Breaking
24 Feb 2025, Mon

නීති ඉතිහාසයේ වාර්තාවක් තබයි… බොරු කී එවුන් වෙනුවෙන් තීන්දුවකට ජනතා අධිකරණය සුදානම්

ලංකාවේ නීති ඉතිහාසයේ වාර්තාවක් තබමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි බුද්ධි අංශ නිලධාරීන් තිදෙනා ඇතුළු විත්තිකරුවන් පස්දෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළ නඩුව අවසන් වූයේ අද අලූයම 12.35ට පමණය.

ජූරි සභාවක් ඉදිරියේ විභාගවූ නඩුවක් එක් දිනක් තුළ දීර්ඝතම කාලයක් විභාග කළ අවස්ථාව ලෙස මෙය ඇතැමුන් හඳුන්වන අතර මීට පෙර බදුල්ලේදී රාත්‍රී 11.30වන තුරු එවැනි නඩුවක් විභාගයට ගෙන තිබෙනවා.

navy-int-shani-1ඊයේ (23) උදෑසන 10.00ට නඩුව විභාගයට ගත් අතර පැමිණිල්ලේ සහ විත්තියේ දේශණ සහ කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලකගේ දේශනය ද පැවැත්වුණේ මෙම දිනය තුළදීයි.

මෙහිදී විත්තිකරුවන් නිවැරදිකරුවන් ලෙසට ඒකමතිකව නිගමනයකඑළඹි බව සාමාජිකයින් හත් දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවේ සභාපතිවරයා මහාධිකරණයේදී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මෙම නඩුවේ පළමු විත්තිකරු දැනට මියගොස් ඇති බැවින් මෙම තීන්දුව ඔහුට අදාළ නොවන බවයි ප්‍රකාශ කෙරුණේ. නඩුවේ පළමු සාක්ෂිකරු ලෙසට රජයේ සාක්ෂිකරුවෙකු වන ප්‍රීති විරාජ් මනම්පේරි නමැත්තා නම්කොට තිබූ අතර ඔහු ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස රාජකාරී කළ පුද්ගලයෙක්.

නඩුවේ විත්තිකරුවන් එම ඝාතනයට හවුල් වූ බවට රජයේ සාක්ෂිකරු අධිකරණයේදී සාක්ෂි ලබා දී තිබුණා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන චෝදනා 5ක් යටතේ චූදිතයින්ට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා ගොනු කර තිබූ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. ඒ අතරින් නඩුවට පෙනී සිටියේ ප්‍රසාද් චන්දන කුමාර, ගාමිණී සෙනෙවිරත්න සහ ප්‍රදීප් චාමින්ද නමැති තිදෙනා පමණයි. ඔවුන් නාවික හමුදාවේ හිටපු බුද්ධි අංශ නිලධාරීන් වනවා.

සෙසු චූදිතයින් තිදෙනා වන පලගසාමි සුරේෂ්, සිවකාන්තන් විවේකානන්දන් සහ රොයිස්ටන් ටුසේන් නමැති විත්තිකරුවන් අධිකරණය මගහරිමින් සිටි අතර ඔවුන් නොමැතිව නඩු විභාගය සිදුකෙරුණා. එලෙස අධිකරණය මගහරිමින් සිටි විත්තිකරුවන් තිදෙනා එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් වෙන් වූ කරුණා පාර්ශ්වයේ සාමාජිකයින් බවයි පැවසෙන්නේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් සහ ඔහුගේ රියදුරා ඝාතනය කෙරුණේ 2006 වසරේ නොවැම්බර් මස 9 වෙනිදා නාරාහේන්පිට ප්‍රදේශයේදීයි. මෙම නඩුව අධිකරණ නිවාඩු කාලසීමාව ද නොතකමින් අඛණ්ඩව විභාගයට ගැනුණා.

මේ අතර ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග සේවය අත්හිටවූ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න ඊයේ (23) සිට යළි සේවයේ පිහිටුවීමට යුද හමුදාව පියවර ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු වසරකටත් අධික කාලයක්‌ රක්‌ෂිත බන්ධනාගාරගතව සිටි ඔහු ඇප මත මුදා හැරීමට පසුගියදා අවිස්‌සාවේල්ල මහාධිකරණය නියෝග කර තිබිණි.

එසේ ඇප ලැබීමෙන් පසු ලුතිනන් කර්නල් ශම්මි කුමාරත්න යළි සේවයේ පිහිටුවීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත සිල්වා කටයුතු කර ඇත.

(අධිකරණ තීන්දුවලට අදාළ ජනතා මතය අප විසින් අර්ථ නොදක්වන අතර මේ දක්වා අප  නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් කල අනාවරණයන් ඔබගේ තින්දුව සදහ යොමුකරනු ලැබේ..)

ඔලමොට්ටල පැඩි ෆිල්ඩ් මාෂල් රවිරාජ් ඝාතනයෙන් ගැලවිමේ සුදානමක – ගෝඨාභය,කරන්නාගොඩ බිල්ලට දෙන්න යයි

http://www.sinhala.lnwtoday.com/archives/325

ෆිල්ඩ් මාෂල් ෆොන්සේකා හමුදා නිළධාරි බිල්ලට දෙයි

http://www.sinhala.lnwtoday.com/archives/661

සන්ධ්‍යාට කෙලවේ, යුද හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් මුදාහරී ….ප්‍රගීත්ගේ සැබෑ ඝාතකයා අමතකද?

http://www.sinhala.lnwtoday.com/archives/13316

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.