Featured

දුමින්දට දුන්න දඩුවම ගැන හිතන්න එපා ….ඔක ටික දවසයි ..රනිල්,රෙනෝට කියයි

දුමින්ද සිල්වාට දුන් මරණ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණයට කරන ඇපිල් එකක් හරහා වෙනස් වන බවත් ලැබුනු තින්දුව සම්බන්ධයෙන් කලබලයට පත් නොවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධනී රෙනෝ සිල්වා හට පවසා තිබේ.ඊයේ දුමින්දට ලැබුනු තින්දුවෙන් පසුව රෙනෝ සිල්වා අග්‍රාමාත්‍ය කාර්‍යාල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක සමග සිදුකල දුරකතන සංවාදයකින් පසුව ඊයේ රාත්‍රීයේම අගමැතිවරයා හමුවිමට අවස්ථාව ලබාදි තිබේ.

විනාඩි 10කට පමණ සිමාවු එම සාකච්ඡා සදහා ආගමැතිවරයාට අමතරව සාගල රත්නායක අමාත්‍යවරයා පමණක් සහභාගි වි ඇති අතර ඉදිරියේදි ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඇමති සාගල හරහා දැනුවත් කිරිමටද එකඟතාව පලකර තිබේ. අදාළ සාකච්ඡාව රහසිගතව තබා ගැනිමට දෙපාර්ශවයේම එකඟතාව පලකර තිබේන නමුත් හිරූ නාලිකාවේ සිටින සාගලගේ නියෝජිතයා මෙන්ම හුරතල් කොලු ගැටයෙකු හේතුවෙන් මෙම රහසිගත හමුව එලියට පැමිණ තිබේ.

අදාළ සාකච්ඡාවෙන් පසුව සාගල විසින් හිරූ නාලිකාවේ කොලු ගැටයාට කතා කොට..රෙනෝ සිල්වාගේ හමුව සම්බන්ධයෙන් විස්තර පවසා ඇති අතර පසුව සාගලගේ කොලු ගැටයා හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධනී රෙනෝ සිල්වා හට හිටපු ආරක්ෂක ලේකම් ගොටාභය රාජපක්ෂ මහතා අතර දුමින්දගේ මරණ දඩුවම් සම්බන්ධයෙන් දුරකතන සාකච්ඡාවක් සිදුවු බවට අතේ රෝලක් සාදා වෙබ් කාරයන් කිහිප දෙනෙකුට ලබාදිමට කටයුතු කර තිබේ.

යහපාලනය උදාකිරිම සදහා යටින් කුමන්ත්‍රණය කල හිරූ නාලිකාව පසුව එලිපිටම එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙනුවෙන් පෙනී සිටි අතර සිරිසේන ජනාධිපතිවරයා අපකීර්තියට පත්කිරිමේ මෙහෙයුම් සම්පූර්ණයෙන් භාරදි තිබුනේ හිරූ නාලිකාවටයි.

තමන්ට සහ යහපාලන ආණ්ඩුවට එරෙහිව අවාසිදායක වන අකාරයේ ප්‍රවෘත්ති පලකිරිම වහාම නතර නොකලහොත් හිරු ටිවි නාලිකාවේ සංඛ්‍යාත තහනම් කිරිමට කටයුතු කරන වට තර්ජනය කරමින් හිරු ටිවි හා හිරු එෆ්.එම් ඇතුලු ABC මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ ද සිල්වා හට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තර්ජනාත්මක අයුරින් නියෝග කර ඇති බව රෙනෝ විසින් අනාවරණය කර තිබේ.

http://www.lankanewsweb.today/archives/9926

Top