Breaking
23 Feb 2025, Sun

දෙමලුන්, සුද්දන් සහ සිහලුන්

ලොව පුරා වසන දෙමල ජනයා එක් සිත්ව පහන් දල්වමින් හෘර්දයාංගමව සමරන එක් දිනයක් වෙයි. ඒ අන් කිසිවක් නොව ඊනියා විමුක්ති නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනයයි. යකඩින් සහ ලෙයින් ප්‍රභාකරන් මෙහෙයවූ ව්‍යපෘතිය තුලින් දෙමල ප්‍රජාව සහ භූමිය පරිහානිය කරා ‍රැගෙන ගියා මිස ලබා දුන් විමුක්තියක් නොමැත. එනමුත් දෙමල ජනයාට ප්‍රභාකරන් වීරයෙකි, මල් පහන් දල්වා දේවත්වයෙන් පිදුම් දෙන මුනිවරයෙකි. දශක තුනක් පුරා සිංහලයන්ට ලංකාවේ උතුරු නැගෙනහිර තහනම් බිමක් විය. සිංහලයන් දිවි ගෙවූයේ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයට බියේ ගැහෙමිනි. එකල්හි සිංහලුන්ට උතුරු නැගෙනහිර ගමන පමනක් නොව දකුනු කෙරේ ගමනද අඩමාන විය. සිංහල ආන්ඩුවට තරව‍ටු කල බටහිරයන් ප්‍රභාකරන් සුරතල් කලේය. මෙවන් පසු බිමක බලයට ආ මැදමුලන මහින්ද මිලිටරිය යොදවා ත්‍රස්තවාදය අතුගා දැමීය. මව්බිම එක් සේසත් කරමින් සාමය ‍රැගෙන ආවේය. සිංහලයා කෙතරම් තුච්ච ගුනමකු ජාතියක්දයත් එවන් මහින්ද අද ඔවුන්ට හොරෙකි , අපරාධකරුවෙකි. හෙලයාගේ සහ දෙමලාගේ වෙනස මෙයයි.

සුද්දගෙන් නිදහස ලැබ ගතවූ වසර හැත්තෑවක් පමන වූ කාලය පුරා නානා ප්‍රකාර පාලකයන් බලයට පත් වූහ. මැතිවරණ වේදිකාවේ ඔවුන් කල කී දෑ යම් පමනකට හෝ ඉ‍ටු කලේ නම් ශ්‍රීලංකාව අද සුරපුරයකි. නමුත් දහසක් බලාපොරොත්තු පොදි බැද කතිරය ගැසූ ජනතාවට සැමදා අත්වූයේ පශ්චාත්තාපය පමනි. එදා මෙදා තුර මෙකී ක්‍රමය වෙනස් කල එකම පාලකයා මහින්ද පමනි. දකුනේ සිංහල පාලකයා දන ගස්වා දශක තුනක් පුරා ජාතියේ ලේ උරා බුන් ත්‍රස්තවාදය අවසන් කලේ මහින්දය. එදා පක්ෂ පාට භේදයකින් තොරව මෙකී ජයග්‍රහනය නිම් නොමැති අභිමානයක්, සතුටක් ජනයා වෙත ‍රැගෙන ආහ. නමුත් එකී මතකය ඔවුන් තුල පැවතියේ බත් හැලිය ඉදෙන තුරු පමනි. බොරු කප්පරක් ඇද බාමින් සිල්ලරට රට විකුනූ චන්ද්‍රිකාද අවු 11 ක් පාලනය ගෙන ගියේය. රට එක්සේසත් කරමින් යුග මෙහෙවරක් ඉ‍ටු කල මහින්දට පාලන බලය දුන්නේ අවු 9ක් පමනි.

රේජීම් චේන්ජ් පි‍ටුපස කථාව නම් සුද්දන්ගේ අතකොලු වූ සිංහල බත්බැලයන් පිරිසක් දෙමලුන් සහ මුස්ලිමුන් සමග මෙහෙයවූ චන්ද මංකොල්ලයකි. ගෙන්දගම් පොලොවේ සත්‍ය නම් සිංහලයන් බහුතරය මහින්ද සමගය. සැබැවින්ම ජනතාවට මහින්ද එපා වූවා නොව එපා කෙරවීය. එදා අනුරපුරයේ බිහිකල මහා වාරී රාජධානිය අත හැර දකුනට පලායාමට හේතු වූයේද විදේශ කුමන්ත්‍රන සහ හෙලයාගේ අසමගියයි. යුද්ධයෙන් උඩරට යටත් කරගැනීමට සුද්දන් දැරූ සියලු උත්සාහයන් අසාර්ථක වූ කල්හි සිංහලයන් භේද බින්න කොට කුමන්ත්‍රනකාරීව රට යටත් කර ගත්තෝය. සුද්දා මීය කැඩුවේ අත ලෙව කෑමට නොව රටේ සියලු සාරය උරා බීමටය. අනතුරුව යටත් කල ලක්බිමේ මැනික් ගලේ සිට තේ කොලය දක්වා සියලු දේ රට පැටවීය..

සාගර සේද මාවත නොහොත් බටහිර නැගෙනහිර යා කරන වාණිජ මුහුදු මාරගයේ මර්මස්ථානය ශ්‍රීලංකාවයි. අනෙක් පසින් යුධ මූලෝපායික ගුවන් ගුවන් බලයේ කේන්ද්‍රය ශ්‍රීලංකාවයි. දෙවන ලෝක යුධ සමයේ දී මිත්‍ර හමුදාවේ ආසියානු මෙහෙයුම් මූලස්ථානය පිහි‍ටුවූයේ ත්‍රිකුනාමලය වරායට යාබද චෛනා බේ ගුවන් හමුදා කදවුර තුලය. ඇමෙරිකානුවන් 1966 දී දියාගෝ ගර්ෂියා දූපතේ සිය ආසියානු මෙහෙයුම් මුලස්ථානය පිහි‍ටුවිය. මෙය බ්‍රිතන්‍යයන්ගෙන් කල් බදු ක්‍රමයට ගත් භූමියකි. තන්ඩර් කෝව් නම් මෙම කදවුර ලංකාවට දකුනු මුහුදේ පිහිටා ඇත. බ්‍රිතාන්‍යයන්ගේ කුලී බිමක සිටින ඇමෙරිකානුවන්ට කලාපයේ ගුවන් සහ නාවික කේන්ද්‍රය වන ලංකාව කෙතරම් වැදගත් දැයි අමුතුවෙන් කිවයුතු නොවේ. නමුත් නොබැදි ජාතීන්ගේ රටක් වන ලංකාවේ යුධ කදවුරු තැනීම පවතින සාම්ප්‍රදාය යටතේ තවත් රටකට නොහැක. එහෙයින් ඊට සුදුසු වටපිටාව කෘතීමව නිර්මානය කල යුතු වෙයි.

ත්‍රස්ත ව්‍යපෘති හරහා රාජ්යක් අරාජිකත්වයට දක්කා එහි පාලනය ඩැහ ගැනීම ඇමෙරිකානු ක්‍රමයයි. එල්.ටී.ටී.ඊ ය , ජවිපෙ හෝ ISIS යනු ජනතාවගේ විමුක්තිකාමීන් නොව බටහිරයෙන්ගේ කූට අරමුනු ඉ‍ටුකරන කුලී හේවායන් පිරිසකි. බෙදුම්වාදය සහ ත්‍රස්තවාදය මැඩපවත්වන ශක්තිමත් නායකයෙකු බලයේ සිටිනතාක් ඇමෙරිකානු ඉලක්ක කරා යාම දුෂ්කරය.එහෙයින් ශක්තිමත් නායකයා පලමු කොට විනාෂ කර දැමිය යුතුය. ස්වදේශික ජනතාව ගොනාට අන්දවා ඔවුන්ගේ ‍රැකවලා ඔවුන් අතින්ම නැතිකිරීම බටහිරයන් යොදනා උපායයි. ලිබියාව සුපිරි දේශයක් බවට පත් කල ගඩාපිට, ඉරාකය කෙලින් සිටවූ සදාම් හුසේන්ට, යුරෝපා සංගමයට පි‍ටුපා රුසියාව සමග එක්ව රට ගොඩ නැගූ යුක්රේනයේ වික්ටර් යනුකොවිච්ට පමනක් නොව බටහිරයන්ගේ මිනීමරු සුරතලාගේ ඔලුවටම වෙඩි තැබූ මහින්දටද අත් වූයේ එකම ඉරණමයි.

ඇමෙරිකානුවන් යනු හිරෝෂිමා නාගසාකි භූමියට පරමානු බෝම්බ දමා මිලියනයක ජනසංහාරයක් සිදු කල ජාතියකි. කිසිදු එදිවාදිකමක් නොවූ වියට්නාමයට බෝම්බ ටොන් 7850000 ගැසූ ජාතියකි. දුප්පත් කම්බෝජයට සහ ලාඕසයට ටොන් 613820 ක විෂ රසායන හෙලූ ජාතියකි. ශිෂ්ඨාචාරයක තොටිල්ල වූ ඉරාකය එක් ‍රැයකින් නටබුන් කලේ ඇමෙරිකානුවන්ය. තැන තැන බෙලි කපන ISIS සංවිධානය ගොඩ නැගුවේ ඇමෙරිකාවය.අද ලංකාවට මානව හිමිකම් පිලිබද පාඩම් කියාදීම්ට පැමිනෙන්නේ එහෙව් ඇමෙරිකාවය. න්‍යාය ටොන් එකකට වඩා ප්‍රායෝගිකත්වය අවුන්ශය වටින බව වරෙක ලෙනින් ප්‍රකාශ කලේය. මානව හිමිකම් ගැන කඹුරන ඇමෙරිකානුවන් මෙන්ම ඊට උඩගෙඩි දෙමින් යහපාලනය ගැන දොඩවන සිරිසේනලාත් තේරුම් ගත යුතු සත්‍ය මෙයය. තමා සම්මතයේ නොසිට වැදි බන දෙසන වසලයන්ගෙන් ඇති ඵලය කිම.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.