එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මුන් අද (31) මෙරටට සම්ප්‍රාප්තවේ බෑන්කී මූන් මෙරටට එන්නේ කුමන කරුණුවලටදැයි සනාථ වි තිබේ. බටහිර රටවල් සහ විදේශ රාජ්‍ය නොවන සංවිධාන හමුවේ හිස නැමූ ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව දරුස්‌මාන් පරීක්‍ෂණ මණ්‌ඩලය පත් කළේය. මේ සම්බන්ධයෙන් ඔහු පැවසුවේ තමාට උපදෙස් දීමට එම පරීක්‍ෂණ මණ්‌ඩලය පත් කළ බවයි. එහෙත් පසුව එය එක්‌සත් ජාතීන්ගේ පරීක්‍ෂණ වාර්තාවක් බවට පත් විය.
දරුස්‌මාන් වාර්තාවේ කොටස් ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය භාවිතා කළ බව හෙළි විය. එහෙත් බැන්කී මූන් ඇමරිකානු හමුදාව ඇµaගනිස්‌තානයේ හා ඉරාකයේ සිදු කළ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ගැන පරීක්‍ෂණ මණ්‌ඩලයක් පත් කළේ නැත. මෑතකදී ජෝන් චිල්කොට් විනිසුරු චිල්කොට් වාර්තාව ප්‍රකාශයට පත් කරමින් බ්‍රිතාන්‍ය හා ඇමරිකාව ඉරාක ආක්‍රමණය සිදු කර ඇත්තේ නීති විරෝධී බව කියා සිටියේය. එසේ වුවත් අද වනතෙක් බෑන් කී මූන් චිල්කොට් වාර්තාව සම්බන්ධව ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ගැන විමර්ශනයක් කළ යුත බව පවසා නැත.
ඉරාකයේ 150000 කට අධික සිවිල්වැසියන් මරුමුවට පත් වී ඇත. ලක්‍ෂ 10 කට අධික ජනතාවක් අතුරුදන් වී තිබේ. එහෙත් අතුරුදන් වුවන් කාර්යාලයක් ස්‌ථාපිත කර ඒ ගැන විමර්ශනය කළ යුතු බව ඔහු ප්‍රකාශ කර නොමැත. සිරියාවේ නිත්‍යානුකූල අසාද් රජය පෙරලාදැමීම සඳහා ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය රාජ්‍ය විරෝධී ගරිල්ලන්ට අවිආයුධ සපයද්දී බෑන් කී මූන් නිහඬව සිටියේය.
එහි ප්‍රතිඵලය වූයේ සිවිල් වැසියන් ලක්‍ෂ ගණනක් විපතට පත් වීමයි.
ඇමරිකාවේ මෙකී ක්‍රියාදාමය නිසා අයිසිස් ත්‍රස්‌ත සංවිධානය බිහි විය. ලිබියාව අරාජික විය. ඉරාකයේ නිරතුරුවම බෝම්බ පිපිරීම් සිදුවේ. එහෙත් බටහිර රූකඩය වු බෑන් කී මූන් බලා සිටියේය. ඉරාකයේ සහ ලිබියාවේ සිදු වී ඇති විනාශකාරී තත්ත්වයට හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන් වගකිවයුතු බව ජනාධිපති අපේක්‍ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.
මෙලෙස ඇමරිකාවට චෝදනා එල්ල වුවත් බෑන් කී මූන් ඒ සම්බන්ධව ප්‍රකාශයක් කර නැත. බෑන් කී මූන්ගේ සේවා කාලය තුළ ලොව අරාජික තත්ත්වයකට පත් විය. යුරෝපයේ මිනීමැරීම් හා වෙඩි තැබීම් සිදුවිය. ඇති වී තිබෙන තත්ත්වය ගැන නිසි ක්‍රියා මාර්ග ගැනීමට ඔහු ආරක්‍ෂක මණ්‌ඩලය කැඳ වුයේ නැත. මෙවන් පසුබිමක් මැද බැන් කී මූන් මෙරටට එනතුරු උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන්, ද්‍රවිඩ සංධානය සහ උතුරේ කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන පුන පුනා බලාසිටි විග්නේශ්වරන් විසින් බෑන් කී මූන් වෙත ඉදිරිපත් කරන පැමිණිලි කල්තියා අපට කිව හැකිය.
එම පැමිණිළි මෙසේය
1) උතුරෙන් හමුදාව ඉවත් කර නැත
2) අපට පෙඩරල් බලය ලබා දී නැත.
3) යුද අපරාධ චෝදනා විමර්ශනයට ජාත්‍යන්තර විනිසුරුවන් අවශ්‍යයි.
4) හිටපු කොටි ක්‍රියාකාරීන් නිදහස් කරනු
එහෙත් මේ ඉල්ලීම් ඉටු කරන ලෙස බෑන් කි මූන්ට ශ්‍රී ලංකා රජයට උපදෙස් දීමට හිමිකමක් තිබේද?
බෑන් කි මූන් යනු කොන්දක් ඇති මහලේකම්වරයකු නොවේ. ඔහු බටහිර රටවල රූකඩයකි. යේමනයේ සිවිල් ජනතාව විශාල ලෙස ඝාතනය වෙද්දී බෑන් කි මූන් එය නතර කිරීමට ගත් පියවරක් නැත. අඩු වශයෙන් යේමනය සම්බන්ධව පරීක්‍ෂණ මණ්‌ඩලයක් පැවැත්වීමටද බටහිර රටවල් මානව හිමිකම් කොමසාරිස්‌ට ඉඩ දුන්නේ නැත. මේ අතර ඇමරිකාවේ කළු ජාතිකයන් රැසක් පොලිස් වෙඩි පහරවල්වලින් මරුමුවට පත් වී ඇත. එහෙත් මානව හිමිකම් උල්ලංඝණය වී ඇති බව බෑන් කී මූන් අද වන තෙක් ප්‍රකාශයක් කර නැත.
මේ පසුබිම මැද මෙරට විවිධ පාර්ශව බෑන් කී මූන්ට ප්‍රශස්‌ති ගායනා කිරීමට ලෑස්‌ති වී සිටී. එහෙත් බෑන් කී මූන් යනු බටහිර රටවල උපදෙස් මත ක්‍රියාත්මක වූ මහ ලේකම්වරයකු බව තහවුරු වේ.
මේ වසර අවසානයේදී බෑන් කී මූන්ගේ සේවා කාලය අවසන් වේ. ඔහුගේ සේවා කාලය තුළ ලෝක සාමයට කළ සේවයක් නැත. අයිසිස් ත්‍රස්‌ත සංවිධානය වර්ධනය වීම පමණක් සිදු විය. තමා සේවයෙන් සමු ගැනීමට පෙර ඔහු අයිසිස් ත්‍රස්‌ත සංවිධානයට එරෙහිව දැඩි පියවරක් ගත යුතු බවට යෝජනාවක් එක්‌සත් ජාතින්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය වෙත යොමු කිරීමටද උත්සුක වුයේ නැත. එහෙත් ඔහු දැන් මෙරට අවතැන් වුවන් සහ සංහිදියා ක්‍රියා මාර්ගය ගැන නිරීක්‍ෂණ කිරීමට හැකිවේ.
බෑන් කී මූන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත් කළ දරුස්‌මාන් මණ්‌ඩලයේ සාමාජිකාවක් වුයේ යස්‌මිත් සූකායි ඇය දකුණු අප්‍රිකාවේ කොටි රැස්‌වීම්වලදී ශ්‍රී ලංකාවට එරෙහිව හඬ නගන අයුරු දකින්නට ලැබී ඇත.
දරුස්‌මාන් වාර්තාව තම අධ්‍යනය සඳහා යෑයි පැවසු බෑන් කී මූන් පසුව එම වාර්තාව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් වෙත යවනු ලැබීය.
මෙය බෑන් කී මූන්ගේ දෙබිඩි පිලිවෙත සනාථ කරන්නකි.
කීර්ති වර්ණකුලසූරිය