මහින්ද රාජපක්ෂලා සමග සමිප සම්බන්ධතා ඇති අයෙකු දළඳා සමිඳුන්ගේ ආරක්ෂකයා විම ඉතාමත් නුදුරු දිනකදි හිසරදයක් වන බව දැනගත් බෙදුම්වාදී යහපාලකයන් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තනතුර එජාප මෙන්ම මෛත්‍රී-චන්ද්‍රිකා හිතවාදි නෙරංජන් විජයරත්නට ලබාදිමට ඊයේ ජනාධිපති මන්දිරයේ සිට පැය 4ක මෙහෙයුමක් දියත් කර තිබුනු බව අප ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.
ජනවාරි 8 වැනිදා රාජපක්ෂ ආණ්ඩුව පෙරලු සැනින් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා ඉලක්ක කර දැවැන්ත මඩ ප්‍රචාරයක් දියත්කල අතර ඒ සදහා ආතක් පාතක් නැතිව සිටි දුෂණ විරෝධී පෙරමුණ නැමති යන එන මං නැතිව සිටි සිවුරු හැදගත් උලපනේ සුමංගල හිමි, ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්නසිංහද හා ශිරාල් ලක්තිලක වැනි අය යොදවා ගත් අතර ඔහුන් හරහා ලංකා ඊ නිවුස් වෙබ් අධවිය හරහා මඩ ගසා අන්තිමට පොනිල්ගේ නිළ බලු පොලිසිය වන FCID දක්වා නිලංග ගෙන් එමට කටයුතු කල ඔහුන් එය අවසන් කිරිමට උත්සහ කළේ වසර 10කට පසුව එන ඊයේ දිනයයි.(නෙරංජන් විජයරත්න ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තනතුර අපේක්ෂාවෙන් පැමිණි අයුරු පහත Video බලන්න )
වර්ෂ 1931 අංක 19 දරණ විහාර දේවාලගම් අඥා පනතට අනුව දියවඩන නිලමේවරයෙකු තෝරා පත් කර ගැනීම සිදු කළ අතර විහාර දේවාලගම් පනතට අනුව මෙම නිලවරණය සඳහා විහාරාධිපති හිමිවරුන් 150 දෙනෙකු දිස්ත්‍රික්ක 16ක ප්‍රාදේශීය ලේකම්වරු 120 දෙනෙකු ඇතුළු 301 දෙනෙකු මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියා.( ඊයේ අප කල අනාවරණය –මගේ රටට දළඳා හිමි සරණයි…අවලාද පරදා ජයගත් ඔබට අපේ ප්‍රණාමය)
ඊයේ මැතිවරණය ආරම්භ කිරිමට නියමිත වු පස්වරු 1.30 වන විටත් කොළඹ ජනාධිපති මන්දිරයේ සිට ක්‍රියාත්මක වු කල්ලිය පෞද්ගලික අංක හරහා ප්‍රාදේශීය ලේකම්වරු 120 දෙනාටම දුරකතන ඇමතුම් ලබාදි ඇති අතර විහාරාධිපති හිමිවරුන් කිහිප දෙනෙකුටද ඇමතුම් ලබාදි තිබේ.ප්‍රාදේශීය ලේකම්වරු කිහිප දෙනෙකුම අප ඔත්තුකරුවන් සමග පවසා සිටියේ අවසානයේ තමන්ගේ දුරකතන OFF කරන තුරුම ඇමතුම් ලබාදෙමින් සදහන් කර ඇත්තේ යහපාලනයට දුෂණය අරහං නිසා දුෂකයන්ට ඡන්දය භාවිතා නොකර සිටින ලෙසයි.දුෂකයන් කවුරුන්ද යන්න ඔබ හොදින් දන්නා බවද එම ඇමතුම ඔස්සේ අවධාරණය කර අසා තිබේ.
මේ අතර ඊයේ වැඩි ඡන්ද 152කින් නැවත වතාවක් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තනතුර ප්‍රදීප් නිලංග දැලට ලැබිමත් සමග ප්‍රාදේශීය ලේකම්වරුන්ට තර්ජන පිට තර්ජන එල්ල වෙමින් තිබේ.මේ හෙතුවෙන් ප්‍රාදේශීය ලේකම්වරු කිහිප දෙනෙකුම ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අප්‍රසාදය පලකර තිබේ.
ජනාධිපති මන්දිරයේ සිට ක්‍රියාත්මක කුමන්ත්‍රණට අමතර ජනතාව ප්රතිකේෂ් කල ලංකා ඊ නිවුස් සුපුරුදු පරිදි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල ඉලක්ක කර මඩ ප්‍රහාරයක් දියත් කර තිබු අතර සුපුරුදු පරිදි එම මඩ ප්‍රහාරය එල්ල කර තිබුනේ 8 පාස් නැති මැස්සෙක් වන තුසිත හල්ලොලූවය. ජනාධිපති මන්දිරයේ සිට ක්‍රියාත්මක කුමන්ත්රණයේද තුසිත හල්ලොලූව කොටස් කාරයෙකි.
උපුටා ගැන්ම ගඳරුවන් upload කරන 8 පාස් නැති මැස්සා ලියන නාටක (පහත රතු පාටින් ඇති කොටස හොදින් කියවන්න මේ දිනවල ඇමතිවරු පත්කිරිමේදි එය අකුරටම ඉටුකර තිබේ. ) 8 පාස් නැති මැස්සෙක් ගිය උඩ……..
ඉතිහාසයේ පළමු වතාවට පසුගිය දියවඩන නිලමේ ඡන්දයේදී අල්ලස ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වූයේය, ඡන්දයට පෙර මුදලින් ලක්ෂ 3 ක් ද ඡන්දයෙන් පසු මුදල් කර ගත හැකි ලෙස දින දැමූ චෙක්පතක් ද ලෙස වර්තමාන දියවඩන නිලමේ වන නිලංග දෑල අල්ලස් වශයෙන් බෙදූ අතර ඔහු චන්ද 199 ක් ලබා ගන්නා ලදී.
එදා අල්ලස් ගත් ප්‍රාදේශීය ලේකම්වරු බොහෝ අය අද විශ්‍රාම ගොස් ඇති අතර, නීලංග දෑල එම ඡන්දයට මිලියන 20-25 ක් පමණ වියදම් කළ බව ලංකාදීප පුවත්පත සමග කළ සාකඡාවේදී (2013 මාර්තු10 ඉරිදා) ප්‍රකාශ කර ඇත (සත්‍ය ලෙසම එම මුදල ඊට වඩා වැඩිය).
ජනතාව දන්නා පරිදි ඉන් පසු ඔහු ඊට වඩා කිහිප ගුණයක් හම්බ කරගත් බව ඔහුට විරුද්ධව එල්ල වුනු චෝදනාවලින් සහ නඩුවලින් පැහැදිලිය, මහනුවර අධිකරනයේ ඔහුට විරුද්ධව තිබූ නඩුවකට පෙනී සිටියේ වර්තමාන යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය වන තිලක් මාරපණ මහතාය.
මේ වන විටත් නීලංග දෑල ට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාශය පරීක්ෂණයක් අරඹා ඇති අතර මහනුවර අධිකරණයේ ‘බී‘ වර්තාවක් ද ගොනු කර ඇත.
කරුණු එසේ තිබියදී මේ වාරයේත් නීලංග දෑල ගෑස් කුකරයක්, ගෑස් සිලින්ඩරයක් සමග රුපියල් ලක්ෂ 03 ක් බෙදා හැර ඇත. කිසිදු හිරිකිතයක් නැතිව ප්‍රාදේශීය ලේකම් වරු බහුතරයක් ඒවා ලබාගත් අතර, අතේ ඇඟිලි ගණනට වඩා අඩු සුළු පිරිසක් ඒවා ප්‍රතික්ෂේප කර ඇත. මේ අල්ලස් රාජකාරිය සඳහා දළදා මාලිගාවේ සේවය කරණ දැනට විශ්‍රාමික හිටපු ප්‍රාදේශීය ලේකම්වරයෙකු සහ මාලිගාවේ මාධ්‍ය ලේකම් වන ක්‍රිශාන්ත හිස්වැල්ල නැමැත්තා ද සහභාගී වී ඇත.
මීට නොදෙවෙනි තරඟකාරී අල්ලස් දානය අරඹා ඇත්තේ වත්මන් නාථ දේවාලයේ බස්නායක නිලමේ වන ගයාන් හීංකෙන්දය, කඩුගන්නාව-ගනේතැන්න මාර්ගයේ ඇති තම පවුලට අයත් හෝටලය බැංකුවේ උගසට තබා කෝටි 3.5 ක මුදලක් ගෙන ඉන් ලක්ෂ 2 බැගින් අල්ලස් ලෙස බෙදා දී තිබේ.
මේ සා මුදලක් වියදම් කර භාරකාරයෙකු බවට පත්වන්නට යන්නේ කුමකටද බව නීලංග දැල විසින් ම පසුගිය කාළය තුළ බෞද්ධ සමාජයට ඔප්පු කර පෙන්වා ඇත.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමටත්, මූල්‍ය අපරාධ කොට්ඨාශයටවත්, රහස් පොලිසියටවත්, මේ පිලිබඳ කටයුතු කිරීමට පැමිණිලි කරන තුරු සිටිය යුතු නම් යහපාළනය පිලිබඳ සිහින දකින ජනතාවට ප්‍රශ්ණයක් පැණ නැගීම ස්වභාවිකය.
කෙසේ වෙතත් මෙම වසර සුපිරිසිදු ගමණක් උදෙසා සියළු ශ්‍රී ලාංකිකයින් ජාති ආගම් භේදයකින් තොරව ස්වකීය පුද්ගලික අපේක්ෂාවන් කැපකර යහපත් ආකල්පයකින් සැදී පැහැදී සිටියත්, රාජ්‍යයේ තුන්වැනි මට්ටමේ රාජ්‍ය නිලධාරීන් රොත්තක් අපූරුවට යහපාලනයට සිය පශ්චාත් භාගය පෙන්වා ඇත.
අනෙක් අතට සිව්පසයට මුවා වී අල්ලස සමග සතර අගතියට පත්වන සංඝරත්නය කෙරෙහිද ජනතාව සංවේගය පළ කළ යුතු අතර අනාගතයේ යහමින් මුදල් බෙදිය හැකි ජේම්ස් පැකර් උපාසක මහතා වැන්නකු වුවත් දියවඩන නිලමේ තනතුරට පත් වුවහොත් ඒ ගැන ජනතාව පුදුමයට පත්විය යුතු නැත.
අනෙක් අතට මුදලට දියවඩන නිලමේ ධූරය විකිනීමේ නවතම සම්ප්රදාය ආරම්භ කරණ ලද කාල වකවානුවත් ඒ කාලය තුල තනතුරු දැරූ සංඝයාවහන්සේ ගැනත් දළදා වරුනේ සහ මහාවංසයේ කලු පැහැයෙන් ලියා තැබීම ද කාලෝචිතය.
මෙනිසා ප්‍රසිද්ධියේ කෙරෙන මෙම අල්ලස් සහිත දූෂිත කටයුත්ත විධිමත් කිරීම අභිනව ආණ්ඩුවේ මංගල කාර්ය විය යුතුය, තරා තිරම නොබලා වැරදි කරන්නන් හට දඬුවම් දෙන බව ප්‍රකාශ කළ ජනපති දැන් වැඩ ඇරඹිය යුතුය, දැනටම අල්ලස් ලබාගෙන ඇති ප්‍රාදේශීය ලේකම්වරු හට නීතිය ක්‍රියාත්මක කළ යුතුය.
මෛත්‍රී ජනාධිපතිත්- රනිල් අගමැතිත් අභිනවයෙන් දිවුරුම් දීමෙන් පසු ආශීර්වාද ලබාගැනීම උදෙසා පළමුවට පැමිණි ස්ථානය දූෂණයේ තෝතැන්නක් වන්නට ඉඩ නොහරින ලෙස බෞද්ධයන් ලෙස අප ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමු.