Anonymous Reporter

නිලධාරින්ට මැර තර්ජන, SLS නොමැති ප්‍රමිති අධ්‍යක්ෂ ජනරාල්වරිය තනතුර රැක ගැනිමේ මෙහෙයුමක!

ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය තමන් යටතේ සිටින ඉහළ නිලධාරීන්ට පවා තර්ජනය කරමින් සිටින බව එම ආයතනයේ ඉහල නිළධාරින් අනාවරණය කර තිබේ.ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන සිද්ධිකා ජී සේනාරත්න තමන්ට අවශ්‍ය ආකාරයෙන් කටයුතු කිරීමට බලපෑම් කරමින් සිටින අතර එය ප්‍රතිකේෂ්ප කරන නිළධාරින්හට මේ අකාරයට තර්ජනය කරන බවයි අනාවරණය වි ඇත්තේ.

බිලියන 10කට වැඩි සිනී බදු වංචාව සම්බන්ධයෙන් පසුගියදා බිල්ලට දුන් සභාපති නුෂාඩ් එම් පෙරේරා මේ වනවිට ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර එහි අමාත්‍යවරයා ලෙස කටයුතු කරනුයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයි.

මේ වන විට විවිධ නිෂ්පාදන සඳහා ප‍්‍රමිති සහතික ලබා දීමේ දී මෙන්ම ප‍්‍රමිතිය පරීක්ෂා කිරීමට නියෝජිතයන් විදෙස්ගත කර වීමේ දී අක‍්‍රමිකතා රැසක් සිදුව ඇති ඒ සම්බන්ධයෙන් කිසිවක් මාධ්‍යයට ප්‍රකාශ නොකරන ලෙස පවසමින් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ට තර්ජනය කර තිබේ. මේ අතර ප‍්‍රචාරක අංශයේ අධ්‍යක්ෂිකාවට මාධ්‍ය ඉදිරියේම බලපෑම් කර ඇති අතර, ඇය විසින් එසේ ප‍්‍රකාශ කිරීම ප‍්‍රතික්ෂේප කළ විට මාධ්‍ය ඉදිරියේම ඇයට බැණවැදී ඇත්තේ තමන්ගේ අණට යටත් විය යුතු බවට තර්ජනය කර තිබේ.

රජයේ විමර්ශනයකට හෝ මාධ්‍ය හමුවේ කිව යුත්තේ තමන් විසින් ලබාදෙන පිළිතුරු පමණක් බවත් ලබා දිය යුතු පිළිතුරු අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් සකස් කර දීමට කටයුතු කර තිබේ.

News One දේශපාලන වාර්තාකරු මේ සම්බන්ධයෙන් කල සොයා බැලිමේදි ජනාධිපතිවරයා විසින් ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සදහා විශ්‍රාමික හමුදා නිලධාරියෙකු පත්කිරිම සදහා සුදානමක් පවතින බවට වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරියට දැන ගැනිමට ලැබි ඇති බවත් තමන්ගේ තනතුර බේරා ගැනිම සදහා අධ්‍යක්ෂක මණ්ඩලයට තර්ජනය කිරිම ආරම්භ කර ඇති බවත් ය.

බඳවා ගැනීමේ සුදුසුකම් පවා සපුරා නොමැති අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ඥාති සංග්‍රහ සම්බන්ධයෙන් එහි සේවකයන්, සේවක සංගම්, විගණකාධිපතිවරයාට, විෂයභාර ඇමතිවරයාට පමණක් නොව ජනාධිපතිවරයාට ද ලිඛිතව මේ පිළිබඳව දැනුම් දී තිබේ. එහෙත්, තවමත් ඊට ද නිසි පිළිතුරක් ලැබී නොමැත.

මෙරට සබන් නිෂ්පාදනය කරන තවත් සමාගමක් යුනිලීවර් සමාගමට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණයේ පනවා ඇති 29/2018/ IP දරන නඩුවේ අතුරු ඉන්ජන්ෂන් ඉල්ලීම සම්බන්ධයෙන් 2019.02.15 දින නිකුත් කර ඇති නියෝගය මඟින් කරුණු රැසක් අනාවරණය වී තිබේ. ඒ අනුව ලොව සමස්ත සෝඩියම් ඩොඩෙසයිල් බෙන්සීන් සල්ෆොනේට් රසායනිකයේ නිෂ්පාදනයෙන් 95%ක් පමණ භාවිත වනුයේ, රෙදි සෝදන කුඩු සඳහා වන අතර, ඉතිරි 5%න් වැඩි කොටසක් ඩිෂ් වොෂ්, කාර් වොෂ් සහ කාපට් ක්ලීනර් වැනි නිෂ්පාදන සඳහා භාවිත වන බවත් ‘ලක්ස්’ සහ ‘ලයිෆ්බෝයි’ සඳහා ඩිෂ්වොෂ්වලට භාවිත කරන ප්‍රමාණයටත් වඩා එම සංයෝගය භාවිත වන බවත් හෙළි වී තිබේ.

මෙම රසායනික සංයෝගය භාවිත කිරීම නිසා යුනිලීවර් සමාගම වසරකට රුපියල් මිලියන 300ක පමණ අමතර ලාභයක් උපයා ගන්නා අතර, එමඟින් මෙරට ජනතාවගේ අක්ෂි සෞඛ්‍යය බරපතළ අවදානමකට ලක්ව තිබියදිත් ප්‍රමිති ආයතනය සබන් සම්බන්ධයෙන් ඇති මේ ගැටලුකාරී තත්ත්වයට මැදිහත් නොවන අතර ඊට හේතුව අමුතුවෙන් ජනතාවට කියා දියයුතු නැත.

විදෙස් රටවලින් මෙරටට ගෙන්වන ආහාර ද්‍රව්‍ය, ගොඩනැඟිලි ද්‍රව්‍ය පමණක් නොව මනුෂ්‍ය පරිභෝජනයට යොදා ගන්නා වෙනත් ද්‍රව්‍යවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලබා දෙන සහතිකය පිළිබඳ පසුගිය කාලය පුරාම සැක මතුවු අතර ඒ සම්බන්ධයෙන් එම භාණ්ඩ ආනයනය කරන රටවලට ගොස් ඒවායේ තත්ත්වය පරීක්ෂා කිරිම සදහා ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය මැදිහත් වි භාණ්ඩ පිළිබඳ විශේෂඥ දැනුමක් නොමැති යොමු කිරිම ඊට ප්‍රධානතම හේතුව වි තිබුනා.

සිමෙන්තිවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ඉන්දියාවට සහ පාකිස්ථානයට පිටත් කර යවා තිබුනේ ආහාර පිළිබඳ විෂය දැනුමක් ඇති පුද්ගලයන් විම හරහා එය මැනවින් තහවුරු වි තිබේ.

Top