Breaking
12 Feb 2026, Thu

නීතිවිරෝධී ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීමට නාවික හමුදාවෙන් මෙහෙයුම්

2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 18ක් සහ ඉන්දීය ධීවරයින් 146ක් අත්අඩංගුවට ගෙන ඇත.

නවතම සිදුවීමක් ලෙස ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 21 දෙනෙකු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.

නාවික හමුදාව පැවසුවේ, ඉන්දීය ධීවර යාත්‍රා ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පළවා හැරීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ය.

විදේශීය ට්‍රෝලර් යාත්‍රා වල නීතිවිරෝධී ධීවර කටයුතු මැඩලීමේ අරමු‍ණෙන් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.