Featured

දුමින්දට පණ නෑ….ශ්‍රිලනීප මහ ලේකම් කමින් දොට්ට!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දුමින්ද දිසානායක එම තනතුරින් ඉවත් කර ඒ සදහා වෙනත් කෙනෙකු පත්කිරිමට තමන්ගේ අවධාණය යොමුවි ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය බත් එලයන් කැදවා පවසා ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.පළාත් පාලන මැතිවරණය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආසන සංවිධායකයින් සම්බන්ධයෙන් කල සාකච්ඡාවේදි සිරිසේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්වරයා හැටියට නිකුත් කරන තින්දු භාර ගැනිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නමුත් පක්ෂය සමග නොමැති අය සුදානම් නැති බව තමන් සමග පවසා ඇති බවයි.

තමන් රටපුරා විවිධ වැඩසටහන් සදහා සහභාගි විම සදහා යන අවස්ථා වලදි හමුවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පැරණි සමාජිකයන් ශ්‍රීලනිපයේ මහා ලේකම්වරයාගේ දුර්වල කම සම්බන්ධයෙන් ප්‍රශ්ණ මතුකරන බවත් ඒ හේතුවෙන් නව මහා ලේකම්වරයෙකු පත්කිරිමට ඉදිරියේදි ශ්‍රීලනීප මධ්‍යම කාරක සභාව කටයුතු කලයුතු බවද සිරිසේන ජනාධිපති පෙන්වා දි තිබේ.එම අවස්ථාවේදි මෛත්‍රී පිළේ කිහිප දෙනෙකුම ප්‍රශ්ණ කර ඇත්තේ දැනට ශ්‍රීලනිපයේ ජනපති කදවුර නියෝජනය නොකරන කෙනෙකු ඒ සදහ පත්කිරිමට සුදානමක් ඇද්ද යන්නයි. එයට පිලිතුරු දෙමින් සිරිසේන ජනපති පවසා ඇත්තේ “අපී…බලමු….දැන්නම ඒ ගැන කියන්න විදියක් නෑ…. හිටං …. ” යනුවෙනි.

අදාළ සාකච්ඡාව සදහා දුමින්ද දිසානායක සහභාගි වි නොසිටි අතර පසුව මෛත්‍රී ඇතුලු කණ්ඩායම පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේන අතර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආසන සංවිධායක ධුර දරමින් පක්‍ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහාය ලබා නොදෙන ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සියලුම දෙනා වහාම එම ආසන සංවිධායක ධුරවලින් ඉවත් කිරිමට කටයුතු කලයුතු බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර ජනපතිට යොජනා කර තිබේ.

මැතිවරණ කොට්‌ඨාස රැසක පක්‍ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයක් මේ නිසා උද්ගතවී ඇති බවත්, මේ නිසා , පක්ෂයට සහය නොදෙන සංවිධායකවරුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට පක්ෂය තීරණය කර ඇති බවත් , පත් කරන නව ආසන සංවිධායකවරුන්ගේ නාම ලේඛනය සකස් කර ඇති බවද මහින්ද ජනපතිට පවසා තිබේ.

ජනපතිද එයට එකඟතාව පලකර තිබේන අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රීලනීප මධ්‍යම කාරක සභාවේ අනුමැතිය වහාම ලබාගන්නා ලෙසටද නියෝග කර තිබේන බව අප දේශපාන වාර්තාකරු අනාවරණය කළා.

Top