Breaking
25 Feb 2025, Tue

නැගෙනහිරින් හකිම් අතුගා දැමේ

නැගෙනහිර පළාතෙන් මුස්ලිම් කොංග්‍රසය අතුගා දමන තුරු රවුෆ් හකීම්ව නායක ධුරයෙන් ඉවත් කළ නොහැකිය”යනුවෙන් උලමා පක්‍ෂයේ නායක ආචාර්ය මුබාරක් මෞලවි ප්‍රකාශ කර තිබේ.

පක්‍ෂයේ ආධාරකරුවන් සමඟ කල්මුණේදී පැවැත්වූ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“උලමා පක්‍ෂය නැගෙනහිර කේන්ද්‍ර කරගත් මුස්ලිම් පක්‍ෂයක් යනුවෙන් ප්‍රකාශ කරන විටදී, නැගෙනහිරට එක් පක්‍ෂයක්, උතුරට එක් පක්‍ෂයක්, දකුණට තවත් පක්‍ෂයක්ද? යනුවෙන් දේශපාලනය නොදන්නා ඇතැම් පුද්ගලයින් විමසයි. නැගෙනහිර පළාතට එක් පළාත් සභාවකුත්, අනෙකුත් පළාත් වලට එක් පළාත් සභාව බැගිනුත් පිහිටුවා ඇත්තේ පරිපාලන පහසුව සඳහාය. නැගෙනහිර පළාත පමණක් මුස්ලිම් ජනතාවගේ බලයට පත්වී ඇති පළාතකි. ඒ හේතුවෙන්, නැගෙනහිර ඡන්ද බැංකුව මගින් නැගෙනහිර ජනතාව ප්‍රතිලාභ ලැබිය යුතුය. නැගෙනහිර පළාතේ මුස්ලිම් පක්‍ෂය නැගෙනහිර නායකත්වයක් යටතේ ශක්තිමත් කර තිබුණහොත්, අනෙකුත් පළාත් වල මුස්ලිම් ජනතාවට එය ශක්තියක් වනු ඇත.

අප නැගෙනහිර නායකත්වයෙන් යුත් පක්‍ෂයක් බව ප්‍රකාශ කරනවා හැර, නැගෙනහිරට පමණක් වූ පක්‍ෂයක් බව කිසිඳු අවස්ථාවක ප්‍රකාශ කර නොමැත. නැගෙනහිර නායකත්වයෙන් යුතු මුස්ලිම් කොංග්‍රසය යම් තරමක් නැගෙනහිර පළාතටත්, අනෙකුත් පළාත් වලටත් සේවයක් ඉටු කරන ලදි. නමුත්, නැගෙනහිර පළාතෙන් පිටත නායකත්වයක් තුලින් නැගෙනහිර මුස්ලිම් ජනතාවට සහ අනෙකුත් පළාත් වල මුස්ලිම් ජනතාවට අයිතිවාසිකම් ලැබෙන්නේ නොමැත.

එවැනි නායකත්වයක් යනු හුදෙක් ආඩම්බර නායකයෙකුව සිටින අතර, තම සමඟ සිටි නැගෙනහිර ජ්‍යෙෂ්ඨ දේශපාලඥයීන්ව නොසලකා නවක තමාට අවනත පුද්ගලයින් ශක්තිමත් කිරීම තුලින් තම නායකත්වයට හානියක් නොවී ආරක්‍ෂා කරගැනීමේ ද්‍රෝහිකම කරයි.

මෙලෙස සිදුවනු ඇතැයි උලමා පක්‍ෂයේ නායකත්වය 2002 වසරේ සිට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටියි. නමුත්, සමාජයට වඩා තම තනතුර පිළිබඳව උනන්දුවක් දැක්වූ නැගෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයින් මේ වන විට පරාජයට පත්ව සිටීමත් ඇතැම් පුද්ගලයින් ජමියතුල් උලමා සභාවෙන් යුක්තිය ඉල්ලා සිටින තත්වයක් උද්ගත වී ඇත. ඒ තුලින්, මෞලවිවරුන්ගේ ආත්මගෞරවය ආරක්‍ෂා කරගැනීමට සහ අයිතීවාසිකම් ලබාගැනීමට නම් උලමා පක්‍ෂය අවශ්‍යය යන්න මේ වන විට සත්‍යයක් වී ඇත.

උලමා පක්‍ෂය ආරම්භ නොකර අපත්, මුස්ලිම් කොංග්‍රසය සමඟ සිටිමින් කිසිඳු සැලසුමක් නොමැති නායකත්වයකට සහයෝගය ලබාදෙමින් සිටියානම්, මේ වන විට අපද ජමියතුල් උලමා සභාව ඉදිරිපිට දණගැසිය යුතු තත්වයක් උද්ගත වීමට ඉඩ තිබුණි. නමුත්, දෙවියන් අපට යහපත් චින්තනයක් ලබාදි ඇති අතර, අපව යහපත් මාර්ගයේ ගෙනයාම හේතුවෙන් අනෙකුත් දේශපාලන පක්‍ෂ සමඟ ඒකාබද්ධ වන තරමට දෙවියන් අපට බුද්ධිය ලබාදී ඇත.

එබැවින්, මුස්ලිම් කොංග්‍රසයේ අතෘප්තියෙන් සිටින පුද්ගලයින් එක් කරුණක් පැහැදිලිව තේරුම් ගත යුතුය. එනම් මුස්ලිම් කොංග්‍රසය නැගෙනහිර පළාතෙන් අතුගා දමන තුරු ඔබලාට රවුෆ් හකීම්ව නායකත්වයෙන් ඉවත් කිරීමට නොහැකිය. එබැවින්, නැගෙනහිර නායකත්වයකින් යුතු උලමා පක්‍ෂය සමඟ ඒකාබද්ධ වී අපගේ භුමියේ අයිතිය වෙනුවෙනුත්, අනෙකුත් පළාත් වල මුස්ලිම් ජනතාව වෙනුවෙන් හඬ නැගීමට සමගියෙන් කටයුතු කරමු” යනුවෙන් මුබාරක් මෞලවි ප්‍රකාශ කර ඇත.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.