Anonymous Reporter

දුරදක්නා නායකයෝ සහ කටකියවන පාහරයෝ….. නල්ල මලේ පවිත්‍රා බොරුකියා රට අමාරුවේ දැමු හැටි… ෂාෆිගේ පැලෝපීය නාලය දිගේ පාර්ලිමේන්තුවට එන බේගල් ජයසුමන

Published on: Mar 23, 2020 – 2020 ජනවාරි 24 දින කොරෝනා වෛරසය රටතුල පැතිර යාම නතරකිරිම සදහා කඩිනමින් ක්‍රියාමාර්ග ගතයුතු බවත් එම ක්‍රියාමාර්ග කවර වර්ගයේද යන්න පිළිබඳව පාර්ලිමේන්තුවේ සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය හෝ අගමැතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය අවධානය යොමුකලේ නම් අද රටට මේවැනි තත්ත්වයයක් උදා නොවනු ඇති බව නොරහසක්.සජිත් එදිනද දිගින් දිගටම යෝජනා කර සිටියේ ගුවන් තොටුපොළ මෙන්ම වැදගත් ස්ථාන සම්බන්ධයෙන් ගතයුතු පියවර සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වියයුතු බවයි.

සජිත්ගේ කතාවට සෞඛ්‍ය අමාත්‍යවරිය පිළිතුරු දෙමින් කියා සිටියේ ගුවන්තොටුපල හරහා කොරෝනා වෛරසය රට පැමිණිම නතර කිරිම සදහා ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.නමුත් ඇයගේ එම ප්‍රකාශයන් සියල්ලම කිසිදු වගකිමකින් තොරව සිදුකල ඒවා බව දැන් වනවිට පැහැදිලිය.උගත්කමක් නැති,කට වාචාල කමට දොඩවන අමන ආණ්ඩුවට ජනතාවගේ ජිවිත සම්බන්ධයෙන් කිසිදු වගකිමක් නොමැති බව අද රට වැටි ඇති තැන අනුව පැහැදිලිය.

එදින හැන්සාඩ් වාර්තාව කියවන්න……

ආණ්ඩුවේ නිද්‍රාශීලි මෙන්ම විපක්ෂයට මඩ ගසමින් මැතිවරණය පවත්වා 2/3ක් ලබා ගැනිමේ සිහිනය දකිමින් සිටි රාජපක්ෂ කල්ලිය ජනතාව සම්බන්ධයෙන් ගත්  ක්‍රියාමාර්ග පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න කලා.

2020.02.03

ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නය

දැනට චීනයේ ප්‍රාන්ත 31 පුරාමත් වෙනත් රටවල් 22 ක පමණත් වාර්තා වී ඇති නව කොරෝනා වෛරස තත්වය ගෝලීය හදිසි තත්ත්වයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ද ප්‍රකාශයට පත් කර තිබේ. 2020.02.02 දින වන විට ලොව පුරා මෙම වෛරසය ආසාදිතයින් 14300 කට අධික පිරිසකුත්, මරණ 305 කුත් වාර්තා වී තිබේ. චීනයට අමතරව වෙනත් රටවල් 25 කින් ද රෝගීන් වාර්තා වී ඇති අතර චීනයෙන් පිටත ප්‍රථම මරණය පසුගිය සෙනසුරාදා දින පිලිපීනයෙන් වාර්තා විය.

එසේම, මේ වන විට රටවල් බොහෝමයක් චීන ජාතිකයින්ට වීසා ලබා දීම තහනම් කොට ඇති අතර ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවා කිහිපයක් ඇතුළු ගුවන් සේවා රැසක් පූර්ණ හෝ අර්ධ වශයෙන් චීනය දක්වා වන තම ගුවන්ගමන් නවත්වා ඇත.

ශ්‍රී ලංකාවේ දැනට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ එක් රෝගියෙකු පමණක් නමුත් එම වෛරසය ආසාදනය වී ඇති බවට සැක පිට රෝගීන් රෝහල්වලට ඇතුලත් කරමින් පවතී.මෙම වෛරසය ශ්‍රී ලංකාවේ පැතිරයාම පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු නොවන නමුත් මෙම වෛරසයේ භයානක බව හා ඉතා පහසුවෙන් පැතිරයාමේ ස්වභාවය සැළකීමේදී එය පැතිර යෑමේ අවදානම අවම කිරීම සඳහා ගත යුතු සෑම පියවරක්ම ඉතා කඩිනමින් ගත යුතු බව මාගේ විශ්වාසයයි. මෙම පසුබිම යටතේ පහත සඳහන් කරුණු පිළිබඳව රජයෙන් පිළිතුරු හා පැහැදිලි කිරීම් බලපොරොත්තු වෙමි.

1) මෙම කොරෝනා වෛරසය ආසාදනයෙන් අනතුරුව රෝග ලක්‍ෂණ මතුවන්නේ දෙසතියක කාලයකින් පසුව බැවින් චීනයේ සිට ගුවන් මගින් මෙරටට පැමිණෙන පිරිස් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්ගේ පරීක්ෂා කිරීම්වලට පමණක් සීමා නොකර ඔවුන් නිසි නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කිරීම අත්‍යාවශ්‍ය නොවන්නේද?

2) දැනට චීනයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන බඩු භාණ්ඩ මෙන්ම ආහාර වර්ග හරහා මෙම වෛරසය පැතිරී යාමේ අවදානමක් තිබේ ද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් රජය විසින් සිදු කොට තිබේද? එසේ අවදානම් තත්ත්වයක් පවතින්නේ නම් එම තත්ත්වය පාලනය කිරීමට ගනු ලබන පියවර මොනවාද?

3) ශ්‍රීලංකන් ගුවන්සේවය චීනය බලා කෙරෙන ගුවන්ගමන් සීමා කිරීමට හෝ නතර කිරීමට කටයුතු කරන්නේද? තවදුරටත් ගුවන්ගමන් සිදු කරන්නේ නම් ගුවන්සේවා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පිළිබඳව රජය විසින් සහතිකයක් ලබා දෙන්නේද?

4) වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා භාවිත කළ හැකි මුව ආවරණ සඳහා රජය විසින් පාලන මිලක් නියම කළ ද, දිවයින පුරා සමහර වෙළඳුන් විසින් එම මුව ආවරණ සඟවමින් වෙළඳපල හිඟයක් මවාපාන බව පෙනෙන්නට තිබෙන හෙයින් එම තත්ත්වය කඩිනමින් නිවැරදි කිරීම සඳහා පියවර ගෙන තිබේද? එසේ නම් එම පියවරයන් මොනවාද? එමෙන්ම මෙය ජාතික හදිසි තත්ත්වයක් ලෙස සලකා රජය මඟින් නිසි ප්‍රමිතියෙන් යුත් මුව ආවරණ නොමිලයේ ලබා දීමේ වැඩපිළිවෙලක් යෙදීමට කටයුතු කරන්නේද?

5) කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ ගෝලීය ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් එල්ල වෙමින් පවතින අතර, මේ හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ද දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු විමේ අවදානමක් ඇති බැවින් ඒ සඳහා සියලු අංශ ආවරණය වන පරිදි පුළුල් පෙර සූදානම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන්නේද? එසේම, හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා මුහුණ දීමටත් ඒ පිළිබඳව ජනතාව ප්‍රමාණවත් පරිදි දැනුවත් කිරීමටත් රජය විසින් ගෙන ඇති පියවර පිළිබඳව මෙම ගරු සභාව දැනුවත් කිරීමට කටයුතු කරන්නේද?

6) මෙම වෛරසය පැතිරී යාම වැලැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරන්නේද?

සජිත් ප්‍රේමදාස, පා.ම.
විපක්‍ෂ නායක

ඉහත සජිත් ප්‍රේමදාස පෙන්වාදුන් කිසිවක් කිරිමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩල සමත් නොවු අතර රටපුරා කොරෝනා වෛරසය වසංගතයක් දක්වා ගමන් කිරිමේදි කරකියාගත දෙයක් නොහැකි වු ගෝඨාභය පෙබරවාරි 26 දා කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය ස්ථාපනය කිරිමට කටයුතු කර තිබේ. නමුත් සජිත් එම ප්‍රශ්ණය පාර්ලිමේන්තුවේ විමසා සිටියේ  පෙබරවාරි මස 3 වැනිදාය.ඒ අනුව ජනපති ප්‍රමුඛ සමස්ථ ආණ්ඩුව අසමත් බව දුරදක්නා නායකයා සජිත් ප්‍රේමදාස බවත් මනාව් තහවුරු වි තිබේ.

මාධ්‍ය මගින් සැගවු සජිත්ගේ කොරෝනාවට එරෙහි සටන 

ෂාෆිගේ පැලෝපීය නාලය දිගේ පාර්ලිමේන්තු එන ජයසුමන

වෛද්‍ය ෂාෆිගේ පැලෝපීය නාලය දිගේ පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට එමට කටයුතු කරමින් සිටින ජාතිවාදී පාහර අමනයෙකු වනමහාචාර්ය චන්න ජයසුමන සජිත්ට විද්යුත් තැපෑලෙන් පණිවිඩයක් එවා තිබේ. ඊයේ සජිත් නිකුත් කල විඩියෝවකට අනුව එම නිවේදනය නිකුත් කර තිබුනද එම විඩියෝව නැරඹිමකින් තොරව එම පණිවිඩය එවා ඇති බව පැහැදිලිය. සමාජ ජාලා වල සිටින lockdown,shut down නොදන බයියලා පිනවිම හරහා කෙසේ හෝ පාර්ලිමේන්තුවට රිංගා ගැනිම එම නිවේදනයේ අරමුණ වි ඇති අතර තමන්ද එය කලින් අනුමත කල බවද ඔහුට අමතක වි තිබේ.

ලෝකයේ භාවිතා කරන ඖෂධ ගැන විධිමත්ව සොයා බලා නිර්දේශ ලබාගෙන ගෙන්වන්න .. සජිත් කල ප්‍රකාශය..

ඖෂධවිද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙකු යැයි කියන චන්න ජයසුමනගේ ලිපිය…

ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට විද්‍යුත් තැපෑල ඔස්සේ ය.
2020.03.22
ගරු මැතිතුමනි,

ඔබතුමන්ගේ මුහුණු පොතේ මීට පැය කිහිපයකට පෙර ඔබතුමන්ගේම හඬින් මුදා හැර ඇති වීඩියෝවක් නිසා කොරෝනා රෝගයට ලබා දෙන ඖෂධ පිලිබඳ බරපතල වැරදි පණිවිඩයක් සමාජගතවන හෙයින් එය වහාම නිවැරදි කරන ලෙස ඖෂධ විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයකු ලෙස ඔබතුමන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

01. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් ඖෂධය කිසිසේත් මහජනතාවට හිතුමතේ භාවිතයට අනුබල නොදිය යුතුය. රෝග ලක්ෂණ ඇති අයකු වෛද්‍ය උපදෙස්වලින් තොරව මෙම ඖෂධය භාවිතා කළහොත් රෝගය නිසි පරිදි හඳුනා ගත නොහැකිව බරපතල ප්‍රශනයක් පැන නැගී. තවද මෙම ඖෂධයේ අතුරු ආබාධ රැසකි.

02. ප්ලැකනිල් (Plaquenil) යනු හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන්වලට වඩා උසස් ගණයේ ඖෂධයක් බවත් එය ලබා දිය යුතු බවත් ඔබතුමා යෝජනා කරයි. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් යනු අදාල ඖෂධ නාමයයි.  ප්ලැකනිල් යනු එම ඖෂධය නිෂ්පාදනය කරන සමාගමක් ලබා දී ඇති වෙළද නාමයයි. පැරසිටමෝල් ඖෂධය සඳහා පැනඩෝල් වෙළද නාමය ලබා දී ඇති අයුරිනි. එහෙයින් මෙය මුළුමුනින් සාවද්‍ය ප්‍රකාශයකි.

03. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් හෝ ප්ලැකනිල්වලින් අතුරු ආබාධයක්/ අගතියක් සිදු වූවහොත් ඇසිත්‍රෝමයිසින් (azithromycin) ලබා දිය හැකි බව ඔබතුමා පවසයි. එයද මුළුමුනින් සාවද්‍ය ප්‍රකාශයකි. ඇසිත්‍රෝමයිසින් යනු ප්‍රතිජීවක ඖෂධයකි. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් හෝ ප්ලැකනිල්වලින් නියුමෝනියා තත්වයක් ඇති නොවන අතර ඇසිත්‍රෝමයිසින් මෙකී රෝගීන්ට ලබා දීමට බලාපොරොත්තු වන්නේ හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන්වල අතුරු ආබාධයකින් වැලකීමට නොවේ.

දීර්ඝ කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයකු , ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු, විපක්ෂනායකවරයකු මෙන්ම ජනාධිපති අපේක්ෂයකු ලෙසද කටයුතු කළ ඔබතුමන්ගේ මෙම ප්‍රකාශය නිසා ජනතාව නොමග යා හැකි හෙයින් එය අප්‍රමාදීයව නිවරද කරන මෙන් නැවතත් ඉල්ලා සිටිමි.

මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන
MBBS,PhD, FRCP Edin
ඖෂධවිද්‍යාව පිලිබඳ මහාචාර්ය

අනුන්ගේ එවා කොපි කරන (අචාර්‍ය රෝහිත,නීතිඥ නාමල් ) වැනි මහාචාර්ය ජයසුමන ද මීට සති දෙකකට කලින් කල ප්‍රකාශය පහතින් නරඹන්න…

 

ඉහත ලිපිය සහ සජිත්ගේ ප්‍රකාශය සහ ජයසුමන සති දෙකකට කලින් කී දේ අසා සිටින ඔනෑම කෙනෙකුට තෙරුම් යන එක දෙයක් තිබේ.එනම් ජයසුමනගේ මහාචාර්යකම ගෝඨාභයගේ පුතාගේ බල්ලා ලබාගත් මහාචාර්ය පට්ටමට නොදෙවෙනි බවය. එසේ නොවන්නේ නම් අනතුර දැකිය යුත්තේ රටතුලට එමට පෙරය.ජයසුමනගේ හපන්කම් ලගදිම බලාපොරොත්තු වන්න

Loading…


Top