Breaking
24 Feb 2025, Mon

නාමල්,ඩලස්, අත් අඩංගුවට ගන්න ජනපති කල්ලිය බලපෑම් කරයි..

අධිකරණ නියෝගය නොතකා විරෝධතාවයේ යෙදුණ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස යහපාලන ආණ්ඩුවේ සිරිසේන කල්ලියේ ප්‍රබලයන් ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ.

හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා යෝජිත කර්මාන්ත පුරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම දින 14කට තහනම් කරමින් හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (06) අතුරු නියෝගයක් නිකුත් කළේය. මෙම අධිකරණ නියෝගය 26 දෙනෙකුට පුද්ගලිකවම දැනුම් දී තිබුණු අතර නාමල් රාජපක්ෂ මහතාද ඒ අතර වන අතර මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන නාමල් සහ ඒකාබද්ධයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු අල්ලා හිරේ දැමිය යුතු බවයි සිරිසේන කල්ලිය යෝජනා කර ඇත්තේ.

හම්බන්තොට ආයෝජන කලාපයට මුල් ගල තැබීමට එරෙහිව විරෝධතාවයේ යෙදුන සහ පොදු දේපොළ හානි කළ බව කියන 52කු පොලිසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබේ. හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා පෙරේදා (06දා) ලබා දුන් නියෝග නොතකමින් අධිකරණ නියෝග කඩ කළ තවත් පිරිස් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව ද පොලිස් පොලිසිය පැවසීය.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.