Breaking
11 Mar 2026, Wed

නව පලස්තීන රජයට සහාය වන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී

පලස්තීන නව රජයට සහාය වන ලෙස චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලීමක් කරයි.

Mohammad Mustafa මහතා අගමැති හා විදේශ ඇමති ධුර හොබවන පලස්තීන නව රජයේ දිවුරුම් දීම වෙනුවෙන් චීනය සුබ පැතුම් එක් කරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා ඊයේ (1) ප්‍රකාශ කර ඇත. පලස්තීන ජාතික බලායතනයේ අධිකාරිය ශක්තිමත් කිරීමටත් නව රජයේ සේවා කටයුතුවලටත් සහාය  වන ලෙස චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලීමක් කරන බව ද ප්‍රකාශ කෙරේ.

චීනය ජගත් ප්‍රජාව සමග එක්ව සටන් විරාමය ක්‍රියාත්මක කිරීම පෙළඹවීම, සිවිල් වැසියන් ආරක්ෂා කිරීම, පලස්තීන ගැටළුව ‘ද්වි රාජ්‍ය විසඳුම’ පිළිබඳ නිවැරදි මාර්ගයට යළි පැමිණීම සඳහා උත්සාහ කරනු ඇතැයි ද ඔහු පැවසීය.