Breaking
23 Feb 2025, Sun

දෙමළ ජනතාවගේ මාතෘ භූමිය පදනම් කරගත් ස්වයං පාලනයක් පිළිගත් ව්‍යවස්ථාවක්! නොදුන්නොත් බලාගෙනයි….

උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන දෙමළ ජනතාවගේ මාතෘ භූමිය පදනම් කරගත් ස්වයං පාලනයක් පිළිගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මෙරට තුල සකස් කල යුතු බවට දෙමළ ජාතික සන්ධානය සිටින ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් පවසා තිබේ.

පසුගියිදා කිළිනොච්චි නගරයේ සිටින ව්‍යපාරිකයින් සමග පැවැතී සාකච්ඡාවකදි එස්.ශ්‍රීධරන් සදහන් කර ඇත්තේ වත්මන් ආණ්ඩුව ඒ සදහා හොද ප්‍රවේශයක් ලබා නොදෙන්නේ නම් ආණ්ඩුවේ ආයුෂ කොටවිය හැකි බවයි.

“දෙමළ කතා කරන ජනතාව ඉතාමත් අවබෝධයකින් සිටිය යුතුය. ශ්‍රී ලංකාව, විවිධ ජාතික ජනතාව ජීවත්වන රටක්ය. මෙරටේ ජීවත්වන සියළු ජනවර්ග, මෙරටේ පුරවැසියන් බව පිළිගෙන, ඔවුන් සියළුදෙනාම පිළිගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කල යුතුය. මෙහි ජීවත්වන එක් ජනවර්ගයට හෝ ආගමට ප්‍රමුඛත්වය ලබාදී, අනෙකුත් පුද්ගයින් සුළු ජාතිකයින් බවට පත්කර, අයිතීන් ප්‍රතික්ෂේප කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් නොකල යුතුය. රටේ ජීවත්වන ජනාතාවගේ සාමය, සියළු ජනවර්ග අවධානයට ගෙන, ඔවුන්ට අයත් අයිතීන් ලබාදීමට හැකි අන්දමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කල යුතුය. ”

“එක් ජාතියකට සහ ආගමකට පමණක් ප්‍රමුඛත්වයක් ලබාදී, තවත් ජනවර්ගයක් මර්ධනය කර තැබීමට උත්සාහ කිරීම, මෙරටේ ජනවාර්ගික ගැටළුවවට ප්‍රධානම හේතුවක් ලෙස සකස් වී ඇත. මෙවැනි තත්වයක් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේත් ඇතිවුවහොත්, එහි ප්‍රතිවිපකය මේ දක්වා සිදුවු දේ‍ට වඩා ඉතාමත් කුරිරු එකක් ලෙස සකස් වනු ඇත.”

“මේ සම්බන්ධයෙන් වත්මන් රජය වැඩි අවධානයක් යොමුකල යුතුය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන අතුරු වාර්තාවේ බොහෝ අඩුපාඩු ඇති බව විවිද පාර්ශව පෙන්වාදී ඇත. මෙම අතුරු වාර්තාව පිළිබඳව දෙමළ ජනතාව දැනගත යුතුය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජනමත විචාරණයට යොමුකරන අවස්ථාවේදී, එයට සුදුසු අන්දමින් මුහුණදීමට දෙමළ ජනතාව සුදානමින් සිටිය යුතුය”

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.