Breaking
25 Feb 2025, Tue

නාහෙන් අඩන සිරිසේන පවු …

එදා මහින්ද මහත්තයා දුම්කොල බද්ධ දාන්න දුනේ නැතැයි කියලා වත්මන් ජනාධිපතිවරයා චෝදනා කල බවත්, අද ඔහු රටේ ජනාධිපතිවරයා බවට පත්ව තිබියදීත් දුම්කොල බද්ධ පනවා ගත නොහැකිව නාහෙන් අඩන බවත්, ආණ්ඩුවේ පම්පෝරිය මිස වැඩ නොමැති බවත්, ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි ඒකාබද්ධ විපක්‍ෂයේ කැ`දවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි තත්වයක් යටතේ උතුරු නැගෙනහිර ඊලාම් යුද්ධයක් පැවතුනේ නම් ජීවිතේට යුද්ධය දිනා ගැනීමට වත්මන් ජනාධිපතිවරයාටද නොහැකි වනු ඇති බවයි. තමන්ට අවශ්‍ය බද්ධක්වත් පනවා ගැනීමට නොහැකිවී ඇති සිරිසේන ජනාධිපතිවරයා පිළිබ`දව තමා කණගාටු වන බවත්, කීමට ඇත්තේ පව් සිරිසේන ජනාධිපතිතුමා යැයි පමණක් බවත් රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෝමාගම න`ගරයේදී පසුගිය සෙනසුරාදා (10) පැවති රැස්වීමේදී රණතුංග මහතා මේ බව සදහන් කලේය.

තමන් පක්‍ෂය කැඞීමට උත්සාහ කරන්නේ යැයි මහින්ද අමරවීර සංධාන මහ ලේකම්වරයා චෝදනා කරන බව පැවසූ රණතුංග මහතා පක්‍ෂය කැඩුවේ තමන් නොව වත්මන් පක්‍ෂ සභාපති, ලේකම් ඇතු`ඵ පිරිසක් යැයිද පෙන්වා දුන්නේය. “ඔබ මොකද කියන්නේ අපි වෙනම යායුතුයිද? නැද්ද?” රණතුංග මහතා මෙහිදී රැස්ව සිටි පිරිසගෙන් විමසූ අතර, එවිට ජනතාව කෑ ගසා කිවේ වෙනම යායුතු බවයි. ඒක තමයි ජනමතය. යැයි පවසමින් මහින්ද රාජපක්‍ෂ මහතා දෙස බැලූ රණතුංග මහතා කීවේ මහින්ද මහත්තයා ඔබතුමා දැනටමත් පරක්කු වැඞී කියාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

“එදා අවුරුදු තිහක් පැවති යුද්ධය මහින්ද රාජපක්‍ෂ මහත්තයා අවසන් කරලා මේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පු`ඵවන් වාතාවරණයක් හැදුවා. අපිට ඒ නිදහස බුක්ති විදින්න ලැබුවේ අවුරුදු පහයි. 2015 ජනාධිපතිවරණයේදී බොරු කියලා, කුමන්ත‍්‍රණ කරලා අපේ ජනාධිපතිවරයා පරාජය කෙරුවා. එදා මැතිවරණ වේදිකාවේ මෛත‍්‍රිපාල සිරිසේන උන්නැහැ කියාගෙන යනකොට මම ජනාධිපති වෙලා පැය 24 න් රනිල්ව අගමැති කරනවාමයි කියලා අපි කිව්වා මේ රටේ ජනතාවට රනිල් අ`ගමැති උනොත් රටට ලොකු විනාසයක් වෙනවා කියලා. බටලන්ද වදකාගාරය කලේ කවුද කියලා තමුන්නාන්සේලා දන්නවා. එතුමා බලයට පත්උන හැම වෙලාවෙම කටයුතු කලේ රටටත් ජනතාවටත් විරුද්ධවයි. වික‍්‍රමසිංහ මහත්තයා බලයට පත්වෙච්ච හැම වෙලාවෙම රටේ ජාතික ආරක්‍ෂාව වල පල්ලට ගියා. 2001 දී එතුමා අ`ගමැති උනාහම කොටි සංවිධානය එක්ක ඊනියා සාම ගිවිසුමක් අත්සන් කරලා උතුරු නැගෙනහිරට වෙනම පාලනයක් දෙන්න කටයුතු කලා.මහින්ද මහත්තයා අවසන් කරපු කොටි ත‍්‍රස්තවාදය අද රනිල් මෛත‍්‍රි ආණ්ඩුව යටතේ නැවත හිස ඔසවමින් තිබෙනවා. ඒකට හො`දම උදාහරණය තමයි මැලේසියානු සිද්ධිය.”

“පසුගියදා මැලේසියාවේදී ගැහුවේ කාටද? අපේ හාමුදුරුවනේ ගැහුවේ අපේ ආගමික සිද්ධස්තානයකට. අනිත් පහරදීම කලේ මුස්ලිම් ජාතික රාජ්‍යතාන්ත‍්‍රිකයෙකුට. මේ ගැහුවේ වෙන කවුරුත් නෙවෙයි. කොටි ආණ්ඩුව බයයි මේ ගැහුවේ කොටි කියලා කියන්න. මොකද කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් එහෙම නැත්නම් කොටි ඩයස්පොරාවෙන් යැපෙන අය මේ ආණුඩුවේ ප‍්‍රබල ඇමතිකම් දරණ නිසා. ඒකයි මේ අය කොටි ක‍්‍රියාකාරකම්වලට විරුද්ධ නොවෙන්නේ. ”

“මහින්ද මහත්තයා පැරදිලා ගෙදර ගිහින් නිදහසේ ඉන්නයි හැ`දුවේ. ජනතාවයි එතුමාගේ ගෙදර ගිහිල්ලා ආපහු දේශපාලනයට එන්න කියලා ඇවිටිලි කලේ. මේ රටට මේ වින්නැහිය වන බව දන්න නිසයි. කොන්දක් තියන නායකයෙක් රටට අවශ්‍ය නිසයි.”

රණතුංග මහතා -(ජනතාවගෙන්) අද නියම ශ‍්‍රී ලංකා කාරයෝ ඉන්නේ කා එක්කද?

ජනතාව – මහින්ද මහත්තයාත් එක්ක.

“හරියටම හරි. අද මේ රටේ නියම ශ‍්‍රී ලංකා කාරයෝ ඉන්නේ මහින්ද මහත්තයාත් එක්කයි. කුරුණෑගල රැස්වීම ඉවරවෙලා මහින්ද අමරයවීර ඇමතිතුමා කියනවා රැස්වීම ගැන අපි හරි සන්තෝෂයි කියලා. අර දහදාහක් පහලොස් දහසක් එකතුඋණු රැස්වීම ගැන අපි හරි සතුටුයි කියලා. ඒකට ආපු සමහරු කව්ද? එක්සත් ජාතික පාෂිකයෝ. ඒක එතුමගේ කථාවෙදිම කියනවා. මේ රැස්වීමට තෝරලා බේරලා ගෙන්නන්න බෑ. මේකට යු. එන්. පී. අයත්. ටි. එන්. ඒ. යත්, ජේ.වී.පී. අයත් ඇවිත් ඉන්නවා කියලා. අපි දන්නවා ඉන්නවා කියලා. මොකද මුන් හවුලේ කන හින්දා අපි දන්නවා හිටියා කියලා. හැබැයි අපි අමරවීර මහත්තයාට ආරාධනා කරනවා අද හෝමාගමට ඇවිත් බලන්න. නියම ශ‍්‍රී ලංකා කාරයෝ ඇවිත් ඉන්නේ මහින්ද මහත්තයාත් එක්ක කියලා. එතුමට දැකගන්න පු`ඵවන්.”

“ඊයේ පෙරේදා වර්ථමාණ ජනාධිපතිතුමා අර දුම්කොල බද්ධ සම්මත කරගන්න බෑ. එදා මහින්ද මහත්තයා ජනාධිපති කමේ ඉන්නකොට සම්මත කරගන්න බැරි උනා කියලා නහයෙන් අ`ඩපු වර්ථමාන ජනාධිපති සිරිසේන මහත්තයා දැන් ආයෙත් නාහෙන් අ`ඩනවා බද්ධ දාගන්න බැරි උනා කියලා. පව් සිරිසේන ජනාධිපතිතුමා.. මහින්ද මහත්තයා ජනාධිපති වෙලා මේ රටට තිබුණු ලොකුම ප‍්‍රශ්ණය කොටි යුද්ධය ඉවර කලා. ඒ කාලේ දැන් ඉන්න ජනාධිපතිතුමා බැරි වෙලාවත් ජනාධිපති පුටුවේ හිටියානම් විනාසයි. ජීවිතේට ඒ යුද්දේ දිනන්න වෙන්නේ නෑ.”

“මහින්ද අමරවීර සන්ධානයේ ලේකම්තුමා කියනවා ගම්පහ කද බඩ මහත කෙනෙක් වෙනම පක්‍ෂයක් හදන්න ඕන කියනවලූ එතුමාට කියන්න ඕන ගම්පහ ඉන්නේ හො`දට කන බොන මිනිස්සු. හැබැයි ප‍්‍රතිපත්ති පාවා දෙන මිනිස්සු නෙවෙයි ඔය අමරවීර මහත්තේලා වගේ. අපි මේ පක්‍ෂය කැඩුවේ නෑ. කැඩුවේ එතුමාලගේ නායකයොයි.
රණතුංග මහතා – (ජනතාවගෙන්* – මේ අයගේ ඉල්ලීම මොකද්ද? වෙනම එකක් හදන්න ඕනද නැද්ද?
ජනතාව – හදන්න ඕන.”

“ඔන්න ඕක තමයි ඇත්ත. ඒක තමයි අපි කියන්නේ මිනිස්සුන්ගේ ඉල්ලීම (මහින්ද මහතා දෙන බලමින්* ඔබතුමා පරක්කු වැඩි දැනටමත්. මන් දන්නවා මහින්ද මහත්තයා කැමති නෑ මේවා කියනවාට. කියන්න එපා කියනවා මම නෙවෙයි කියන්නේ මිනිස්සුයි කියන්නේ අද මේ රට වැටෙන තත්වේ දැක දැක නිහඩව ඉන්න මිනිස්සු සූදානම් නෑ. ඒකයි ඇත්ත. ඔය කවුරු සංවිධායක කම්වලට දැම්මත් වැඩක් නෑ. ජනතාව ඉන්නේ අපිත් එක්කයි. ජනතාව අපිව ඉවත් කරනතුරු ඉවත් කරන්න කාටවත් බෑ. අපි මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් ඉක්මනින් ආණ්ඩුවක් හදනවා.”

ප‍්‍රදීප් අනුර කුමාර

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.