Featured

නිලංග දෑල අත් අඩංගුවට ගන්න යහපාලන ගහලයෝ කුමන්ත්‍රණයක

මහින්ද රාජපක්ෂලා සමග සමිප සම්බන්ධතා ඇති අයෙකු දළඳා සමිඳුන්ගේ ආරක්ෂකයා විම ඉතාමත් නුදුරු දිනකදි හිසරදයක් වන බව දැනගත් බෙදුම්වාදී යහපාලකයන් මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තනතුර එජාප මෙන්ම මෛත්‍රී-චන්ද්‍රිකා හිතවාදි නෙරංජන් විජයරත්නට ලබාදිමට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ වශයෙන් පත්වූ නිලංග දෑලට එරෙහිව ජනාධිපති මන්දිරයේ සිට ක්‍රියාත්මක කල කුමන්ත්‍රණ සියල්ල පරාජය විමෙන් පසුව දිගින් දිගටම නිලංගට මඩ ගැසු මෛත්‍රී බත් බැලයන් නිලංගට එරෙහිව අල්ලස් චොදනා එල්ල කොට අත් අඩංගුවට ගැනිමට සියුම් කුමන්ත්‍රණයක් දියත් කර තිබේ.

කුමන්ත්‍රණ අනාවරණ – ජනාධිපති මන්දිරයේ පැය 4ක කුමන්ත්‍රණය මාට්ටු-කුජිත වු හැලපයෝ නිලංග දැලට මඩ ගසයි

රසික සුදන්ත නැමති රවි කරුනාණායකගේ හා විජෙදාස රාජපක්ෂගේ පඩි ලබන ගස් ගොබිලා යොදවා දළදා වහන්සේ අල්ලසට යට කිරීමට කටයුතු කල බව පවසමින් නිලංගට  එරෙහි හර්තාලය කිරිමටත් ජනපතිට අගමැතිට හිටපු ජනපතිනියට පෙත්සම ගැසිමටත් කටයුතු කර තිබේ.

ඒ අනුව දියවඩන නිලමේ ඡන්දයේදී සිදුකළ බරපතල අක්‍රමිකතා දූෂන නිසා දළදා වහන්සේගේ ගෞරවයට එල්ල වූ හානිය ගැන සාධාරණ පරීක්ෂනයක් සිදුකරන්නැයි ජනාධිපතිවරයාගෙන්ද, අගමැතිවරයාගෙන්ද, හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග,  බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ, මුදල් ඇමැති රවි කරුණානායක,රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාරගෙන්ද, ඉල්ලා ලිපි යවා තිබේ.

 

Top