Breaking
19 Apr 2025, Sat

නවනිදන් පිල්ලේ ලංකාවේ පිල්ලි යවයි – PSD රැකවරණ සමග බෙදුම්වාදීන් සමග සාකච්ඡා

යුධ විරුවන් පොරකයට යවමින් ප්‍රභාකරන්ගේ ඊළාම් රාජ්‍ය ගොඩනැගීම සදහා උතුරේ බෙදුම්වාදී ද්‍රවිධ ජාතික සන්ධානය සමග කරට අත දමා ගනිමින් කටයුතු කරන හිටපු මානවහිමිකම් පිළිබඳව මහා කොමසාරිස්වරයෙකු වන නවනිදන් පිල්ලේ මහත්මිය දින කිහිපයක සිට කොළඹ ඇතුලු රටේ විව්ධ ප්‍රදේශ වල රවුම් ගසමින් සිටින බව අප විශේෂ වාර්තාකරුවන් අනාවරණය කර සිටි.

ජනාධිපති විශේෂ ආරක්ෂ රථ සහ ජනාධිපති අරක්ෂක අංශයේ සමාජිකයන් 12 දෙනෙකු බෙදුම්වාදී නවනිදන් පිල්ලේගේ ආරක්ෂාවට යොදවා ඇති අතර නවනිදන් පිල්ලේගේ මෙම සංචාරයට ඇයගේ දියණියද එක්ව සිටින අතර අද දෙදෙනාම ආරක්ෂක භටයන්ද පිරිවරාගෙන ටවුන්හොල් ODEL ප්‍රදර්ශනාගාරය වෙත පැමිණ ඇදුම් මිළදි ගැනිමට කටයුතු කර තිබේ.

ජනාධිපතිවරණයට පෙර මෛත්‍රී-රනිල් පොරොන්දු වු පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර උතුරු නැගෙනහිරට ඉඩම් සහ පොලිස් බලතල ලබාදෙන ලෙස දෙමළ ජාතික සන්ධානය කර ඇති ඉල්ලිමට අනුව ඇමරිකාවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් තෝමස් සෙනෝන්ද අද දිවයිනට පැමිණ ඇති අතර මිට අමතරව තවත් කිහිප දෙනෙකුම පැමිණිමටද නියමිතව තිබේ.

නීතිය, මානව හිමිකම් පිළිබඳ කටයුතු, යුද අපරාධ පිළිබඳ නීති, මානුෂීය නීති ඇතුළු විවිධ අංශයන්ගෙන් ප්‍රවීනත්වය ලද ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ඇමරිකාව සහ ඉන්දියාව යන රටවල් වලින් තෝරාගත් විද්වතුන් 05 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් හිටපු මානවහිමිකම් පිළිබඳව මහා කොමසාරිස්වරයෙකු වන නවනිදන් පිල්ලේ මහත්මියගේ උපදේශකත්වයෙන් යුතුව පිහිටුවා ගත් අතර එම කමිටුවේ විශේෂ රැස්විමක් උතුරේදිම පැවැත්විමටද ඉදිරි දින කිහිපය තුල කටයුතු යොදවා තිබේ.

උතුරේ ෆෙඩරල් පාලනයක් පිහිටුවිමට ශ්‍රි ලංකා යහපාලන රජය ලබාදුන් පොරොන්දුව අනුව එම ෆෙඩරල් ක්‍රමය සකස් විය යුතු අකාරය සහ පසුගියදා එක්සත් ජාතින්ගේ සංවිධානය පසුගියදා ලංකා රජයේ එකඟතාව මත සම්මත කරගත් යුධ අපරාධ පිළිබඳව වු වාර්තාවට අදාළව ද්‍රවිධ ජාතික සන්ධානය සහ උතුරේ සිවිල් සංවිධාන සහ ජාත්‍යන්තරව හැසිරිවිය යුතු ආකාරය පිළිබඳව දෙමළ ඩයස්පොරාවේ සමාජිකයන් සහ දැනුවත් කිරිමේ සමුලුවක් නොවැම්බර් 07 සහ 08 යන දිනයන් හිදී දකුණු අප්‍රිකාවේ ඩේබන් හි පවත්වා තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.