Featured

නිතිපති දෙපාර්තමේන්තුවට යන FCID වාර්තා උස්සා හල්ඔලුව කප්පම් මාෆියාවක

පොලිස් මුල්‍ය අපරාධ කොඨඨාශය හරහා සිදුකරන විමර්ශනවල නිතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන රහස්‍ය වාර්තා මුදලට සහ ලිංගික අල්ලස් වලට විකුණමින් සිටින බවට රහස්‍ය වාර්තාවක් අගමැතිවරයාට සහ පොලිස්පතිවරයාට යොමුකර ඇතිබව අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

නිතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන පොලිස් මුල්‍ය අපරාධ කොඨඨාශය සිදුකරනු ලබන විමර්ශනවල රහස්‍ය වාර්තා ජනාධිපතිවරයාට හා එම පවුලට සහ රාජ්‍ය රහස් ලංකා ඊ නිවිස් වෙබ් අඩවියට ලබා දෙමින් සිරිසේන බයකරගත් තුසිත හල්ඔලුව විසින් ලබා ගැනිමෙන් පසුව එම වාර්තා ලංකා ඊයා නිවුස් හරහා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින්අදාළ කප්පම් සහ ලිංගික අල්ලස් ලබා ගැනිම සිදුකරන බව සාක්ෂි සහිතව අනාවරණය වි තිබේ.

පොලිස් මුල්‍ය අපරාධ කොඨඨාශය හරහා සිදුකරන විමර්ශනවල රහස්‍ය වාර්තා පිටපත් අගමැති කාර්යාලයේ විශේෂ එකකයකට හා නිතිපති දෙපාර්තමේන්තුවට පමණක් යොමු කරන අතර තුසිත හල්ඔලුව සහ ලංකා ඊයා නිවුස් එක්ව ගෙනයන මාෆියාව පිළිබඳව තොරතුරු අනාවරණය විමත් සමග කල සොයා බැලිමේදි අදාළ වාර්තා නිතිපති දෙපාර්තමේන්තුව හරහා ලබා ගන්නා බවට අනාවරණය වි තිබේ.

එසේ ලබා ගන්නා වාර්තාවල නම් සදහන් අයට මොහු දුරකථනයෙන් කථා කොට පොලිස් මුල්‍ය අපරාධ කොඨඨාශය සිදුකරනු ලබන විමර්ශනවල නම සදහන් ඇති බවත් එවා මාධ්‍ය මගින් හෙළි නොකිරිමටනම් මුදල් ලබා දෙන ලෙස ඉල්ලා තුසිත හල්ඔලුව තර්ජනය කරන බවටද තොරතුරු අනාවරණය වි තිබේ.

ජනාධිපතිවරයාගේ සහොදරයා වන ටෙලිකොම් සිරිසේන ඉලක්ක කර ලංකා ඊයා නිවුස් හරහා මඩ පිට මඩ ගැසූ තුසිත හල්ඔලුව පසුව එම මඩ ප්‍රහාරයන් නතර කිරිමේ කොන්දේසි මත සිරිසේනගේ ගෙදර මුර බල්ලෙකු වු අතර ලංකා ඊ නිවුස් හරහා පක්ෂයේ සභාපති කම පමණක් නොව ජනාධිපතිකමද රැක දිමට තමන්ට හැකි බව පවසා ඇති හල්ඔලුව සිය දුරකතනයෙන් ලංකා ඊ නිවුස් නාමික කතෘ සදරුවන් සේනාධීරට ඇමතුම් ගෙන් සිරිසේනට කතා කිරිමටද සලස්වන බවද වාර්තා වේ.

http://www.lankanewsweb.today/archives/8343

http://www.lankanewsweb.today/archives/11034

Top