Featured

නව පක්ෂයට එරෙහිව කුමන්ත්‍රණයක්!

මහින්ද පාර්ශවය නව පක්ෂය නිර්මාණය කර වැඩ ආරම්භ කරන තුරු මැතිවරණයක් නොපැවිත්විමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල පාර්ශවයේ බත් බැලයන් කටයුතු කරමින් සිටින බව අනාවරණය තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව පක්ෂය සෑදිම කෙසේ හෝ නතර කර දැමිය යුතු බවත් එය ඒසේ නතර කිරිමට නොහැකි නම් පක්ෂය ගොඩනගන තෙක් මැතිවරණ පැවැත්විම සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක තින්දුවක් නොගැනිමට තමන් අගමැතිවරයා කැමති කර ගත් බවද ශ්‍රිලනීප විනාශ කිරිමේ කාර්යය භාරගෙන සිටින සභාපති මෛත්‍රීපාල සිරිසේන මධ්‍යම කාරක සභාවට දැනුම් දි තිබේ.

මැතිවරණයක් නොමැති තත්ත්වයක් තුල පක්ෂය ආරම්භ කිරිම සම්බන්ධයෙන් මහින්ද පිල දෙවරක් කල්පනා කරන බවත් යන් හෙයකින් පක්ෂය නිර්මාණය කල හොත් එය මර්දණය කිරිම සදහා වෙනම වැඩපිළිවෙළක් සකස් කල යුතු බවද මෛත්‍රී දැනුම් දි තිබේ.

මේ අතර පසුගිය මහමැතිවරණයේ දී සන්ධානයෙන් තරඟකර තේරී පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරන කිසිදු මන්ත්‍රීවරයෙකුට වෙනත් පක්ෂ හෝ කණ්ඩායම් සෑදීමට ඉඩ නොදිය යුතු බවට මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර ඇතැයි ද අද මාධ්‍ය හමුවක් පවත්වමින් මෛත්‍රීගේ බත් බැලයන් කියා සිටියා.

Top