Featured

දෙමළ ජාතිවාදය පෝෂණය කරන විග්නේෂ්වරන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉදිරි පියවරක්

උතුරැ පළාත් සභාව සම්මත කළ ෆෙඩරල් යෝජනාව මගින් වෙනම රජයක අරමුණු, පරමාර්ථ එළිදරව්වන්නේ ද යන්න විමසීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ කරැණු තහවුරැ කිරීමට අවසර හිමි වෙයි.

උතුරැ පළාත් සභාවේ සභාපති කේ. සිවඥානම් මහතා විසින් 2016.04.07 වන දින උතුරැ පළාත් සභාවට ඉදිරිපත් කර 2016.04.22 දින සම්මත කළ උතුරැ නැගෙනහිර වෙනම දෙමළ කථාකරන ඒකකයක් වෙනුවෙන් වූ යෝජනාවේ සිංහල පිටපත ලබා ගැනීම සදහා නීතීඥ අරැණ ලක්සිරි මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතුරැ පෙත්සමක කරැණු තහවුරැ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 2016.06.27 වන දින අවසර දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැ ප්‍රයසාද් ඩෙප්, සිසිර ආබෘ සහ නලීන් පෙරේරා විනිසුරැවරැ විසින් මෙම පෙත්සම 2016.08.29 වන දිනට කරැණු තහවුරැ කිරීමට නියම කර ඇත.

*දකුණේ ජනතාව විසින් දෙමළ ජනතාවට අසාධාරණයක් කරන්නේ යැයි ජාත්‍යන්තරව ජාතිවාදී මතවාද පතුරවන දෙමළ ජාතික සන්ධානය මෙන්ම ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය සිය බලය තහවුරැ කරගෙන සිටින උතුරැ පළාත් සභාවේ ජාතිවාදය ව්‍යාප්තකරගෙන සිටින ආකාරය ලොව පුරා විසිරී සිටින ලාංකිකයන්ගේ අවධානය යොමු විය යුතු බවත් එම නීතීඥවරයා දක්වා ඇත.

2016.04.22 දින උතුරැ පළාත් සභාව විසින් ෆෙඩරල් පාලනයක් වෙනුවෙන් වූ යෝජනාවක් සම්මත කරගෙන එකී ක්‍රියා පටිපාටිය මගින් ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටුවීම අරමුණු ,පරමාර්ථ එළිදරව්වන්නේ ද යන්න විමසීම සදහා එකී යෝජනාවේ සිංහල පිටපත ශේෂ්ඨාධිකරණයේ විමසීමට ලක්කිරීම සදහා, නීතීඥවරයකුවන අරැණ ලක්සිරි මහතා විසින් 2016.04.26 දින ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අතුරැ පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

මෙම අතුරැ පෙත්සම මගින් උතුරැ පළාත් සභාවේ ප්‍රධාන ඇමති සී. වී. විග්නේශ්වරන්, සභාපති කන්දයියා සිවඥානම් සහ ප්‍රධාන ලේකම් එම්.ඒ. පතිනාදන් යන අයව ශ්‍රේෂ්ඨාධිකරණයට කැදවන ලෙස ද ඉල්ලා ඇත. ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටුවීම අරමුණු නැතහොත් පරමාර්ථ ඇති බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 157.අ. 4 යටතේ නඩු පවරා ඇති අතර නඩුවේ මුල් පෙත්සම මගින්,

දෙමළ ජාතික සන්ධානයේ අරමුණු වලින් නැතහොත් පරමාර්ථ වලින් එකක් වී ඇති ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටුවීම සදහා යන්න නීත්‍යානුකූලව එළිදරවුවීම යටපත් කිරීම සදහා උපක්‍රමය භාවිතා කරන බවත්,
දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි නොකර සහ මැතිවරණ වලට තරග නොකර ඒ සදහා ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය යොදාගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන, උපක්‍රමශීලී ලෙස මග හරිමින්, ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට, ඉතා කූඨ සහගත සැළසුමක් ක්‍රියාත්මක කරන බවත්,

දෙමළ ජාතික සන්ධානය සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය අතර මනා සම්බන්ධතාවයක්, අවබෝධයක් සහ එකිනෙකාගේ කටයුතු හොදින් දන්නා බවත්, දෙමළ ජාතික සන්ධානය යටතේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කරන බවත්, දෙමළ ජාතික සන්ධානය නීත්‍යානුකූලව ලියාපදිංචි කරනු නො ලැබූ දේශපාලන පක්ෂයක් ද වන බවත්,ආර්. සම්පන්දන් මහතා ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වුවද ඔහු විසින් තමා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක ලෙස අර්ථ ගන්වාගෙන පාර්ලිමේන්තුවේ නැති පක්ෂයක නාමයක් ආරූඪ කර ගෙන ක්‍රියා කරන බවත්,තම අරමුණු වලින් නැතහොත් පරමාර්ථ වලින් එකක් වී ඇති ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටුවීම අරමුණු නැතහොත් පරමාර්ථ බව දෙමළ ජාතික සන්ධානය 2013 පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී ඇති බවත්, සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් එළිදරව් කර දෙමළ ජාතික සන්ධානය නමින් මැතිවරණය සදහා තරග නො කිරීමටද වග බලාගෙන තිබෙන තිබෙන බවත්,

දෙමළ ජාතික සන්ධානය සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය අතර සිදුවන මෙම උපායශීස්ලී සම්බන්ධතාවයද ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීම අරමුණු නැතහොත් පරමාර්ථ පෙන්වන බවත් ඒ අනුව ආණ්ඩුත්‍රම ව්‍යවස්ථාවේ 157 .අ.4 ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටුවීම අරමුණු නැතහොත් පරමාර්ථ යටතේ ඔවුන් ක්‍රියා කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කර ඇත.

එමෙන්ම උතුරැ පළාත් සභාව විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියද ජාතිවාදී පදනමින් පවත්වාගෙන යන බවත්, එකී වෙබ් අඩවිය දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පවත්වාගෙන යමින් සිංහල ජනතාවට බලවත් අසාධාරණයක් වෙනස් කමකට ලක්කරන බවත් පෙන්වා දෙමින් එකී නීතීඥ මහතා විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටත් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවටත් පැමිණිළි කර ඇත.

දකුණේ ජනතාව විසින් දෙමළ ජනතාවට අසාධාරණයක් කරන්නේ යැයි ජාත්‍යන්තරව ජාතිවාදී මතවාද පතුරවන දෙමළ ජාතික සන්ධානය මෙන්ම ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය සිය බලය තහවුරැ කරගෙන සිටින උතුරැ පළාත් සභාවේ ජාතිවාදය ව්‍යාප්තකරගෙන සිටින ආකාරය ලොව පුරා විසිරී සිටින ලාංකිකයන්ගේ අවධානය යොමු විය යුතු බවත් එම නීතීඥවරයා දක්වා ඇත.

දකුණේ ජනතාව දෙමළ භාෂාවට වෙනස් කොට සළකන බව කීවද එය නිවැරදි නොවන බවත් සිංහල සහ දෙමළ භාෂා දෙකම සමාන තත්ත්වයේ ලා පිළිගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රතිපාදන සළසා තිබුණද හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැවරයෙකුද වන වර්තමාන උතුරැ පලාත් සභාවේ ප්‍රධාන ඇමති සී. වී. විග්නේෂ්වරන් මහතා දෙමළ ජාතිවාදය පෝෂණය කරමින් සිංහල භාෂවට වෙනස්කම් සිදුකරන බවත්, සිංහල භාෂාවට උතුරැ පළාතේ වෙනස් කොට සළකන බවත් ඒ නිසාම මධම ආණ්ඩුවේ මුදලින් පොෂණය වන උතුරැ පළාත් සභාවේ නිල වෙබ් අඩවියෙන් සිංහල භාෂාව ඉවත් කර ඇති බවත් ඒ මහතාගේ පැමිණිළි වලින් අනාවරණය වෙයි.

රටේ බහුතර සිංහල ජනතාව දෙමළ ජනතාවගේ භාෂා අයිතිය තහවුරැ කර තිබියදී උතුරැ පළාත් සභාව විසින් සිංහල ජනතාවගේ මෙන්ම සිංහල පළාත් සභා මනත්‍රීවරැන්ගේ භාෂා අයිතිය අහිමි කර ඇති බවත් මෙම පැමිණිළි වලින් කරැණු ඉදිරිපත් වී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පවතින නීතියට යටත්ව උතුරැ පළාත් සභාව දෙමළ ප්‍රාන්ත යෝජනාවක් සම්බන්ධ ෆෙඩරල් පාලනයක් වෙනුවෙන් වූ යෝජනාව සම්මත කර තිබේද යන්න සහ උතුරැ පළාත් සභාවේ නිල වෙබ් අඩවිය ජාතිවාදය ව්‍යාප්ත කරන්නේද යන්න ජනතාවට මෙහිදී වැදගත් වෙයි.

එම නීතීඥවරයා විසින් උතුරැ පළාත් සභාව විසින් සිංහල ජනතාවට බලවත් අසාධාරණයක් වෙනස් කමකට ලක්කරන බවත් පෙන්වා දෙමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටත් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවටත් පැමිණිළි කිරීමෙන් පසු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඒ සම්බන්ධව උතුරැ පළාත් සභාවේ ලේකම්වරයාගෙන් ඒ සම්බන්ධව විමසා ඇති අතර රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් සති 2ක් ඇතුළත සිය නිරීක්ෂණ යොමුකරන ලෙස නියම කර ඇත.

රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් සති 2ක් ඇතුළත සිය නිරීක්ෂණ යොමුකරන ලෙස නියම කර ඇති උතුරැ පළාත් සභාවේ ලේකම්වරයා වෙත යොමු කළ ලිපිය පහත දැක්වෙයි.

OLC Letter 1 OLC Letter 2

Top