කුරුණෑගල දිස්ත‍්‍රික් හිටපු පළාත් පාලන මන්ත‍්‍රීවරුන් සහ වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරුන් පිරිසක් ඊයේ (23 දා ) ප‍්‍රකාශ කළහ.

මන්ත‍්‍රීවරුන් පිරිස මෙලෙස ප‍්‍රකාශ කළේ ඊයේ කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනේදී පැවැති මාධ්‍ය හමුවකදීය. මෙම මාධ්‍ය හමුවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප‍්‍රාදේශීය සභා හිටපු සභාපතිවරුන්, උප සභාපතිවරුන් මන්ත‍්‍රීවරුන් සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන් ඇතුඵ පිරිසක් එක් වී සිටියහ.

එහිදී අදහස් දැක් වූ වයඹ පළාත් සභා මන්ත‍්‍රී ඩී. බී. හේරත් මහතා මෙසේ පැවැසීය.

‘‘මැයි දිනය සම්බන්ධයෙන් කතා කරන්න පහුගිය දවසක කුරුණෑගලදී පවත්වලා තිබුණු මාධ්‍ය හමුවක් අපි ජනමාධ්‍ය හරහා දැක්කා. ඒකට වයඹ පළාතේ වත්මන් මහ ඇමැතිතුමා ඇතුලු තවත් ඇමැතිවරු දෙපළකුත්, පළාත් සභා මන්ත‍්‍රීතුමන්ලා තුන්දෙනෙකුත් එක්ක ප‍්‍රාදේශීය සභා සභාපතිවරු දෙන්නෙකුත් වාඩිවෙලා හිටියා. නමුත් එදා හිටිය පිරිසට වඩා පිරිසක් අද මෙතැන වාඩිවෙලා ඉන්නවා. ඒ නිසා මේක තමයි වයඹ ජනමතය කියලා අපි කියන්න කැමැතියි. වයඹ වත්මන් මහඇමැතිතුමාට මහ ඇමැතිකම දෙන්න කැමැතියි කියලා අපි සියලුදෙනාම අත්සන් කරලා දුන්නා. ඒ නිසා වයඹ මහ ජනමතය මේකයි කියලා අපෙන් අහන්නේ නැතුව ප‍්‍රකාශ කරන්න එතුමාට සදාචාරාත්මක අයිතියක් නෑ. මොකද එතුමා මනාපවලින් ඔය තැනට ආවා නෙවෙයි. එතුමා මහඇමැතිකමට ආවේ අපේ කැමැත්තෙන් අස්සන් කරලා දුන්නු නිසයි. ඒ නිසා එතුමා කරපු ඒ ප‍්‍රකාශයට අපි විරුද්ධයි. ඒක වයඹ ජනමතය නෙවෙයි. ඒක පුද්ගල අදහසක් විතරයි. අද පළාත් සභාවේ සමහර නිලධාරීන්ට, නගර සභාවේ සුඵ සේවකයින්ට, පළාත් පාලනවල ආයතනවල වැඩකරන අයට බලකරනවා මැයි දිනය සමරන්න යන්න එන්න කියලා. එහෙම නියෝග දීලා, රාජ්‍ය බලය පාවිච්චි කරලා තමයි මැයි රැළියට මිනිස්සු ගෙනියන්න හදන්නේ. සත්කෝරලේ මිනිස්සු බලපෑම්වලට යටත්වෙන්නේ නෑ. මෙතැන වාඩිවෙලා ඉන්න ප‍්‍රාදේශීය සභා සහ පළාත් සභා මන්ත‍්‍රීවරු විදිහට අපි සියලුදෙනාගේ පදවි තනතුරු අහිමි කළත්, විනය පරීක්ෂණ කොතරම් පැවැත්වුවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය තුළ මැයි දිනය සමරන්න එකතුවෙනවා කියන පණිවිඩය මේ වෙලාවේ අපි දෙන්න කැමැතියි. ’’

එහිදී අදහස් දැක් වූ පොල්ගහවෙල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලිවේරා ගුණතිලක මහතා මෙසේ පැවසීය.

අපේ පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක ඇමැතිතුමාට අපි කෙලින්ම කියනවා ඔබතුමා තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩුවේ. ඔබතුමා තමයි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට මුක්කු ගහලා පක්ෂය පැරැද්දුවේ. අද මේ රටේ ජනතාව ඔබතුමා හදුන්වන්නේ කවටයෙක් සහ නිවටයෙක් විදිහට කියලා මම කියන්න කැමැතියි. ඒ නිසා ඔබතුමාට අපි අභියෝග කරනවා ඔබතුමා මොන විනය පරීක්ෂණ තිබ්බත්, වයඹ පළාතේ ජනතාව විදිහට අපි සියලුදෙනා කිරුළපන රැළියට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ යුගය නැවත බිහිකරන්න අපි කටයුතු කරනවා. පුලුවන් නම් ලේකම්තුමනි තියපන් විනය පරීක්ෂණ. අපි ඔබට බය නෑ කියලා මේ වෙලාවෙදී ප‍්‍රකාශ කරනවා.

වයඹ පළාත් සභා මන්ත‍්‍රී සුමිත් රාජපක්ෂ ,ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති යූ. කේ. සුමිත් උඩුකුඹුර, කොබෙයිගනේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ධම්මික හෙට්ටිආරච්චි, මාවතගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සනත් මීගොල්ල සහ කුරුණෑගල නාගරික මන්ත‍්‍රී අබ්දුල් සත්තාර් යන මහත්වරුන් ඇතුලු පිරිසක්ද මෙහිදී අදහස් දැක් වූහ.

ඡායාරූප – විමුක්ති රත්නායක

may_day_press1 may_day_press2

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.