Anonymous Reporter

දේශපාලන ද්‍රෝහීන් සමග එකතු වීමට පොහොට්ටු සූදානම්ද?.. පොහොට්ටුවත් අම්බලමක් වෙයිද?

2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ද්‍රෝහි වූ කිසිවකු නැවත පොහොට්ටුව සමග එකතු කරගත හොත් පොහොට්ටු ඡන්ද ලක්ෂ ගණනත් පොහොට්ටුවෙන් ගිලිහී යනු ඇත. ඇමති කටුවට සියල්ල පාවාදුන් ද්‍රෝහීන්ට ඉතිහාසය විසින් නියම තැන හිමිකර දෙනු ඇත.

වාසි පැත්තට පනිමින් ඇගේ ඉදන් ඇග කන උන් පොහොට්ටුවට ගත හොත් පොහොට්ටුවටත් සොරිම තමා..

මෛත්‍රී ඔහුගේ ලක්ෂ 62ට ද්‍රෝහි වුණා මෙන් පොහොට්ටුවට කතිරය ගැසූ ඡන්ද දායකයන්ට පොහොට්ටු නායකයන් ද්‍රෝහි වනු ඇතැයි සිතිය නොහැකිය. නමුත් දේශපාලනය යනු ආප්ප න්‍යායයි. අද ඉන්න එකා හෙට අනික් පැත්තට යයි. පොහොට්ටුවත් ඒ ආකාරයට අම්බලමක් වුවහොත් පොහොට්ටුවටත් දෙවියන්ගේ පිහිටය.

එදා 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජිතයන් පාර්ලිමේන්තු යවා ඇමති කටු සූප්පු කරන්න දීමට ඊනියා ජාතික ආණ්ඩුවක් අටව ගත්තා සේ පොහොට්ටුවට කතිරය ගැසූ අහිංසක ඡන්ද දායකයන්ට කොකා පෙන්වීමට පොහොට්ටු නායකයන් ක්‍රියා කළහොත් මෛත්‍රී වැටුන කුණු ගොඩට වඩා අන්ත කුණු ගොඩකට පෙහොට්ටු නායකයන් වැටෙනු ඇත.

පොහොට්ටු නායකයන්ට කළගුණ මතකද? යන්නත් ඉතිහාසය මතකද යන්නත් බලා සිටිමු…..!

Top