Featured

දුමින්ද,මන්දනා කරට ගනී-ඉශාරගෙන් කප්පම් ගෙන අලුත් මඩ පත්තරයක්

මහින්ද රාජපක්ෂ ඇතුලු ආණ්ඩු විරෝධින් ඉලක්ක කර පහරදිම සදහා ශ්‍රී නිදහස් පක්ෂ පැරෂුට් මහා ලේකම් දුමින්ද සිල්වා නව පුවත්පත් කිහිපයක්ම හදිසියේම ආරම්භ කිරිමට කටයුතු කරමින් සිටින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.ඒ අනුව දුමින්දගේ මඩ පුවත් පත් ප්‍රධානියා ලෙස තොරාගෙන ඇත්තේ රාජපක්ෂලාට මඩ ටොන් ගණන් ගසා රටේ මොඩ වෙබ් කරුවන් අතර තමන් මාරම පොරක් ලෙස පෙන්වා දෙමින් රෑ එලිවෙනකම් රාජ්‍ය නොවන සංවිධාන වලින් කොළඹ තැන තැන තිබෙන සමාජ ශාලාවලින් අඩියක් ගසමින් ඔනෑම එකකුගේ කරේ නැග ගොස් රැය පහන් කල ලසන්ත ඝාතනයෙන් පසුව සන්ඩේ ලීඩර් බලය අල්ලාගත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරන මන්දනා ස්මයිල් අබේවික්‍රම වන අතර දැනට පවත්වාගෙන යන සත්හඩ නැමති මඩ පුවත්පතට අමතරව The Reader යනුවෙන් නව පුවත් පතක්ද ආරම්භ කිරිමට නියමිතයි.

ඒ අනුව සත්හඩ සහ  The Reader යන පුවත් පත් වල සම්පුර්ණ බලය සහ කතෘ මණ්ඩලය ප්‍රධානී ලෙස  මන්දනා ස්මයිල් අබේවික්‍රම පත්කර ඇති අතර ඇය හරහා දුමින්දගේ විවිධ ඩිල් සියල්ලම ක්‍රියාත්මක කිරිමට කටයුතු කරමින් සිටින බවද අනාවරණය වි තිබේ.

මේ අතර අලුත් ආරම්භ කිරිමට නියමිත  The Reader ඉංග්‍රීසි පුවත් පත් සදහා මුදල් ලබා ගැනිම සදහා මුදල් විශුද්ධිකරන පණත යටතේ නඩු පැවරීමට තරම් චෝදනා  LOLC සමාගමේ ප්‍රධානීයා වන  ඉශාර නානායක්කාරගෙන් කප්පම් මුදල් ලබාගෙන ඇති අතර ඒ සදහා ඉරිදා සත්හඩ පුවත් පත හරහා අනාවරණයක් කරන බවට පිටුවක් සකසා  ඉශාර නානායක්කාරට ලබාදි ඇති අතර අදාල පිටුව ඉවත් කිරිමට නම් අලුතින් ආරම්භ කිරිමට නියමිත පුවත් පත සදහා කොන්දේසි විරහිතව මුදල් යොදවන ලෙස බලපැම් කර තිබේ.ඒ අනුව ඉශාර නානායක්කාර අදාළ මුදල්අ ලබාදිමට එකඟතාව පලකර ඇති අතර ඒ වෙනුවෙන් අදාළ අනාවරණය පලනොකිරිමට සතහඩ පුවත් පත කටයුතු කර තිබේ.

 

Top