Featured

නිල් අලි පැටව් හදන්නේ ජනතාව රවට්ටන්න -අම්ම මුත්තා කිව්වත් වැට් පනතට අපේ සහාය නෑ

ජනතාව පීඩාවට පත් කරන යහපාලන ආණ්ඩුව රැකීමට ඉදිරිපත්ව සිටින නිල් අලි පැටවුන් ඒ සදහා කටයුතු කරන්නේ ජනතාවට ඇති ආදරය නිසා නොව තම තනතුරු හා වරප‍්‍රසාදවලට ඇති කෑදරය නිසා බව පෙන්වා දෙන රණතුංග මහතා ඔවුන් සැබැවින්ම ජනතාවාදීනම් තව දුරටත් ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩ පිලිවෙලට සහාය නොදක්වා ඉන් ඉවත්විය යුතු බවද අවධාරණය කරයි. උඩුගම්පල ප‍්‍රසන්න රණතුංග මහතාගේ නිවසේදී අද (09)පැවති කි‍්‍රයාකාරී හමුවකදී රණතුංග මහතා මේ බව සදහන් කලේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ප‍්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

යහපාලන ආණ්ඩුව දිගින් දිගටම ජනතාව පීඩාවෙන් පීඩාවට පත්කරමින් සිටිනවා. වැට් සංශෝදනය හරහා ආණ්ඩුව හදන්නේ ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමටයි. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා බලයට පත්වන විට කීවේ මේ රටේ ජනතාවගේ සාක්කු සල්ලිවලින් පුරවන බවයි. ඒත් අද සිදුවන්නේ ජනතාවගේ ඇස්වලට වැලි ගසා ඔවුන්ගේ සාක්කුවේ තිබෙන සොච්චමත් මංකොල්ල කෑමයි. වැට් සංශෝධන පනත ආණ්ඩුව ගෙනෙන්නේ මේ මංකොල්ලය නීතිගත කර ගැනීම සදහායි. කණගාටුදායක තත්වය තමයි රනිල් සමග යහන්ගතවෙලා ඉන්න නිල් අලි පැටව් මේ ආණ්ඩුව රැක ගැනීමට රෙදි නැතුව කඬේ යාම. ආණ්ඩුවට සහාය දෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන්ට අපි කියන්නේ තව දුරටත් ජනතාව රවටන්නේ නැතිව ඉන් ඉවත්වන ලෙසයි. වැට් පනතට සාධනීය සංශෝධන ගෙන එන බවට මේ නිල් අලි පැටවුන් කරන ප‍්‍රකාශ ජනතාව රැවටීමක්. මේ අය කටයුතු කරන්නේ තමන්ගේ වරප‍්‍රසාධ වරධාන රැකගන්න මිසක් ජනතාවට සේවය කරන්න නෙමෙයි.

අද මේ ආණ්ඩුව රටට කරන විපත්තියට ආණ්ඩුවේ ප‍්‍රධාන පාර්ශවකරුවෙකු වන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන්ටද වගකියන්න වෙනවා. ආණ්ඩුවේ සිය`ඵ පව්වලට කරගහන්නයි අද අපේ පක්‍ෂයට වෙලා තියෙන්නේ ආණ්ඩුවත් එක්ක දීගෙක යන්න අපිට ජනතාව ඡුන්දය දුන්නේ නෑ. අපිට එහෙම ජනවරමක් නෑ. ජනවරමක් නැති දීගෙක ගිහින් අද ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අනන්‍යතාවය විනාශ වෙමින් තිබෙනවා. මේ තත්වය අපේ පක්‍ෂයේ නායකයන් වටහා නොගැනීමයි කණගාටුව . ආණ්ඩුවට මුක්කු ගහලා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවන්න බෑ.

අද මේ රට මුහුණ දෙමින් සිටින්නේ බරපතල අභියෝගයකට බටහිර රටවල් සහ දෙමල ඩයස් පෝරාව රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව එදා යුද්ධයෙන් දිනා ගැනීමට නොහැකි වූ ඊලම අද උපක‍්‍රමික ලෙස ලබා ගැනීමට උත්සහ කරනවා. නව ව්‍යවස්ථාවක් පිලිබද කි‍්‍රයාවලිය සදහා රාජ්‍ය නොවන සංවිධාන විවිධ ලෙස මැදිහත් වෙමින් සිටිනවා. ඔවුන්ට අවශ්‍ය රට බෙදන්නයි. යහපාලන ආණ්ඩුවත් රට බෙදීමේ කි‍්‍රයාවලියට වක‍්‍රව ආශිර්වාද කරන බවයි ඔවුන්ගේ හැසිරීමෙන් පෙනෙන්නේ. උතුරු නැගෙනහිරට අවශ්‍ය විදියට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා හදන්න බෑ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කල යුත්තේ බටහිරට දෙමළ ඩයස් පෝරාවට හෝ රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය පරිදි නොවෙයි. එය සකස්කල යුත්තේ රටට හා ජනතාවට අවශ්‍ය පරිදියි.

මම පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයෙක්. මගේ ස්ථාවරය වෙන්නේ ඉඩම් හා පොලිස් බලතල කිසිසේත් පළාත් සභාවලට ලබා නොදිය යුතුයි යන්නයි. ඒ වගේම පරිපාලනමය බලය යම් මට්ටමකින් පළාත් සභාවලට ලබා දුන්නත් මධ්‍යම රජයත් සමග සහයෝගයෙන් පළාත් සභා කටයුතු කල යුතුයි. එහෙම නොවුනොත් අනවශ්‍ය ප‍්‍රශ්ණ ඇතිවෙන්න පු`ඵවන්. පහුගිය කාලේ උතුරු පළාත් සභාව හැසිරුණු ආකාරය කිසිසේත් අනුමත කල නොහැකියි. 2015 ජනවාරි 08 වෙනිදා මහින්ද මහත්තගේ පරාජයත් එක්ක කොටි ත‍්‍රස්තවාදයට එහෙම නැත්නම් බෙදුම්වාදයට නව පනක් ලැබුණා. උතුරේ හමුදාව බැරැක්කවලට සීමා වුණා. හමුදා කදවුරු ඉවත් කෙරුණා. කොටි ත‍්‍රස්තවාදීන් නිදහස් කලා. රණ විරුවන් සිරගතකලා. ජාතික ආරක්‍ෂාව බිද වැටුනා. ඇතැමුන් උත්සහ කලේ ප‍්‍රභාකරන් වලෙන් නැගිටවලා නැවතත් රට දෙකඩ කරන්න. ඒ ඇතිවූ තත්වයට සම්පූර්ණයෙන්ම වගකියන් ඕනෑ වත්මන් ආණ්ඩුව.

අපිට අණ පනත් වෙනස් කරන්න පු`ඵවන්. ඒත් රට බෙදුනොත් නැවත එය නිවැරදි කරන්න නොහැකි වේවි. ඒ නිසා මේ ආණ්ඩුවට තවත් ඉදිරියට යන්න ඉඩ දෙන්න බෑ. රටේ දරුවන්ගේ අනාගතයේ නාමයෙන් මේ ආණ්ඩුව ගෙදර යැවීමට කාලය එලබිලා. ඒකාබද්ධ විපක්‍ෂයේ අපි කටයුතු කරන්නේ ඒ අවශ්‍යතාවය වෙනුවෙන්.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කිඹුල් කදුලූ හෙලමින් බලයට පත්වූ මේ ආණ්ඩුව අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය වල පල්ලට යවමින් තිබෙනවා. ජනතාවගේ ඡුන්ද අයිතිය උදුරගෙන ඒකාබද්ධ විපක්‍ෂයට කොතරම් බියවෙලාද කිව්වොත් එහි ක‍්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කරන්න යහපාලන ආණ්ඩුව දන්න සෙල්ලම් ඔක්කොම දානවා. පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව කල් දාන්නේ වෙන මොකවත් නිසා නෙමෙයි. මැතිවරණයෙන් පරාජය වන බව සක් සුදක්සේ පැහැදිල් වෙන නිසා. අද ජනතාව බලාගෙන ඉන්නේ

Top