Breaking
25 Feb 2025, Tue

දුර්ධාන්ත රජයේ නොහැකියාව වසාගැනීමට ඔවුන් උත්සහා ගන්නවා

මහින්ද යාපා අබේවර්ධන මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි කාලසීමාවේ දී හෙක්‌ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ සේවකයන් සහ වාහන මැතිවරණ කටයුතුවලට සහ වෙනත් පෞද්ගලික කටයුතු සඳහා යොදාගත් බවට චෝදනා එල්ල වී තිබේ. සේවකයන් සහ වාහන එම කටයුතුවලට යෙදවීමෙන් රුපියල් ලක්‌ෂ 1800 ක අලාභයක්‌ කෘෂිකර්ම අමාත්‍යාංශයට සිදුවී ඇති බවට එල්ල වි ඇති චෝදනා සම්බන්ධයෙන් මහින්ද යාපා අබේවර්ධන නිවේදනයක් නිකුත් කරමින් එම චොදනා සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම මගින් පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර තිබේ. හිටපු ඇමැති මහින්ද යාපා මහතා ඊයේ පෙරවරු 9.00 ට පමණ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි අතර පැය 2 කට ආසන්න කාලයක්‌ ඒ මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

පුරා වසර 7ක් දකුණු පලාත් සභාවේ මහඇමති දූරය හොබවමින් ද එයින් නොනැවතී විවිධ අමාත්‍යධූර හා නියෝජ්‍ය අමාත්‍යධූර මෙහෙයවා දේශපාලනයේ වසර 33කට අධික කාලයක් මහජන මන්ත්‍රීවරයෙකු වශයෙන් මා සේවය කලෙමි. එසේ සේවය කල සමයේ එකදු වංචාවක් හෝ දූශණ චෝදනාවකට ලක් නොවී ජනතාව වෙනුවෙන් මට හැකිපමනින් උපරිම සේවයක් කලෙමි. එදවස මා දකුනේ මහඇමති වන විට 1988 වර්ශයේ සිට 1994 දක්වා ඇණහිට තිබූ සංවර්ධන යොජනා ක්‍රම රාශියක් ක්‍රියාත්මක කොට ජනතා අයිතියට පත්කල නිසාදෝ අදටත් දකුනේ ජනතාව මා අමතන්නේ අපේ මහඇමැත්තුමා යනුවෙනි, එසේම තම සේවා කාලය තුල වැඩිම සංවර්ධනයක් කල මහඇමතිවරයා යනුවෙන් ඇතැම් උත්සව වලදී සාමාන්‍ය ජනයා මා හඳුන්වා දෙන විට මාහට ඇතිවන්නේ නිහතමානී ආඩම්බරයකි. ඒ මා දේශපාලනයෙන් උපයාගත් ධනයයි.

එනමුදු මේ යහපාලන රජය විසින් ඔවුනට අවනත නොවන නිසාදෝ අද මා සමාජය ඉදිරියේ හොරෙකු වංචාකරයෙකු කර ඇත්තේය. එක් අතකින් මා සතුටුවෙමි, එනම් මට විරුද්ධව ඇති චෝදනා නම්
1) වාහන අවභාවිතා කිරිමට අනුබල දීම.

2) මාතර දිස්ත්‍රික්කයේ ගොවිසතිය සංවිධානය කිරීම සඳහා අමාත්‍යංශයෙන් යෙදවූ නිලධාරීන් හා සේවකයන්, එවකට පැවති දකුණු පලාත් සභා මැතිවරණය සඳහා යෙදවූයේ යැයි පැවසීම (එම කාලය තුල රජයේ මෙම නිලධාරීන්ට හිමි වටුප් සඳහා වියදම්වූ රුපියල් 14,163,273.01 මුදල අවභාවිතාවක් ලෙස දක්වා ඇත.)

3) කෘශිකර්ම ඇමතිවරයා වශයෙන් සිටි සමයේ මාගේ පාර්ලිමේන්තු කටයුතු පහසු කිරීම වෙනුවෙන් රජයෙන් ඉල්ලා අනුමත කරගත් පාර්ලිමේන්තු ලේකම් තනතුර සඳහා මා විසින් නිලධාරියෙක් පත්කර ගැනීම හා ඔහුට හිමි වාහනය සඳහා දිනකට ලීටර් 3.3 බැගින් මසකට ලීටර් 100ක ඉන්ධන භාවිතයට අනුමැතිය දීම. .

4) ඉහත චෝදනා මඟින් රජයට රුපියල් මිලියන 24ක (රු 23,756,450.01) පාඩුවක් සිදුකිරීම වේ.

මා සතුටු වන්නේ මේ අන් කිසිවක් නිසා නොව, මා විසින් අමාත්‍යධූරය හෙබවූ වසරකට රුපියල් මිලියන 2000ක් බැගින් වසර පහක් තුල මිලියන 10,000ක මුදලක් වෙන්කොට වියදම්වූ අමාත්‍යංශයක සිදුවූ එකම මූල්‍ය අක්‍රමිකතාවයද, වසර පහක් තුල රුපියල් මිලියන 24කට අඩුවීම හා එයද ඉහත සඳහන් කාරනා තුනට අදාල වීමයි.

රටේ 2/3 ප්‍රමානයක් වගා නොකොට අත්හැර දමා තිබූ යුගයක 2009න් පසු ඉතා භාරධූර්‍ය කටයුත්තක් භාරගෙන මුලු රටේම කෘශිකර්මය නගා සිටුවීම සඳහා මා ඇතුලු මාගේ අමාත්‍යංශ කාර්‍ය්මණ්ඩලය කල කැපවීම දන්නේ අප ටික දෙනා පමණි. මා කෘශිකර්ම අමාත්‍යංශය භාරගන්නා විට මේ රටේ ජනතාවගේ පරිභෝජනය සඳහා සහල මෙ.ටොන් දසලක්ශයකට අධික ප්‍රමාණයක් ආනයනය කරමින් තිබුනි. පසුව මා අමාත්‍යධූරයෙන් ඉවත්ව යනවිට වත්මන් යහපාලන රජයට හිසරදයක් වන තරමට අතිරික්ත වී ප්‍රමානයක් රට තුලම නිශ්පාදනය කරගැනීමට හැකිවීම මා අතුලු නිලධාරීන්ගේ කැපවීම මට ප්‍රීතියට කරුණකි. එකල මා අමාත්‍යංශය සතු වූ සම්පත් උපරිමයෙන් භාවිතා කොට රටේ ආර්ථිකය, ගොවියාගේ ආර්ථිකය නඟාසිටු වීමට ගත් තීරණ නිසා අද මාහට වංචා විමර්ශණ එකක වල නඩු කටයුතු සඳහා සාක්කි දීමට සිදුවී තිබේ.

පෙර ත්‍රස්තවාදී සමයේ මාගේ ආරක්ශාව වෙනුවෙන් ලබාදුන් ආරක්ශක රථ හා නිලධාරීන් පවා භාවිතා නොකොට නැවත භාරදී, රජයට බරක් නොවී කටයුතු කල අතලොස්සක් ඇමතිවරු අතර සිටි මාද මෙලෙස වාහන අවභාවිතා කල බවට චෝදනා නැඟීම මාහට නම් හස්‍යයට කරුණකි.

අවාසනාවට මේ දුර්ධාන්ත රජයේ නොහැකියාව වසාගැනීමට ඔවුන් උත්සහා කරනෙනේ මෙවැනි පදනම් විරහිත චෝදනා නඟා රටේ පැවතිය යුතු විපක්ශය නිහඬ කිරීමටයි. එහෙත් මේ රජය වෙනුවෙන් නැඟෙන විරොධය මෙවන් ක්‍රියාමර්ග වලින් යටපත් කල නොහැකී. ඊට නායකත්වය දීමට එකබද්ධ විපක්ශයේ අපි සැමදා ඔබ සමඟයි.
මහින්ද යාපා අබේවර්ධන

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.