ලෝකයා

නු/එළියේ ගිය ජොන් බාස් පැය 3ක් අතුරුදහන්

ඉඩම් හිමියෙකුගෙන් ගත් ලක්ෂ 40ක මුදලකට වත්තල ශරීර සුවතා මංතිරුව ගලවා දමා පසුව ජනතාවගේ විරෝධය හමුවේ රජයේ වියදමින් ඉදිකිරිමට පවරා පසුගියදා නුවරඑළියේ සැප ගන්න ගිය ව්‍යාග්‍ර ජොන් හේවත් ජොන් අමරතුංග අමාත්‍යවරයා ආරක්ෂකයන් සහ පවුලේ කිහිප දෙනෙකුද මගහැර ගොස් පැය 3ක පමණ කාලයක් අතුරුදහන් ව සිටිමේ සිද්ධියක් වාර්තා වේ.

ජොන්ගේ විස්වාසවන්ත රියදුරු සමග නුවරඑළියේ ඉතාමත් ප්‍රසිද්ධ හෝටලයකට ගිය ජොන් කොළඹ සිට පැමිණි කිසියම් කෙනෙකු සමග තනිවම සාකච්ඡාවකට එක්වි ඇති අතර  පසුව පැය 3කට පසුව හිමිට සිය අරක්ෂකයන් සහ පවුලේ අය සිටි ස්ථානයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ දිනවල ජොන් බාස් සමග හිත හොදමදි නියෝජ්‍ය අමාත්‍යවරයෙකුද සිය අවුරුදු කැමෙන් පසුව නුවරඑළියේ සංචාරය කර ඇති අතර දෙදෙනාම මුහුණට මුහුණ හමුවුවද වචනයක්වත් කතා කර නැති බවද වාර්තා වේ.

මිට පෙරද ජොන් අමරතුංග අමාත්‍යවරයා කාන්තාවක් සමග ලිංගිකව එක්වීම සදහා වැඩිපුර ව්‍යාග්‍රා පෙති ලබා ගැනිම නිසා රෝහල් ගතවිමට පවා සිදුවුනා.

‘දෙයියනේ මම කොහොමද මේ විදියට රෙද්දක් ඇඳන් ඉස්පිරිතාලෙ යන්නෙ’… එතුමා ඇඬුවෙ නැතුව විතරයි…’බයවෙන්න එපා මම එක්ක යන්නම්…” නෝන ගට්ස් අරන් කිව්ව… ඊළඟට මෙතුමා ඇඳන් හිටපු කලිසම ගලවල සරමට බැස්ස…. නෝන කලිසම අතට ගත්ත. නෝනගෙ වාහනෙන්ම නාරාහේන්පිට පැත්තෙ සුපිරි රෝහලකට සම්ප්‍රාප්ත වුණා….

ඒ කතාව කියවන්න –සරම ඉස්පිරිතාලෙ තියා ජෝන් පොලිස් (…)බස්සන් ගෙදර යයි

මේ අතර හිටපු ඇමැතිවරයකුගේ බිරිය පසුගිය සෙනසුරාදා නුවරඑළියේ සීතල මැදුරක දී සාදයක දී හිටි ගමන් කෝපයෙන් පිපිරෙමින් බැන වැදුනාය. එහි සාදයට පැමිණි ඉහළ පෙළේ අමුත්තෝ මේ සිද්ධියෙන් මුහුණුට මුහුණ බලා සිදු වන්නේ කුමක්දැයි ගල් ගැසී බලා සිටියහ. 18 වැනි සියවසේ හමුදාපති වෙනුවෙන් ඉදිකළ මේ මැදුර දැන් මැති ඇමැතින්ගේ නිවහනයි.

වක්කඩක් කැඩු කලක මෙන් ඇගේ කෝපය උතුරා ගියේය. ඇගේ සැමියාට රජය නොසලකන බවට චෝදනා කරමිනි. හිටපු ඇමැතිගේ බිරිය විටින් විට මෙසේ කෝපාග්නිය පිට කරමින් මේ විදියට හැසිරෙන බව කියති.

ඇගේ තරහ උතුරද්දී ඇමැතිවරුන් කිහිප දෙදෙනෙකු ඇතුළු සම්භාවනීය අමුත්තෝ පිරිසක් ද වුහ. නුවරඑළියේ අශ්ව රේස් ඇතුළු උත්සව නිසා සෙනගින් පිරි පවති. පැරණි හමුදාපති නිවසේ සිටි කිසිවෙක් දේශපාලඥයාගේ බිරිය සන්සුන් කිරිමට ඉදිරිපත් නොවුහ. එයට හේතුව ලෙස දැන ගන්නට ලැබුණේ ඇයට බරපතල ලෙස කේන්ති යාමලු. අතීතයේ දී ඇයගේ මෙවැනි ක්‍රියා නවත්වන්නට උත්සාහ කළ අය රෝහලේ නතර වු බව ද ඔවුහු කියති. ‘එක නිසා අපි ඈතින් බලා සිටියා’ යැයි සිද්ධිය සියසින් දුටු අමුත්තෙක් කීවේය.

S4450024 (2)JONE_NELIYA

Top